කොරෝනා නිසා පැනවූ සිමා ලිහිල් කිරීම සම්බන්දව අද වන විට ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ගත් වැදගත් තීරණ

FIFO workers are screened for COVID-19 at a drive through Mineral Resources testing facility in Perth.

FIFO workers are screened for COVID-19 at a drive through Mineral Resources testing facility in Perth. Source: AAP

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ලබන සඳුදා සිට (25 May) මුහුණට මුහුණ ලා සිදුකෙරෙන පංතිකාමර අධ්‍යාපනය පාසල්වල ආරම්භ කෙරෙන බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian අද (19) උදෑසන පවසා සිටියාය.

මෙවැනි වසංගත තත්වයක් යටතේ පාසල් වසා දැමීම සාමාන්‍ය දෙයක් බවත්, පාසල් විවෘත කල පසුවද වසංගත තත්වය හේතුවෙන් යම් ක්‍රියාමාර්ග ගැනීමට සිදුවුවත් ඒවාද සාමාන්‍ය දෙයක් වනු ඇති බවටද ප්‍රාන්ත අගමැතිවරිය ප්‍රකාශ කොට සිටියාය.

අද (19 May) වන විට නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා අසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 3076 ක් ලෙසට වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 47 කි. ඊයේ දවස තුල ප්‍රාන්තයෙන් අළුතෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2කි.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ අද (19 May) සිට පාරිභෝගිකයින් සඳහා ආපන ශාලා විවෘත විවෘත කිරීමට ප්‍රාන්ත රජය තීරණය කරයි. ඒ අනුව එක වරකට පාරිභෝගිකයින් 20 දෙනෙකුට සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින් ආපන ශාලා ඇතුලත සිට අහාරගැනීමේ ඉඩ ප්‍රස්තා සලසා දීමට ආපනශාලා හිමිකරුවනට අවසර ලැබේ.

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය මේවන විට කොරෝනා තත්වය හේතුවෙන් ප්‍රාන්තය සඳහා පනවනු ලැබූ සිමා කිරීම්ව, දෙවන මට්ටම දක්වා පහතට ගෙන ඒමට කටයුතු කොට ඇත. ඒ යටතේ පංතිකාමර අධ්‍යාපනය සඳහා පාසල් පැමිණීම අනිවාර්ය වන අතර වෛද්‍ය සැත්කම් සඳහා නියමකොට තිබු ධාරිතාවය අඩක් දක්වා වැඩි කිරීමටද තීරණය කොට තිබේ.

නීති සීමා ලිහිල් කලද කොරෝනා වසංගතය පාලනය සඳහා සමාජ විනයගරුකභාවය තවදුරටත් ආරක්ෂා කරගත යුතු බව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති Mark McGowan පවසා සිටී.

අද වන විට බටහිර ඔස්ට්‍රේලිය ප්‍රාන්තයෙන් අළුතෙන් කොරෝනා ආසාදිතයින් 3ක් වාර්තාවන අතර සමස්ත කොරෝනා ආසාදිතයින් සන්ක්යව 557කි. කොරෝනා හේතුවෙන් ප්‍රාන්තයේ මෙතික් සිදුව ඇති මරණ සංඛ්‍යාව 9කි.

තස්මේනියා ප්‍රාන්තය

කොරෝනා වෛරසය පැතිරීම කළමනාකරණය කිරීම සඳහා පනවා ඇති දේශසීමා වසා දැමීම් ලිහිල් කිරීම සඳහා තස්මේනියා ප්‍රාන්ත රජය තවමත් දිනයක් නම් කර නොමැත.

එහෙත් ඊයේ දිනයේ සිට (18 May) ක්‍රියාත්මක වන පරිදි ප්‍රාන්තය තුල එක් වරකට 10 දෙනෙකු සඳහා ආපනශාලා තුල හිඳ ආහාර ගැනීමේ පහසුකම සලසා දීම ආරම්භ කෙරින.

කෙසේ නමුත් ප්‍රාන්තය වෙත පැමිණෙන අත්‍යවශ්‍ය නොවන සියලුම සංචාරකයින් සති දෙකක අනිවාර්ය නිරෝධායනයකට යොමුවිය යුතු අතර වෙනත් ප්‍රාන්ත වල හෝ විදේශ වල සිට තම ප්‍රාන්තය කරා නැවත පැමිණෙන ටස්මේනියානුවන්ට ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං හුදෙකලා වීමකට යොමුවිය යුතුය.

කොරෝනා හේතුවෙන් තස්මේනියා ප්‍රාන්තය තුල පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය සති අන්තයේ සිට මේ දක්වා කිසිඳු කොරෝනා අසදිතයෙකු අලුතෙන් වාර්තා වී නොමැත.

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා හි වෙසෙන ජාත්‍යන්තර සිසුන් හට කොරෝනා වෛරසය තත්වය සඳහා ප්‍රතිචාරයක් ලෙසට ප්‍රාන්ත රජය විසින් පොරොන්දු වූ මුල්‍ය ආධාර ගෙවීම් තවමත් ලැබී නොමැති බව වාර්තා වේ.

COVID-19 වසංගතය අතරතුර රැකියාව අහිමි වූ ජාත්‍යන්තර සිසුන් සඳහා ඩොලර් 1100 ක් ගෙවන බව වික්ටෝරියානු රජය පසුගිය මාසයේ දී නිවේදනය කලේය.

නමුත් වික්ටෝරියා අධ්‍යාපන ඇමති ජේම්ස් මර්ලිනෝ පවසන්නේ මේ සඳහා වන අයදුම් කිරීමේ ක්‍රමවේදය තවමත් විධිමත් ලෙස විවෘත කර නොමැති බවයි. නමුත් මේ සම්බන්ධයෙන් ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසා සිටී.

අද වන විට වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වන කොරෝනා අසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 1567 ක් ලෙසට වාර්තා වන අතර මරණ සංඛ්‍යාව 18 කි. ප්‍රාන්තයෙන් අළුතෙන්  වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9 කි.

අද වන විට (මැයි 19 දා) ඕස්ට්‍රේලියාවේ වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100 කි

Share

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොරෝනා නිසා පැනවූ සිමා ලිහිල් කිරීම සම්බන්දව අද වන විට ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ගත් වැදගත් තීරණ | SBS Sinhala