කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට සහය වීමට අවසානයේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කොරෝනා වසංගතය නිසා ආර්ථික පීඩාවට පත් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන්ට පිහිටවීමට තීරණය කළ අවසන් ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට සහන
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන්ට සහන ලබාදෙන මෙම පැකේජයේ මුළු වටිනාකම ඩොලර් මිලියන 20 ක් බව ප්‍රාන්ත රජය පවසයි.
කොරෝනා වසංගතය නිසා දැඩි ආර්ථික පීඩාවට ප්‍රාන්තයේ සිසුන්ට මේ හරහා සහන සැලසීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි තම ජාත්‍යන්තර සිසුන්ට මෙම අර්බුදකාරී අවස්ථාවේදී සහන සැලසීමට පියවර ගෙන තිබියදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මුනිවත රැකීම පසුගිය දිනවල දැඩි විවේචනයට ලක්විය.
විශේෂයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විපක්ෂ නායිකා Jodi McKay පසුගිය මැයි 01 වන දින ඒ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයට බරපතල ලෙස දෝෂාරෝපණය කළාය.
කෙසේහෝ තම ප්‍රාන්තයේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්ට සහය වීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන සැපයෙන පැකේජ 2ක් අනුමත කරගැනීමට හැකිවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Michael Pratt පවසයි.
මෙම පැකේජයන්ට අනුව ආර්ථික ගැටළු නිසා තම වාසස්ථාන වලින් නෙරපීමට හෝ නික්ම යාමට සිදුව ඇති ජාත්‍යන්තර සිසුන් හට තාවකාලික නිවාස පහසුකම් සැපයීම සිදු කෙරේ.
එමෙන්ම 13 77 88 යන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැය 24 පුරාම ක්‍රියාත්මක Covid-19 දුරකතන මාර්ගයෙන් ජාත්‍යන්තර සිසුන් හට නොමිලයේ නීති උපදෙස් ලබා දීමටද ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ජාත්‍යන්තර සිසුන් ගේ ආර්ථික අපහසුතා
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන් කිසිවෙකුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදෙන සුබ සාධන දීමනා කිසිවක් ලබාගැනීමට සුදුසු නොවන නිසා ඔවුහු මේ කාලෙය්දී දැඩි ආර්ථික අපහසුතා වලට මුහුණ පාමින් සිටිති.
කොරෝනා වසංගතය මැඩලීම සඳහා පනවා ඇති නීති හා සීමාවන් නිසා ජාත්‍යන්තර සිසුන් බහුතරයකට තමන් නිරතවී සිටි අර්ධ කාලීන සහ අනියම් රැකියා අහිමිවී ගොස් ඇත.
එවන් පසුබිමක විවිධ ප්‍රාන්ත වල විවිධ ප්‍රජා කණ්ඩායම් සහ ව්‍යාපාරික ප්‍රජාවන් ජාත්‍යන්තර සිසුන් හට නොමිලයේ ආහාර පාන ලබා දීමට විවිධ ක්‍රියාන්විත දියත් කළේය.
එවැනි වී නොමිලයේ ලබාදෙන ආහාර වේලක් ලබාගැනීමට සිඩ්නි අවන්හලක් ඉදිරිපිට ජාත්‍යන්තර සිසුන්ගෙන් සැදුම්ලත් දිගු පෝලිමක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් විය.
ඒ අතර ඇතැම් ජාත්‍යන්තර සිසුන් මුදල් නොමැති හෙයින් පොදු ප්‍රවාහන සේවා වල නොයා කිලෝ මීටර් ගණන් පයින් යන බවද වාර්තා විය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහන පැකේජයෙන් අනෙක් ප්‍රාන්ත මෙන් මුදල් හෝ ආහාර නොදෙයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහන පැකේජයෙන් අනෙක් ප්‍රාන්ත මෙන් ජාත්‍යන්තර සිසුන්ට මුදල් හෝ ආහාර පාන ලබාදීමක් සිදු නොකෙරේ.
ඔස්ට්‍රේලියාවේ විශාලතම ප්‍රමාණයක් ජාත්‍යන්තර සිසුන් සිටිනා ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.
නමුත් වික්ටෝරියා ප්‍රාන්තය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයය ජාත්‍යන්තර සිසුන් සඳහා නිවේදනය කර ඇති සහන පැකේජය මෙන් දෙගුණයකටත් වඩා වැඩි පැකේජයක් ඉදිරිපත් කර ඇත.
එහි වටිනාකම ඩොලර් මිලියන 45 කි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් හට ඒ හරහා ඩොලර් 1,100 ක එකවර පමණක් ලැබෙන මුදල් දීමනාවක් ලැබේ.
වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළු සෙසු ප්‍රාන්ත වල සිටින ජාත්‍යන්තර සිසුන් හට ලබාදෙන ආර්ථික සහන පිළිබඳ පූර්ණ විස්තරයක් පහත ලිපියෙන් ලබාගත හැකිය.


