කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී 6.2% දක්වා ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම කොරෝනා වසංගතය නිසා ඔස්ට්‍රේලියානුවාසීන් ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයකට රැකියා අහිමිවී ඇති බවද ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison අද (14/05) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ලක්ෂ 6 කට රැකියා අහිමිවෙයි
ඔස්ට්‍රේලියාවේ රැකියා වියුක්තියේ නවතම දත්ත අද දහවල් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison විසින් මාධ්‍ය වෙත නිකුත් කළේය.
අප්‍රේල් මාසය තුළ ඔස්ට්‍රේලියාවේ 594,300 ක පිරිසකට තම රැකියා අහිමිවී ගොස් ඇති බව අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ඒ අනුව අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 6.2% දක්වා ඉහළ ගොස් ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.
කොරෝනා වසංගතය හේතුවෙන් මේ තත්ත්වය ඇතිවුණු බව මධ්‍යම රජයේ දත්ත පෙන්වා දුන්නේය.
මෙය ඇත්තෙන්ම ඛේදජනක සිදුවීමක් බවත් හදවත කම්පා කරවන පුවතක් බවත් අගමැති මොරිසන් එහිදී වැඩි දුරටත් පැවසීය.
මෙවැනි වූ ආකාරයේ අර්බුදකාරී තත්ත්වයක් මෑත කාලයේ මීට පෙර ඔස්ට්‍රේලියනුවන් අත්විඳ නැති බවද අගමැතිවරයා සිය කතාවේදී පැහැදිලි කළේය.

කොරෝනා නිසා ඔස්ට්‍රේලියානුවාසීන්ගේ රැකියා අහිමිවූ හැටි
කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියානුවාසීන් 594,300 කගේ රැකියා අහිමිවී ගොස් තිබේ.
එයින් 220,500 ක් පූර්ණ කාලීන රැකියා වන අතර 373,800 ක් අර්ධ කාලීන රැකියා වේ.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් මෙම දත්ත විශ්ලේෂණය කර ඇත.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියාව මූලික අදියරේ නීති හා සීමාවන් පැනවීම ආරම්භ කළේ 2020 මාර්තු මාසයේදීය.
ඒ අනුව මාර්තු මාසයේ විරැකියා අනුපාතිකය 5.2% ක්විය.
නමුත් කොරෝනා නීති හා සීමාවන් තව තවත් දැඩි කිරීම නිසා මාර්තු අග සිට ඔස්ට්‍රේලියාවේ බොහොමයක් ව්‍යාපාර සහ ආයතන වසා දමන තත්ත්වයකට පත්විය.
විශේෂයෙන් පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කරගැනීම සඳහා අදාළ වන නීති වලට අනුකූල වීමට බහුතරයක් ව්‍යාපාර වසා දැමීමට ව්‍යාපාරිකයින්ට සිදුවිය.
ඒ අතරින් hospitality ක්ෂේත්‍රය ප්‍රධාන ස්ථානයක් ගනී.
අප්‍රේල් මාසයේදී රැකියා 575,000 ක පමණ ප්‍රමාණයක් අහිමිවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ පුරෝකතනය කර තිබුණි.

ප්‍රාන්ත හා ටෙරිටරි වලට අනුව රැකියා අහිමිවීම්
විරැකියා අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේ ය.
4.9% ක්ව තිබූ ටස්මේනියා ප්‍රාන්තයේ විරැකියා අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී 6.2% දක්වා ඉහළ ගොස් තිබුණි.
මේ අතර 5.7% ක්ව තිබූ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විරැකියා අනුපාතය පසුගිය අප්‍රේල් මාසයේදී 6.8% දක්වා ඉහළ ගොස් ඇත.
4.9% ක්ව තිබුණු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6% දක්වා ඉහළ ගොස් ඇති අතර 5.2% ක්ව තිබූ වික්ටෝරියා ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6% දක්වා ඉහළ ගොස් ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශ දත්ත පෙන්වා දෙයි.
අනුපාතයක් ලෙස විරැකියා අනුපාතය වැඩිම අගයක් ගෙන ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වේ.
6.3% ක්ව තිබූ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 7.2% ක්වූ අතර 5.4% ක්ව තිබූ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ විරැකියා අනුපාතය 6% ඉහළ ගොස් තිබේ.
එමෙන්ම 5.5% ක්ව තිබූ Northern Territory හි විරැකියා අනුපාතය 6% දක්වාද 3.2% ක්ව තිබූ Australian Capital Territory හි විරැකියා අනුපාතය 4.2% දක්වාද ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නවතම විරැකියා අනුපාත දත්ත වලට අනුව ඉහළම විරැකියා අනුපාතය ඇති ප්‍රාන්තය ලෙස දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය වාර්තා වන අතර ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය සහ Australian Capital Territory පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන වලට පත්වී තිබේ.


