කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාවේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණය කිරීමට ජාතික කැබිනට් මණ්ඩලය අද (15/05) පෙරවරුවේ රැස් විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එහිදී ගනු ලැබූ විශේෂ තීරණ පිළිබඳ මෙන්ම ඔස්ට්‍රේලියානු ජනතාව වෙත විශේෂ පණිවිඩ කිහිපයක්ද ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මානසික සෞඛ්‍ය සේවා සඳහා අමතර ඩොලර් මිලියන 48.1 ක්
කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියානුවාසීන්ට හටගෙන ඇති මානසික සෞඛ්‍ය ගැටළු සඳහා සේවා සපයන මානසික සෞඛ්‍ය සුරැකුම් සේවාවන් පිළිබඳ අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි.
ඒ අනුව පවතින වසංගත තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ මානසික සෞඛ්‍ය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට සහය වීම සඳහා ඩොලර් මිලියන 48.1 ම අමතර මුල්‍ය ප්‍රතිපාදන අද දිනයේ අගමැති මොරිසන් විසින් ප්‍රකාශ කළේය.
පසුගිය සති හතර තුළදී ඔස්ට්‍රේලියානුවාසීන 957,000 ක් පමණ මානසික සෞඛ්‍ය සේවාවල සහය ලබාගෙන ඇති බව එහිදී හෙළි කෙරුණි.
ඔස්ට්‍රේලියාවේ සියදිවි නසා ගැනීමේ වැඩි අවදානමක් සහිත වියපත් පුද්ගලයින්, ඉංග්‍රීසි නොවන පසුබිමකින් පැමිණි පුද්ගලයින් සහ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් හට සහය වීම මෙහිදී ප්‍රධාන අරමුණක් වී ඇත.

ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට ආරාධනා
ඔස්ට්‍රේලියානු දේශ සීමා තවමත් වසා දමා ඇති බැවින් සහ ජාත්‍යන්තර ගුවන් සේවා බොහොමයක් තවමත් අක්‍රිය වීම නිසා විදෙස් රටවල තම නිවාඩුව ගත කිරීමට ඔස්ට්‍රේලියානුවන්ට දැන්මම හැකියාවක් නොමැති බව අගමැති මොරිසන් පැවසීය.
නමුත් ඔස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට තමන් ආරාධනා කරන බව ඔහු පැවසීය.
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමේ අදියර 3කින් යුත් සැලසුම අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි තම කොරෝනා නීති ලිහිල් කරමින් පවතී.
එවන් පසුබිමක ඔස්ට්‍රේලියාව තුළම තම නිවාඩුව ගත කිරීම සඳහා සංචාරය කිරීමට ඉතා ඉක්මණින් හැකිවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව අගමැතිවරයා පැහැදිලි කළේය.
විශේෂයෙන් එළඹෙන ජූලි මාසයේදී ආරම්භ වන මීළඟ පාසල් නිවාඩු සමයේදී එලෙස ප්‍රාන්ත අතර සහ ප්‍රාදේශීය කලාප වල සංචාරය කිරීමෙන් කඩා වැටී ඇති දේශීය සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමට ඔස්ට්‍රේලියානුවන්ටම සහය විය හැකි බව අගමැති මොරිසන් සඳහන් කළේය.

ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීම මීළඟ අභියෝගයයි
කොරෝනා වසංගතය හමුවේ කඩා වැටී ඇති ඔස්ට්‍රේලියානු ආර්ථිකය යළි නගා සිටුවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට ඇති මීළඟ විශාලතම අභියෝගය බවද අගමැති මොරිසන් එම මාධ්‍ය හමුවේදී පැවසුවේය.
ඊයේ දිනයේ හෙළිදරව් කළ අයුරින් පසුගිය අප්‍රේල් මාසයේදී ලක්ෂ 6 කට ආසන්න ඔස්ට්‍රේලියානුවාසී ජනයාට තම රැකියා අහිමිවී තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතිකය 6.2% දක්වා ඉහළ නැග ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් JobKeeper පැකේජය නැතිනම් මෙම විරැකියා අනුපාතය මීට වඩා ඉහළ යන බව ද අගමැතිවරයා පැවසීය.
ඔස්ට්‍රේලියානුවන්ගේ ජන ජීවිතය කෙමෙන් යළි විවෘත වන විට ඔස්ට්‍රේලියානු ආර්ථිකයද සුරක්ෂිතව විවෘත කිරීමට මධ්‍යම රජය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.
මේ අතර පවතින තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියානු බැංකු පද්ධතිය විසින් ඩොලර් බිලියන 220 ක් වටිනා ණය නැවත ලබාගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.
එයින් තුනෙන් දෙකක් නිවාස ණය වන අතර ඉතිරිය සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර ණය වේ.
එමෙන්ම superannuation ගිණුම් වලින් මේ වන විට ඩොලර් බිලියන 11.7 ක මුදලක් ඔස්ට්‍රේලියානුවාසීන් නැවත ලබාගෙන ඇති බවද අගමැතිවරයා හෙළි කළේය.


