476 සහ 485 වීසා සඳහා සිදු වුනු වෙනස්කම් ගැන තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඕස්ට්‍රේලියාවේ 476 සහ 485 වීසාවලට ලබාදුන් සහන සහ ඒවා ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබඳව ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය සමග සිදු කල සාකච්චාවක් ඔස්සේ මෙම ලිපිය සැකසේ

The policy changes have been made to streamline new pathways to permanent residency, especially to address skill shortages in Australia.

A representative image of Australian visa and passport. Source: Getty Images

Highlights

  • 476 වීසා කාණ්ඩය සහ ඒ සඳහා වන සහන
  • 485 වීසා කාණ්ඩය සහ ඒ සඳහා වන සහන

පසුගිය කාලයේදී කොවිඩ් වසංගත තත්වයත් සමග ඕස්ට්‍රේලියානු රජය වීසා වල විවිධ වෙනස්කම් සහ සංශෝධන සම්බන්ධයෙන් තීන්දු ගැනීම සිදු විය.

එවැනිම ආකාරයේ වෙනස්කම් සිදු වීම සහ සහන ලබාදීම පසුගිය දිනකදී 476 සහ 485 යන වීසා කාණ්ඩ සඳහාත් සිදු විය.

476 වීසා කාණ්ඩය සහ ඒ සඳහා වන සහන

476 වීසා කාණ්ඩය Skilled—Recognised Graduate visa වශයෙන් හැඳින්වේ.

මේ සඳහා අයදුම් කිරීමට පසුගිය වසර 2ක කාලය තුලදී ඉංජිනේරු උපාධියක් හදාරා අවසන් වී තිබිය යුතු වේ.

Students at the graduation ceremony.
Students at the graduation ceremony. Source: SBS

එමෙන්ම මේ උපාධිය Washington Accord වශයෙන් හැඳින්වෙන ගිවිසුමට ඇතුලත් ආයතනයක සුදුසුකම් ලත් උපාධියක් විය යුතු වන බව සංක්‍රමණ නියෝජිත දේශානි දිනුගලගේ අපත් සමග පැවසීය.

මෙවැනි ආකාරයේ ගිවිසුම් තුනක් පවතින අතර Washington Accord මගින් පිළිගත් ශ්‍රී ලංකාවේ පවතින ආයතනය වන්නේ Institution of Engineers, Sri Lanka (IESL) වෙයි.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

මෙම ආයතනය මගින් ඉංජිනේරු පාඨමාලා කිහිපයක් හඳුන්වා දී ඇති අතර ඒවා හදාරා තිබේනම් මෙම 476 - Skilled—Recognised Graduate visa කාණ්ඩය සඳහා අයදුම් කල හැක.

මෙම පාඨමාලා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු Institution of Engineers, Sri Lanka (IESL) වෙබ්අඩවිය මගින් ලබාගත හැක.

එමෙන්ම මෙම වීසා කාණ්ඩයට අයදුම් කිරීමට වයස 31ට වඩා අඩු වියයුතු අතර IELTS සමස්ත ලකුණු සංක්‍යාව 6.0 තිබිය යුතු වේ.

මෙම වීසා සඳහා අයදුම් කිරීමට යන මුදල වශයෙන් සංක්‍රමණ නියෝජිත දේශානි සඳහන් කොට සිටියේ එය $410ක් වන බවයි.

මෙම වීසා කාණ්ඩය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිට අයදුම් කල නොහැකි අතර ඕස්ට්‍රේලියාවෙන් පිටතදී Washington Accord මගින් පිළිගත් පාඨමාලාවක් හදාරා තිබේනම් පමණක් අයදුම් කල හැක.

මෙම වීසා කාණ්ඩය සඳහා ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් සහනයක් ලබාදීමට තීරණය කල අතර ඒ ඔස්සේ, මාර්තු 2 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වීසා වසර දෙකකින් දීර්ඝ කොට තිබේ.

පසුගිය සමයේ පැවති කොවිඩ් තත්වය හේතුවෙන් මෙම වීසා ලබා සිටි බොහෝ පිරිසක් ඔස්ට්‍රේලියාව තුල නොසිටීම මීට හේතුවයි.

මේ අනුව මේ වනවිට කල් ඉකුත් වී ඇති සහ කල් ඉකුත් වීමට නියමිත 476 වීසා ලාභීන්ගේ වීසා 2024 වසරේ අප්‍රේල් දක්වා දීර්ඝ කිරීම සිදු වේ.

මෙය මෙම අප්‍රේල් මාසයේදී ස්වයන්ක්‍රීයව සිදුවේ.

485 වීසා කාණ්ඩය සහ ඒ සඳහා වන සහන

485 වීසා කාණ්ඩය Temporary Graduate visa වශයෙන් හැඳින්වේ.

මෙම වසරේ ජනවාරි මාසයේදී ඕස්ට්‍රේලියානු රජය නිවේදනය කල පරිදි, පෙබරවාරි 18 වැනිදාට පෙර කල් ඉකුත් වන සහ කල් ඉකුත් වූ 485 වීසා හිමියන්ගේ වීසා ස්වයන්ක්‍රීයව 2022 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ වීම සිදු විය.

මෙම වෙනස්කම ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිව 485 වීසා කාණ්ඩයේ සිටි සහ වීසා අවසන් වූ පිරිසටද ස්වයන්ක්‍රීයව සිදු වූ බව සංක්‍රමණ නියෝජිත දේශානි පවසයි.

visa 485
Source: SBS

එමෙන්ම කොවිඩ් තත්වය හේතුවෙන් එමගින් පීඩනයක් එල්ල වූ 485 වීසා ලාභීන්ට නව වීසා අයදුම් කිරීමක් සිදු කල හැකි බවත් ඕස්ට්‍රේලියානු රජය පවසයි. මේ අනුව 2020 පෙබරවාරි 1 සිට 2021 දෙසැම්බර් 15 යන කාලය ඇතුලත ඕස්ට්‍රේලියාවෙන් පිටත සිටි පිරිසට 485 Replacement visa එකක් සඳහා අයදුම් කල හැක.

මෙම වීසා සඳහා ජූලි 1 වැනිදා සිට අයදුම් කල හැකි අතර ඒ සඳහා වන මුදලක් සම්බන්ධයෙන් තවමත් සඳහනක් නොමැති බව සංක්‍රමණ නියෝජිත දේශානි සඳහන් කොට සිටී.

මෙම ලිපිය හා සම්බන්ධ SBS සිංහල වැඩසටහන ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතදේශානි දියුණුගලගේ සමග සිදු කල සාකච්චාවට පහතින් සවන් දීමට හැකියි.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne, Nipuna Dodangoda



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now