මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙයි, සම්පූර්ණ විස්තරය මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඉතා දැඩි නීති මධ්‍යයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන යළි ආරම්භ කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

Airline passengers make their way through Melbourne Airport.

Source: AAP

පාස්කු නිවාඩුවෙන් පසුව මෙල්බර්න් නුවරට යළි ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙන බව වාර්තා වේ.

ඒ අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන යළි ආරම්භ කරන බවද සඳහන්.


Highlights

  • අප්‍රේල් 8 සිට මෙල්බර්න් නුවරට යළි ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙයි.
  • පළමු සතිය තුළ මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් මගීන් 800 ක් පමණක් බාරගනී.
  • පසුගිය පෙබරවාරි 13 සිට මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කළේය.

මෙල්බර්න් නුවරට යළි ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙයි

අප්‍රේල් 8 වන දින සිට මෙල්බර්න් නුවරට යළි ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

ඒ සමග ඉතා දැඩි නීති මධ්‍යයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන යළි ආරම්භ කරන බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino ඊයේ (25/03) පැවසීය.

විදෙස් රටවල සිට පැමිණෙන්නන්ගෙන් වික්ටෝරියානු ප්‍රජාවට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය නොවීමට මෙම නීති වගබලාගනු ඇතැයි ප්‍රාන්ත රජය විශ්වාස කරයි.

එහිදී නිරෝධායනය වන පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කිරීමටද ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නව තීරණය අනුව අප්‍රේල් 8 සිට පළමු සතිය තුළ මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් මගීන් 800 ක් පමණක් බාරගන්නා අතර අප්‍රේල් 15 සිට එම ප්‍රමාණය සතියකට 1,120 දක්වා ඉහළ දැමීමට ප්‍රාන්ත රජය සූදානම් වේ.

නිරෝධානය හෝටල් වල ventilation පද්ධතිවල නිමවුම් හා නඩත්තු කටයුතු අවසන් වීමේ වේගය මත එම වැඩිවීම තීරණය වනු ඇත.

කොරෝනා වසංගතය නිසා විදෙස් රටවල සිරවී සිටිමින් විවිධ අපහසුතා වලට ලක්වී සිටින ඔස්ට්‍රේලියානුවන් ගෙන්වා ගැනීමට මෙහිදී ප්‍රමුඛතාව ලැබෙන බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

"නිවාඩුවක් සඳහා ඔස්ට්‍රේලියාවට ආපසු පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් දැකීමට අපට අවශ්‍ය නැහැ" යනුවෙන්ද ඔහු පැවසීය.

මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම නැවත්වීම

පසුගිය පෙබරවාරි 13 සිට මෙල්බර්න් නුවරට ජාත්‍යන්තර ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කළේය.

නිරෝධායන හෝටලයක නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකුගෙන් එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිදුවීමක් නිසා එම තීරණය ගනු ලැබිණි.

එම සිදුවීම නිසා ආසාදිතයින් 24 දෙනෙකුගේ කොරෝනා පොකුරක් මෙල්බර්න් නුවර හටගත් අතර එය ව්‍යාප්ත වීම වැළක්වීම සඳහා දින 5 ක lockdown කාලයක්ද වික්ටෝරියානු ප්‍රාන්තයට පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කළේය.

එය මෙල්බර්න් නුවර මුහුණ දුන් 3 වන lockdown කාලය වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ නිරෝධායන හෝටල් පද්ධතියෙන් කොරෝනා වයිරසය වික්ටෝරියානු ප්‍රජාවට සම්ප්‍රේෂණය වීම නිසා දින 112 ක lockdown කාලයකට දෙවැනි රැල්ලේදී වික්ටෝරියානු ප්‍රාන්තය මුහුණ දුන්නේය.

වික්ටෝරියානු ප්‍රාන්තය මුහුණ දුන් දෙවැනි කොරෝනා රැල්ල නිසා ආසාදිතයින් 18,000 කට වැඩි පිරිසක් වාර්තා වූ අතර මරණ 800 ක් වාර්තා විය.
Cleaning staff are seen outside the View Hotel in Melbourne, one of the sites where Australian Open players and their entourage are quarantining.
Cleaning staff are seen outside the View Hotel in Melbourne, one of the sites where Australian Open players and their entourage are quarantining. Source: AAP

හෝටල් නිරෝධායන ක්‍රියාවලිය සමලෝචනය කෙරේ

අධිකරණ විමර්ශනයකින් පසුව වික්ටෝරියානු ප්‍රාන්තයේ හෝටල් නිරෝධායන වැඩසටහන නැවත සකස් කරන ලදී.

කොරෝනා වයිරසය සෑම විටම පැතිරීමේ අවදානමක් පවතින බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පිළිගත්තේය.

නමුත් ඊයේ (25/03) නිකුත් කළ සමාලෝචන දෙකකින් පසුව හෝටල් නිරෝධායන වැඩසටහනේ සැලකිය යුතු වෙනස්කම් සිදු කර ඇති බව ඔහු පැවසීය.

Safer Care Victoria ආයතනය මගින් මෙම සමාලෝචනය සිදුකර ඇත.
හෝටල් නිරෝධායන වැඩසටහනින් කොරෝනා ආසාදන වැළැක්වීම සහ පාලනය නඟා සිටුවීම කළ යුතු බවට එහිදී නිර්දේශ කර ඇත.

එම අරමුණු කරා යාමට N95 මුව ආවරණ පැළඳීම, සේවා මුර අවසන් කිරීමේ ක්‍රම ශක්තිමත් හා විධිමත් කිරීම සහ ආශ්‍රිතයින් සොයා යාමේදී කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ නිවැසියන් පහසුවෙන් සම්බන්ධ කර ගැනීම සඳහා නව online පද්ධතියක් බිහි කිරීම එම සමාලෝචනයෙන් පසුව නිර්දේශ කළ තවත් නිර්දේශ කිහිපයකි.

සියලුම නිරෝධායන හෝටල්වල ස්වාධීනව ventilation පද්ද්ධතිය තක්සේරු කිරීමට ද (independent ventilation assessment) එය නියෝග කළේය.

නිරෝධායන හෝටල් 19 න් Holiday Inn හෝටලය ඇතුළුව හෝටල් තුනක් පමණක් මෙම අවශ්‍යතා සපුරා ඇති බව සඳහන්.

නිරෝධායනය වෙමින් සිටියදී මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ දෙකට අමතරව තවත් PCR පරීක්ෂණ දෙකකට මුහුණ දීමට පැමිණෙන පුද්ගලයින්ට සිදුවේ.

එමෙන්ම ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණි දිනයේ සිට 17 සහ 21 යන දිනවලදී ද PCR පරීක්ෂණ සිදුකළ යුතු බවට නිර්දේශ කර තිබේ.

Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙල්බර්න් නුවරට යළිත් ජාත්‍යන්තර ගුවන් යානා පැමිණෙයි, සම්පූර්ණ විස්තරය මෙන්න (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala