SKIP TO MAIN CONTENT

ලිස්ටීරියා බැක්ටීරියාවෙන් ඔස්ට්‍රේලියාවේ රොක්මෙලන් දූෂණය වූ අයුරු සොයා බැලීමේ පරීක්ෂණ ඇරඹේ.

Rockmelon warning
Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ආසාදනය වී ඇති බවට සැක පළ කෙරෙන හෙයින් ඔස්ට්‍රේලියාව තුළදී මිලට ගත් "රොක්මෙලන්" නමැති පළතුරු වර්ගය ආහාරයට නොගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ඊයේ දන්වා සිටියේය.

මෙම ලිස්ටීරියා නැමති බැක්ටීරියාව ආසාදනය වීමෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Riverina කලාපයේ රොක්මෙලන් වගාව මේ තත්ත්වය හේතුවෙන් නතර කර ඈති බවද වාර්තා වේ.

මේ අතර ඔස්ට්‍රේලියාව තුළ වගා කළ රොක්මෙලන්, ලිස්ටීරියා නමැති බැක්ටීරියාවෙන් දූෂණය වුයේ කෙසේදැයි සොයා බැලීමට මේ වන විට පරීක්ෂණ පවත්වන බව ඔස්ට්‍රේලියාවේ ආහාර සුරක්ෂිතතා තොරතුරු සභාවේ Lydia Buchtmann, ABC  පුවත් සේවයට පැවසුවාය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now