ඔස්ට්‍රේලියාවේ දැනට සහ අනාගතයේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වෙනස්වන රැකියා වෙළෙඳපොළේ රැකියා සෙවීමේදී ඔබ එම රැකියා සඳහා අවශ්‍යවන අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතා සපුරා තිබිය යුතුවේ.

Australian Jobs_ Employers would like to see if the jobseeker is the right fit for the company.

Source: Getty Images

ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳ පොළේ රැකියා ක්‍රමිකව වෙනස් වෙමින් පවතී.

නව තාක්‍ෂණ හඳුන්වා දීම, ව්‍යාපාර ක්‍රියාත්මක කිරීමේ නව ක්‍රම සෙවීම සහ COVID-19 වැනි අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම යන ප්‍රධාන හේතු මත ඔස්ට්‍රේලියාවේ රැකියා එලෙස වෙනස් වේ.


 

Highlights

  • සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඇතිවෙමින් පවතී.
  • වෘත්තීය, විද්‍යාත්මක හා තාක්‍ෂණික සේවා ක්ෂේත්‍රවලද දැනට සහ අනාගතයේදී රැකියාවලට හොද ඉල්ලුමක් තිබේ.
  • අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයද ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයකි.

වෙනස්වන රැකියා වෙළෙඳපොළේ රැකියා සොයන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ වෙනස්වන රැකියා වෙළෙඳපොළේ රැකියා සෙවීමේදී ඔබ එම රැකියා සඳහා අවශ්‍යවන අධ්‍යාපන සුදුසුකම් සහ කුසලතා සපුරා තිබිය යුතුවේ.

එපමණක් නොව ඔබට පහත සඳහන් කරුණු පිළිබඳ මනා දැනීමක් ද තිබිය යුතුය.

  • ඔස්ට්‍රේලියාවේ දැනට සහ අනාගතයේ පවතින රැකියා
  • ඔබ උනන්දුවක් දක්වන රැකියා සඳහා අවශ්‍ය කුසලතා
  • ඔබේ රුචිකත්වයන් සහ ඔබ රාජකාරී කිරීමට කැමති අයුරු
Recruitment business
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ දැනට සහ අනාගතයේ ඉල්ලුමක් ඇති රැකියා

ඔස්ට්‍රේලියාවේ මෑත වසරවලදී පහත සඳහන් ක්ෂේත්‍රවල රැකියා දැඩි ලෙස වර්ධනය වී ඇති අතර එම ක්ෂේත්‍රවල අනාගතයේදී ඉහළ රැකියා ඉල්ලුමක්ද ඇති වීමට ඉඩ ඇත

  • Health Care and Social Assistance
  • Professional, Scientific and Technical Services
  • Education and Training
  • Construction

Health Care and Social Assistance

Health Care and Social Assistance හෙවත් සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක් මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ ඇතිවෙමින් පවතී.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ National Disability Insurance වැඩසටහන (NDIS), රෝහල්, aged care මධ්‍යස්ථාන, childcare මධ්‍යස්ථාන මෙන්ම home-care මත සිදු කෙරෙන සේවා නිසා සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍රයේ රැකියා ඉල්ලුම වැඩිවී තිබේ.

ඒ අනුව එම ක්ෂේත්‍රයේ සේවකයින් අවශ්‍ය විය හැකි ඇතැම් රැකියා පහත පරිදි වේ.

  • Aged and Disabled Carers
  • Registered Nurses
  • Child Carers
  • Welfare Support Workers
Nurses and doctors in the CoxHealth Emergency Department in Springfield, Missouri (AAP)
Source: AAP

Professional, Scientific and Technical Services

Professional, Scientific and Technical Services හෙවත් වෘත්තීය, විද්‍යාත්මක හා තාක්‍ෂණික සේවා ක්ෂේත්‍රවල පහත සඳහන් රැකියා කෙරෙහි වැඩි ඉල්ලුමක් ඇත.

  • Software and Applications Programmers
  • Management and Organisation Analysts
  • Accountants
Australia’s most-needed IT jobs
Source: Pexels

Education and Training

Education and Training හෙවත් අධ්‍යාපන හා පුහුණු ක්ෂේත්‍රයද ඔස්ට්‍රේලියාවේ දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයකි.

එහිදී පහත සඳහන් රැකියා සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රැකියා පිළිබඳ වෙබ් අඩවිය දක්වයි.

  • Primary School Teachers
  • Secondary School Teachers
  • Education Aides

 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ දැනට සහ අනාගතයේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala