තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ග හැර ද්විතීක ආදායම් මාර්ගවලින් ලැබෙන ආදායම වාර්ෂික Tax Return එකේදී හෙවත් වාර්ෂික බදු ප්‍රතිලාභයේදී ප්‍රකාශයට පත් කරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සිහිපත් කරයි.
එලෙස ද්විතීක ආදායම් මාර්ගවලින් ලැබෙන Tax Return වලදී ප්‍රකාශයට පත් නොකළ ආදායම කෙරෙහි තමන් දැඩි අවධානයක් යොමු කරන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අවධාරණය කරයි.
Highlights
- ‘gig’ ආර්ථිකය හරහා ආදායම් ලබන පුද්ගලයින් එම අතුරු ආදායම් තම වාර්ෂික Tax Return එකේදී සටහන් කළ යුතුය.
- කොවිඩ් වසංගතය නිසා බොහෝ ඔස්ට්‍රේලියනුවාසීන් මුදල් ඉපයීමේ අතුරු මාර්ග වලට පිවිසී ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
- ඔබ සේවකයෙකු, ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු, ව්‍යාපාරයක් කරගෙන යන අයෙකු හෝ වුවත් ඔබේ සේවාවන් සඳහා ගෙවීමක් ඔබට ලැබුණු විට එම ආදායම වාර්තා කළ යුතුය.
ද්විතීක ආදායම් මාර්ගවලින් ලැබෙන ආදායම ප්‍රකාශ කිරීම
ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට ‘gig’ economy හෙවත් ‘gig’ ආර්ථිකය ඉතා ජනප්‍රිය මෙන්ම ව්‍යාප්ත වී තිබේ.
මෙහිදී තමන් ස්වාධීන පුද්ගලයෙකු සේ හිඳ සේවා සපයමින් ආදායම් සෙවීමට හැකියාව ඇත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
මෙම මුදල් ඉපයීම් යම් සීමාවකින් එහා ගිය විට ආදායම් බදු ගෙවිය යුතු වුවත් එහි යම් ව්‍යාකූලතාවයක් ඇති බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.
"සාමාන්‍යයෙන් ඔබ ඔබේ ශ්‍රමය, කුසලතා හෝ භාණ්ඩ යම් ගාස්තුවකට ලබා දෙන විට, එම ආදායම ඔබේ වාර්ෂික බදු ප්‍රකාශයේදී වාර්තා කළ යුතුයි. ඔබ ඒ සඳහා ඩිජිටල් වේදිකාවක් භාවිතා කරන්නේද නැතහොත් කට වචනය වැනි සාම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන්නේද යන්න නොසලකා මෙය අදාළ වෙනවා.” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

"කොවිඩ් වසංගතය නිසා බොහෝ ඔස්ට්‍රේලියනුවාසීන් මුදල් ඉපයීමේ අතුරු මාර්ග වලට පිවිසී ඇති බව අපි දන්නවා. Patreon, Twitch හෝ OnlyFans වැනි වේදිකා හරහා subscribers ලා මගින් ආදායමක් ලැබීම, ප්‍රාදේශීය වෙළඳ කුටියක් පිහිටුවීම හෝ freelancing රැකියා කර ආදායම ලබා ගැනීම වැනි පුළුල් පරාසයක ක්‍රියාකාරකම් මෙයට ඇතුළත්." යනුවෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh වැඩිදුරටත් මෙය පැහැදිලි කළේය.
ඔබ සේවකයෙකු, ස්වාධීන කොන්ත්‍රාත්කරුවෙකු, ව්‍යාපාරයක් කරගෙන යන අයෙකු හෝ වුවත් ඔබේ සේවාවන් සඳහා ගෙවීමක් ඔබට ලැබුණු විට එම ආදායම වාර්තා කළ යුතුය.
එය එක් වරක් පමණක් ලැබුණු ආදායමක් වුවද කම් නැත.

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ‘gig’ රැකියා
- Rideshare driver
- Food delivery driver
- Pet sitter
- Freelancer
- Personal shopper
- Courier delivery person
- Mover
- Massage therapist
- Craftsperson
- Renter (Airbnb වැනි)
- Photographer
- Child caretaker
- Cleaner

Pay As You Go වාරික ක්‍රමය ඔබට සහය වෙයි
විශාල මුදලක් බදු ලෙස එකවර ගෙවීමේ කම්පනය වළක්වාගැනීම සඳහා ඔබට Pay As You Go වාරික ක්‍රමය උපකාරී වන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
මූල්‍ය ආයතන, online marketplaces, ride-sourcing applications සහ short-term rental websites ඇතුළු විවිධ සැපයුම්කරුවන්ගෙන් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට ආදායම් පිළිබඳ තොරතුරු ලැබෙන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.
"අපට ලැබෙන දත්ත වර්ධනය වෙමින් පවතින අතර එයින් අදහස් කරන්නේ ආදායම් සැඟවීමට ඇති අවස්ථා අඩුවෙමින් පවතින බවයි." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙම ද්විතීක ආදායම් පිළිබඳ ඔබේ වාර්ෂික බදු ප්‍රකාශයේ සටහන් කළහොත් ඒ ආශ්‍රිතව ඔබට සිදුවූ වියදම් යළි ලබා ගැනීමට ඔබට හැකියාව පවතී.
නමුත් ඊට ඒ සඳහා අදාළ රිසිට් පත් තබාගත යුතුය.
එම සියලු වියදම් ඔබේ ආදායම ඉපයීමට සම්බන්ධ ඒවා විය යුතුය.

