Temporary Protection වීසා (TPVs) සහ Safe Haven Enterprise වීසා (SHEVs) අහෝසි කිරීම සහ නව ස්ථිර වීසා උප ඛාණ්ඩයක් නිර්මාණය කිරීම සඳහා කම්කරු පක්ෂය සිය පිරිවැය හෙළි කර තිබේ.
එහි පිරිවැය ඉදිරි මුල්‍ය වර්ෂ සඳහා පහත අයුරින් කම්කරු පක්ෂය දක්වා තිබේ.
- 2022-23 මුල්‍ය වර්ෂය සඳහා - ඩොලර් මිලියන 39
- 2023-24 මුල්‍ය වර්ෂය සඳහා - ඩොලර් මිලියන 48
- 2024-25 මුල්‍ය වර්ෂය සඳහා - ඩොලර් මිලියන 129
- 2025-26 මුල්‍ය වර්ෂය සඳහා - ඩොලර් මිලියන 191
ඔස්ට්‍රේලියාවේ මේ වන විට Temporary Protection වීසා සහ Safe Haven Enterprise වීසා බලපත්‍ර ලාභීන් 19,000 ක් පමණ සිටින බව මුල්‍ය කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ ඡායා අමාත්‍ය Katy Gallagher පැවසුවාය.
"මෙය එම වීසා බලපත්‍ර අහෝසි කර නව ස්ථිර වීසා බලපත්‍රයක් සඳහා පුද්ගලයින් මාරු කරනු ඇත" යනුවෙන් ඇය කැන්බරා හි වාර්තාකරුවන්ට පැවසුවාය.
එය සෑම වසර තුනකට හෝ පහකට වරක් වීසා සඳහා නැවත අයදුම් කිරීමේ අවශ්‍යතාවය ඉවත් කරනු ඇති බවද ඇය සඳහන් කළාය.
"නව ස්ථිර වීසා උපපංතිය යටතේද දැනට පවතින වීසා බලපත්‍ර යටතේ මෙන් ම සහය ලබා දෙනු ඇත, එබැවින් ඔවුන්ට රැකියා කිරීමට, Medicare වෙත ප්‍රවේශ වීමට, ආදායම් සහාය, ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම, සහ මානසික කම්පන සහ වධ හිංසාවලින් මිදීම උදෙසා උපදේශන වැනි දේ සඳහා හිමිකම් ලැබේ." යනුවෙන්ද ඡායා අමාත්‍ය Katy Gallagher ප්‍රකාශ කළාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන
Adult Migrant English Program හෙවත් වැඩිහිටි සංක්‍රමණික ඉංග්‍රීසි වැඩසටහන වැඩිදියුණු කිරීමට කම්කරු පක්ෂයේ ප්‍රතිඥාව සඳහා පහත අයුරින් පිරිවැය යන බව ඔවුන් හෙළි කර තිබේ.
- 2022-23 මුල්‍ය වර්ෂය සඳහා - ඩොලර් මිලියන 2.5
- 2023-24 සහ 2024-25 මුල්‍ය වර්ෂ සඳහා - ඩොලර් මිලියන 5
- 2025-26 මුල්‍ය වර්ෂය සඳහා - ඩොලර් මිලියන 7.5
National anti-racism strategy හෙවත් ජාතික වර්ණවාදයට එරෙහි උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු පක්ෂයේ පොරොන්දුව සඳහා මීළඟ ෆෙඩරල් අයවැයෙන් ඩොලර් මිලියන 3ක් වැය වනු ඇත. 2023 සහ 2025 අතර සෑම වසරකම ඩොලර් මිලියන 1.5 ක් ද 2025-26 දී ඩොලර් මිලියන 7.5 ක්ද ඒ සඳහා වැයවේ.
දැනට වසරකට ඩොලර් 53,900 දක්වා සීමා කර ඇති තාවකාලික නිපුණතා සංක්‍රමණ ආදායම් සීමාව වැඩි කිරීමෙන් එම වියදම්වලින් සමහරක් පියවනු ඇත.
2022-23 දී ඩොලර් මිලියන 6.8 ක්, 2023-24 දී ඩොලර් මිලියන 21.7 ක්, 2024-25 දී ඩොලර් මිලියන 38 ක් සහ 2025-26 දී ඩොලර් මිලියන 65.6 ක් එයින් උපයනු ඇතැයි කම්කරු පක්ෂය අපේක්ෂා කරයි.
Read & Listen More

19 May COVID update in 2 minutes: One Nation පක්ෂ නායිකා Pauline Hanson ටත් කොවිඩ්