එළමෙන මැයි 21 වන දින ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ය.
සෑම ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයකදී මෙන්ම මෙවරද ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන ප්‍රධාන මාතෘකාවකි.
නීති විරෝධී සංක්‍රමණිකයින්, සරණාගතයින් මෙන්ම skilled workers හෙවත් පුහුණු ශ්‍රමිකයින් දක්වා එය විහිදී යයි.
අනාගත ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහන පිළිබඳ මෙවර මැතිවරණය ඉලක්ක කරමින් ප්‍රධාන පක්ෂ දෙකෙහි ප්‍රතිපත්ති මොනවාද කියා මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ලිබරල් පක්ෂය
ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක්
2022 මහ මැතිවරණය ඉලක්ක කර "ඔස්ට්‍රේලියාවට ශක්තිමත් දේශසීමා ආරක්ෂාවක්" යන දේශපාලන පාඨය ලිබරල් පක්ෂය ප්‍රසිද්ධ කරන්නට විය.
කොවිඩ් වසංගතය ආරම්භයේදීම ඔස්ට්‍රේලියානු දේශ සීමා ජාත්‍යන්තරයට වසා දැමීමට ලිබරල් සන්ධාන රජය තීරණය කළේය.
නමුත් මේ වන විට කොවිඩ් නීති ලිහිල් වී ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි ජාත්‍යන්තරයට විවෘත කර තිබේ.
ඒ අනුව මිනිසුන් රැගෙන නීති විරෝධී අයුරින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන යාත්‍රා ආපසු හරවා යැවීමට සහ සරණාගතයින් සඳහා Temporary Protection හෙවත් තාවකාලික ආරක්ෂණ වීසා ප්‍රවර්ධනය කිරීමට ලිබරල් සන්ධානයේ අවධානය නැවත වරක් යොමුවී ඇත.
ඔස්ට්‍රේලියාවේ දේශ සීමාව ආරක්ෂා කිරීම සඳහා මෙම සෑම ප්‍රතිපත්තියක්ම අවශ්‍ය බව ලිබරල් සන්ධානයේ නිල වෙබ් අඩවිය පවසයි.
නීති විරෝධී යාත්‍රා නැවැත්වීම නිසා රජයට රැඳවුම් මධ්‍යස්ථාන 19 ක් වසා දැමීමටත්, සියලුම ළමයින් රැඳවුම් භාරයෙන් ඉවත් කිරීමටත් හැකි වී තිබෙන බවද එය පෙන්වා දෙයි.
ලිබරල් සන්ධානය බලයට පත් වූ කාලයට වඩා ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක රැඳවුම් මධ්‍යස්ථාන ආශ්‍රිත විධිවිධාන සඳහා රජය දැන් සෑම වසරකම ඩොලර් බිලියනයක් අඩුවෙන් වියදම් කරන බවද ඔවුහු පවසති.

ස්වෛරී දේශසීමා මෙහෙයුම
ස්වෛරී දේශසීමා මෙහෙයුම යනු 2013 සැප්තැම්බර් පැවැත්වූ ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසුව ලිබරල් සන්ධාන රජය හඳුන්වා දුන් වැඩසටහනකි.
ඔස්ට්‍රේලියාවට නීති විරෝධී යාත්‍රා පැමිණීමට එරෙහිව සටන් කිරීම සඳහා මිලිටරි නායකත්වයෙන් යුත් ප්‍රතිචාරයකින් මෙය සමන්විත වේ.
මෙම මෙහෙයුමේ කොටසක් ලෙස ඔස්ට්‍රේලියාවේ සරණාගත තත්ත්වය අපේක්ෂාවෙන් සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් සඳහා Temporary Protection වීසා හෙවත් තාවකාලික ආරක්ෂණ වීසා නැවත හඳුන්වා දෙන ලදී.
එය ප්‍රථම වරට Howard ලිබරල් රජය යටතේ 1999 දී හඳුන්වා දුන් අතර පසුව කම්කරු Rudd රජය යටතේ 2008 දී ඉවත් කරන ලදී.
Temporary Protection වීසා හරහා අදාළ වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාව තුළ ඉගෙනීමට, රැකියා කිරීමට මෙන්ම Centrelink පහසුකම් ලබා ගැනීමටද අවස්ථාව සලසයි.
Temporary Protection වීසා භාවිතය මිනිස් ජාවාරම්කරුවන්ට විකිණීමට නිෂ්පාදනයක් ප්‍රතික්ෂේප කරන බව ලිබරල් පක්ෂය සිය ප්‍රචාරක වෙබ් අඩවියේ පවසයි.
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා බලපත්‍රලාභීන් 18,000 ක් පමණ වීසා කොන්දේසි හේතුවෙන් ස්ථිර ලෙස අවිනිශ්චිත තත්ත්වයක සිටින බව පසුගිය අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.
ලිබරල් සන්ධාන රජයේ temporary protection වීසා ප්‍රතිපත්තිය පිටුපස ඇත්තේ තම සහකරු හෝ සහකාරිය සහ දරුවන්ගෙන් වෙන් වූ මිනිසුන්ගේ මානව සහ පවුල් ඛේදවාචක බව ද ඔහු පැවසීය.
ලිබරල් සන්ධාන රජය විසින් නීති විරෝධී යැයි සැලකෙන මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය පැතීම වැළැක්වීමට මෙම ප්‍රතිපත්තිය බාධාවක් ලෙස ක්‍රියා කළ බවට “සාක්‍ෂියක් නොමැති බව සරණාගත කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Paul Power පැවසීය
සරණාගත තත්ත්වය යළි තහවුරු කර ගැනීම සඳහා සංකීර්ණ ක්‍රියාවලියකට යටත් කරමින් සරණාගතයින් වීසා බලපත්‍ර අලුත් කිරීමට නැවත අයදුම් කළ යුතු බව ද ඔහු පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
සංක්‍රමණ කෝටාව
පුහුණු සංක්‍රමණිකයින්ට වැඩි වශයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර දෙන ලෙස ව්‍යාපාරික කණ්ඩායම් ලිබරල් සන්ධාන රජයෙන් ඉල්ලා සිටියි.
නමුත් සංක්‍රමණික කෝටාව වැඩි කිරීමට තමන් තවමත් කැමැත්තක් නොමැති බව අගමැති මොරිසන් පවසා තිබේ.
වර්තමාන සංක්‍රමණික සීමාව 160,000 වෙත ළඟා වූ පසු කෝටාව නැවත තක්සේරු කළ හැකි බව ඔහු මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු මුල්‍ය සමාලෝචන ව්‍යාපාර සමුළුවකදී පැවසුවේය.

කම්කරු පක්ෂය
ස්ථිර වීසා සඳහා වැඩි අවස්ථාවක්
කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන පිළිබඳ දැඩි ප්‍රතිපත්ති කිසිවක් ප්‍රකාශ කර නැති නමුත් පද්ධතියට ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවට සංඥා කර ඇත.
සංක්‍රමණ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ ඡායා ඇමතිනි Kristina Keneally පසුගිය වසරේ අගභාගයේදී Migration Institute හි දේශනයක් පැවැත්වූ අතර එහිදී ඇය ස්ථිර පදිංචිය පිළිබඳ නව අවධානයක් යොමු කළාය.
"ඔබ කෙනෙකුට ස්ථිරවම මෙහි එන ලෙස ආරාධනා කරන්න, නැතහොත් ඔබ ඔවුන්ට කිසිසේත් ආරාධනා නොකරන්න." යනුවෙන් හිටපු ලිබරල් පක්ෂ අගමැති John Howard උපුටා දක්වමින් සෙනෙට් සභික Keneally එහිදී පැවසුවාය.
කම්කරු පක්ෂය රජයක් පිහිටුවන්නේ නම් විදේශ ශ්‍රමිකයන්ට ස්ථිර පදිංචිය ලබා දීම ගැන සලකා බැලිය හැකි බවට කම්කරු පක්ෂ නායක Anthony Albanese ද ඊට පසුව සංඥාවක් නිකුත් කළේය.
සෑම වසරකම ශ්‍රමිකයින් දහස් ගණනක් තාවකාලික රැකියා වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණේ.

සරණාගත ප්‍රතිපත්තිය
ලිබරල් සන්ධානයේ ස්වෛරී දේශසීමා මෙහෙයුමට සහාය දක්වන බව කම්කරු පක්ෂය පවසා ඇත.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයින්ව තුන්වන රටක නැවත පදිංචි කිරීමට සහ ආරක්ෂිත ආකාරයෙන් සහ සුදුසු අවස්ථාවල නීති විරෝධීව මිනිසුන් රැගෙන එන යාත්‍රා ආපසු හරවා යැවීමට තම පක්ෂය සහය වීම එයින් අදහස් කරන බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.
නමුත් temporary protection වීසා ඉවත් කිරීමට කම්කරු පක්ෂය සූදානම් බව සඳහන්.
2013 වසරේ සිට නීති විරෝධීව යාත්‍රාවලින් පැමිණි කිසිදු සරණාගතයෙකුට සරණාගතභාවයක් නිකුත් කර නොමැති නිසාත්, අනාගතයේදී නීති විරෝධීව යාත්‍රාවලින් පැමිණෙන අයට ඒවා නිකුත් නොකරන නිසාත් එම වීසා අනවශ්‍ය බව කම්කරු පක්ෂය පවසයි.
නමුත් 2013 ජුලි මාසයට පෙර යාත්‍රාවලින් පැමිණි ඇතැම් සරණාගතයින් එම වීසා දරති.
ඔවුන් දැනටමත් ඔස්ට්‍රේලියානු ප්‍රජාව තුළ ජීවත් වෙමින් බදු ගෙවන බැවින් ඔවුන්ට ස්ථිර වීසා විකල්පයක් ලබා දිය යුතු බව ද කම්කරු පක්ෂය පවසයි.

