මැයි 21 වන දින පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රතිඵලයට අනුව බොහෝ දුරට Hung Parliament හෙවත් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් බිහි වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති.
එසේ වුවහොත් ඔස්ට්‍රේලියාව රටක් ලෙස අස්ථාවර වේවිද?
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Hung Parliament
Hung Parliament එකක් යනු කම්කරු, ලිබරල්-නැෂනල්ස් වැනි කිසිදු පක්ෂයක් හෝ පක්ෂ සන්ධානයක් ආසන 151 කින් යුත් පහළ මන්ත්‍රණ සභාවේ අවම වශයෙන් ආසන 76 ක් දිනා නොගන්නා විටය.
එවැනි පාර්ලිමේන්තුවක් ඇති විට ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ හෝ වෙනත් පක්ෂවල සහය ලබා ඔවුන්ට බල තුලනය ලබා නොදී පහළ මන්ත්‍රණ සභාවේ පනත් සම්මත කළ නොහැක.
මෙය අවසන් වරට සිදුවූයේ 2010 දී, කම්කරු පක්ෂය සහ ලිබරල් සන්ධානය යන පාර්ශව දෙකම ආසන 72 බැගින් ලබා, Greens පක්ෂය එක් ආසනයක් දිනා ස්වාධීන මන්ත්‍රීවරුන් හතර දෙනෙකු තේරී පත් වූ අවස්ථාවේදීය.
Greens පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු ජූලියා ගිලාඩ් සුළුතර කම්කරු ආන්ඩුවක් පිහිටුවීමට එහිදී සමත් වුවාය.
ඕස්ට්‍රේලියාව එහි ද්වි-පක්ෂ ක්‍රමය තහවුරු කළ 1910 න් පසු Hung Parliament එකක් බවට පත්වු අනෙක් එකම පාර්ලිමේන්තුව 1940 ෆෙඩරල් මැතිවරණයේදී සිදු විය.
United Australia පක්ෂයට නායකත්වය දුන් එවකට අගමැති Robert Menzies, රජයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහය ලබා ගත්තේය.

මෙවර මැතිවරණයේදී බහුතරයක් නැති පාර්ලිමේන්තුවක් ඇතිවීමට ඇති ඉඩකඩ
කම්කරු පක්ෂය සාමාන්‍ය බහුතරයකින් මෙවර මැතිවරණය ජයග්‍රහණය කරනු ඇති බව නවතම මත විමසුම්වලින් පෙනී යයි.
19,000කට ආසන්න ඡන්දදායකයින්ගේ නියැදියක් ගෙන The Australian පුවත්පත විසින් මෙහෙයවන ලද YouGov මත විමසුමකින් කම්කරු පක්ෂය ආසන 80ක් දිනා ගනු ඇතැයි පුරෝකථනය කරයි.
එය රජයක් පාලනය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආසන හතරක බහුතරයකි.
මේ අතර මෙවර ලිබරල් සන්ධානයේ බලය පහළ මන්ත්‍රණ සභාවේ ආසන 63 දක්වා අඩු වනු ඇති අතර, ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt ස්වාධීනව මන්ත්‍රීවරුන් හත් දෙනෙකු සමඟ නැවත තේරී පත් වනු ඇති බව එම මත විමසුමේ ප්‍රතිපල පෙන්වයි.
නමුත් 2019 ෆෙඩරල් මැතිවරනයේ ප්‍රතිඵලය ඕස්ට්‍රේලියානුවන්ට යමක් ඉගැන්වූයේය.
එනම් සැබවින්ම විශ්වාස කළ හැකි එකම මත විමසුම මැතිවරණ දිනයේ පවත්වන එක බවය.
මේ වන විට ලිබරල් සන්ධානය බලය හොබවන මැතිවරණ කොට්ඨාසවල ලිබරල් මන්ත්‍රීවරුන්ට අභියෝග කරන ස්වාධීන අපේක්ෂකයින් කිහිප දෙනෙකු සාර්ථක වුවහොත්, මත විමසුම් යෝජනා කරන පරිදි, සහ කම්කරු පක්ෂය සතුව ඇති ආසන 68ම තබාගෙන අවම වශයෙන් තවත් අටක්වත් ලබා නොගන්නේ නම්, Hung Parliament හෙවත් බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් බිහි වනු ඇත.

බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් බිහිවූ විට සිදු වන්නේ කුමක්ද?
බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් ඇති වුවහොත් මීළඟට කුමක් සිදුවේද යන්න තීරණය කිරීම වත්මන් අගමැතිවරයා සතු කාර්යයකි.
ඒ අනුව Scott Morrisonට ආණ්ඩුව වෙනුවෙන් ඉල්ලා අස්වෙන්න, අගමැති ධුරයේ රැඳී සිටීමට උත්සාහ කරන්න, පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයකින් බේරීමට හැකිද කියා බලන්න, එසේ නැතිනම් ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ගේ සහය ලබාගන්න උත්සාහ කිරීමට හැකිය.
2010 දී ජූලියා ගිලාඩ් ඉන් දෙවැන්න කිරීමට තීරණය කළාය.
අනෙකුත් ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ සති දෙකකට වැඩි කාලයක් සාකච්ඡා කරගෙන යාමට පෙර කම්කරු පක්ෂය Greens පක්ෂය සමඟ විධිමත් ගිවිසුමක් ඇති කර ගත්තේය.
කම්කරු පක්ෂය අවසානයේ Tony Windsor, Rob Oakeshott සහ Andrew Wilkie යන ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ විශ්වාසදායි එකඟතාවකට එළඹුණු අතර, පහළ මන්ත්‍රණ සභාවේදී තමන්ට අවශ්‍ය ආසන 76ක බහුතරය ලබා ගත්තේය.
ස්වාධීන මන්ත්‍රීවරුන් තමන් රජයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට හෝ පහළ මන්ත්‍රණ සභාව ගෙන එන ඕනෑම විශ්වාසභංග යෝජනාවකින් වැළකී සිටින බවට සහතික වූ අතර ඇතැම් පනත් සම්මත කිරීමේදී එයට සහාය දක්වන බව එයින් අදහස් කෙරුණි.
තමන්ගේ ඉල්ලීම් නොලැබුණු නිසා ස්වාධීන මන්ත්‍රීවරුන් 2010 දී ඔවුන්ගේ සහයෝගය කම්කරු පක්ෂයට ලබා නොදුන් අතර, 2012 දී Julia Gillard පෝකර් යන්ත්‍ර ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් Andrew Wilkie සමඟ ඇති කර ගත් ගිවිසුම කඩ කළ විට ඔහු එය ඉවත් කර ගත්තේය.

Morrison සහ Albanese කුමක් කරනු ඇතැයි පවසා ඇතිද?
Scott Morrison සහ Anthony Albanese යන දෙදෙනාම බහුතරයක් සහිත ආන්ඩුවක් පිහිටුවීමට තම මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරවල යෙදී සිටිති.
Hung parliament හෙවත් බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් මැතිවරණයට පසුව ඇති වුවහොත් අගමැති ධුරයෙන් ඉවත්වනවාද යන ප්‍රශ්නය පසුගිය සතියේදී වත්මන් අගමැති මොරිසන්ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේය.
"මෙය ඔස්ට්‍රේලියානු ජනතාවගේ තේරීමක්" යනුවෙන් ඔහු එහිදී පැවසීය.
"ඒකට මගේ උත්තරය තියෙන්නේ ඔස්ට්‍රේලියානු ජනතාව ළඟ. මම ඔවුන්ගේ යහපත් හෘදය සාක්ෂිය සහ ඔවුන්ගේ සද්භාවය ගැන විශ්වාසය තබනවා."
සුළුතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ස්වාධීන අපේක්ෂකයන් සමඟ ගනුදෙනු කිරීමට අදහස් නොකරන බවද ප්‍රධාන පක්ෂ දෙකෙහිම නායකයින් දෙදෙනා පවසා තිබේ.
නමුත් ඔවුන්ට ස්ථාවර රජයක් ලබා දීමට අවශ්‍ය නම්, ඔවුන්ගෙන් එක් අයෙකුට පහළ මන්ත්‍රණ සභාවේ බහුතරය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ විශ්වාසය ඇතිකරගෙන එකඟතා ගිවිසුම් සඳහා සාකච්ඡා කිරීමට අවශ්‍ය වනු ඇත.
බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවක් ඇති වුවහොත් තම පක්ෂය කම්කරු පක්ෂය සමඟ ගිවිසුමක් ඇති කර ගැනීමට උත්සාහ කරන බව ග්‍රීන්ස් පක්ෂ නායක Adam Bandt දැනටමත් පෙන්වා දී ඇති අතර Centre Alliance මන්ත්‍රිනී Rebekha Sharkie පැවසුවේ තමන් පළමුව ලිබරල් සන්ධානය සමග සාකච්ඡාවකට පැමිණෙන බවය.

පසුගිය කාලයේ පැවති සුළුතර ආණ්ඩු කෙතරම් ඵලදායිද?
අගමැති Scott Morrison විසින් බහුතරයක් නොමැති පාර්ලිමේන්තු වල "අවුල් සහ අස්ථාවරත්වය" ගැන නිරන්තරයෙන් අනතුරු අඟවා ඇත.
නීති සම්පාදනය කිරීම සහ අරමුදල් සම්පාදනය කිරීමේදී සුළුතර ආණ්ඩුවකට ස්වාධීන මන්ත්‍රීවරුන් සමග යම් ගනුදෙනුවක් කිරීමට අවශ්‍ය විය හැකි බව සත්‍යයක් වන අතර, සෑම පනතක් ම පැහැදිලි කිරීමට සහ සාධාරණීකරණය කිරීමට රජයකට බල කිරීම වැනි ගැටළු නිසා පාර්ලිමේන්තු සම්මුතියකට එළඹීමේ ගැටළු සහගත තත්ත්ව ඇතිවිය හැකිය.
බහුතරයක් නොමැති පාර්ලිමේන්තුවලින් බලතුලනය පාලනය කරන පිරිස්වලට ජනතාව සඳහා ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගැනීමට ද අවස්ථාව සලසයි.
"43 වැනි පාර්ලිමේන්තුවෙන් පසුව, මම වෙහෙසට පත්ව සිටිමි," Rob Oakeshott 2016 දී පැවසුවේ, සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පූර්ණ කාලීනව එකට වැඩ කිරීමට ගත් වෙහෙස ගැන ආවර්ජනය කරමිනි.
නමුත් ඒ සියල්ල තිබියදීත්, නිසැකවම විසුරුවා හරින ලද පාර්ලිමේන්තුවට වඩා එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ වඩාත්ම ඵලදායි පාර්ලිමේන්තුවක් විය.
The Conversation සඟරාවට අනුව, National Disability Insurance Scheme (NDIS), ළමා අපචාර පිළිබඳ රාජකීය කොමිසම, කාබන් සහ පතල් බදු සහ සිගරට් සඳහා සරල ඇසුරුම් නීති හඳුන්වාදීම ඇතුළුව 43 වැනි පාර්ලිමේන්තුවේදී සෙනෙට් සභාව විසින් පනත් 570ක් සම්මත කරන ලදී.
නමුත් 1940 දී Robert Menzies නායකත්වය දුන් සුළුතර රජය එතරම් සාර්ථක නොවීය.
sයන්තම් වසරකට පසු, ඔහුගේ පක්ෂයට සහය දුන් ස්වාධීන මන්ත්‍රීවරු ඔවුන්ගේ පක්ෂපාතිත්වය මාරු කර, ආන්ඩුව පරාජය කිරීමට සහ 1941 දී John Curtin බලයට ගෙන ඒමට කම්කරු පක්ෂයට ඡන්දය දුන්හ.

