ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ සති දෙකකටත් වඩා අඩු කාලයකි.
මැයි 21 වන දින පැවැත්වීමට නියමිත මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා තමන්ගේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයට පැමිණ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි ඡන්ද දායකයින්ට පූර්ව වශයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව (early voting) අද සිට (09/05) නිල වශයෙන් ආරම්භ කෙරුණි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
400,000 කට ආසන්න පිරිසක් දැනටමත් තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කර ඇත.
2022 ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය සඳහා කලින් ඡන්දය ලබා දීම පිළිබඳ ඔබ දැනගත යුතු මූලික විස්තර මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
කලින් ඡන්දය ලබාදීම යනු කුමක්ද සහ මෙය ලබා දීමට හේතු
ඔස්ට්‍රේලියාව පුරා කලින් ඡන්දය ලබාදිය හැකි ඡන්දය ප්‍රකාශ කිරීමේ ස්ථාන 500 ක් පමණ මේ කාලය තුළ විවෘත කර තිබේ.
මෙම ක්‍රමය මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන පුද්ගලයින් සඳහා එම පහසුකම සැලසීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක කෙරේ.
මෙහි ජනප්‍රියත්වය මෑත වසරවල වැඩි වෙමින් පවතී.
2019 මහ මැතිවරණයේ දී 40% කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් කලින් ප්‍රකාශ කර ඇත.
ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම (AEC) තම ඡන්දය ලබාදීම කල්තියා සැලසුම් කරන ලෙසට ජනතාව දිරිමත් කරන අතරම, හැකි නම් මැයි 21 වැනිදා ඡන්ද පොළට යන ලෙසටද ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටී.
"ඔබට මැතිවරණ දිනයේදී ඡන්දය ප්‍රකාශ කළ හැකි නම්, ඔබ කළ යුත්තේ එයයි" මැතිවරණ කොමසාරිස් Tom Rogers පැවසීය.

කලින් ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ කොහේද සහ කෙසේද?
ඔබ පුද්ගලිකව කලින් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, ඔබට ඔබේ ළඟම ඇති ඡන්ද මධ්‍යස්ථානය අන්තර්ජාලයෙන් සොයාගත හැකිය.
එවැනි ඡන්ද මධ්‍යස්ථානයකට පුද්ගලිකව ගොස් කලින් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඔබ පෙරාතුව ලියාපදිංචි වීමට අවශ්‍ය නොවේ.
පුද්ගලිකව ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන පුද්ගලයින් තැපැල් ඡන්දයක් සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබයි.
තැපැල් ඡන්ද අයදුම්පත් මැයි 18 දිනෙන් අවසන් වන අතර, ඡන්ද පත්‍රිකා සම්පූර්ණ කර සාක්ෂි දැරීම මැයි 21 හෝ ඊට පෙර සිදු කළ යුතුය.
ඔබගේ තැපැල් ඡන්ද පත්‍රිකාව ගණනය කිරීම සඳහා යොදවා ගැනීමට නම්, මැතිවරණයෙන් දින 13ක් ඇතුළත AEC වෙත එය ලැබිය යුතුය
අන්ධ හෝ අඩු පෙනීම ඇති අය සඳහා ද දුරකථන ඡන්දය ලබා ගත හැකිය.
නමුත් ඔබට අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කළ නොහැකිය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
කලින් ඡන්දය ප්‍රකාශ කිරීම සැමටම විවෘතද?
මැයි 21 වන දින, ඔබ ලියාපදිංචි වී සිටින, සංචාරය කරන, ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබේ සේවා ස්ථානයෙන් පිටවීමට නොහැකි වූ, බරපතල ලෙස රෝගාතුර වූ, දුර්වල වූ හෝ කෙටි කලකින් දරු ප්‍රසූතියක් සිදුකිරීමට නියමිත පුද්ගලයින් තම මැතිවරණ කොට්ඨාසයෙන් පිටත සිටී නම්, ඔබට පුද්ගලිකව හෝ තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසයි.
රෝහල්ගතව සිටින රෝගීන් සඳහා, ඡන්ද මධ්‍යස්ථානයකට යමෙකු පැමිණීම වළක්වන ආගමික විශ්වාසයන් ඇති අය සඳහා හෝ ඔබේ ආරක්ෂාව පිළිබඳ සාධාරණ බියක් ඇති අය සඳහා ද මෙලෙස කලින් ඡන්දය ලබාදීමට හැකිය.

වෙනත් ප්‍රාන්තයක හෝ විදෙස් රටක සිටී නම් හෝ ඡන්දය දෙන්නේ කෙසේද?
ඔබ මැතිවරණ දිනයේදී වෙනත් ප්‍රාන්තයක හෝ ටෙරිටරියකම සිටී නම් ඔබට අන්තර් ප්‍රාන්ත ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කළ යුතුය.
ඔබ විදේශගතව සිටින්නේ නම් ඔබට ඇතැම් තානාපති කාර්යාලවල හෝ කොන්සල් කාර්යාලවල පෞද්ගලිකව ඔබේ ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
කෙසේ වෙතත්, සියලුම විදේශීය ඡන්ද මධ්‍යස්ථානවලදී 2022 මැතිවරණය සඳහා පුද්ගලිකව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇති බව ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම දැනුම් දෙයි.
විදෙස් රටවල සිටින ඡන්දදායකයින් තැපැල් ඡන්දයක් සඳහා අයදුම් කිරීම නිර්දේශ කරනු ලැබේ.
ඔවුන් ඒ සඳහා හැකි ඉක්මනින් කටයුතු කළ යුතු අතර නියමිත වේලාවට එය අවසන් කළ හැකිය.

ඔබ ප්‍රාදේශීය දුරස්ථ කලාපයක ජීවත් වන්නේ නම් කුමක් කළ යුතුද?
ප්‍රාදේශීය කලාපවල වෙසෙන ඡන්ද දායකයින්ට ඡන්දය ලබා දීමට ජංගම ඡන්ද කණ්ඩායම් 40 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා ප්‍රජාවන් 350 කට වැඩි සංඛ්‍යාවක් වෙත පැමිණේ.
ඉන් බහුතරය බටහිර ඔස්ට්‍රේලියාවේ සහ Northern Territory හි වන අතර බොහෝ දෙනෙක් ස්වදේශික ප්‍රජාවන් වේ.
මෙය ක්‍රියාත්මක වන දින සහ ස්ථාන අන්තර්ජාලය ඔස්සේ ඔබට සොයාගත හැකිය.
පූර්ව ඡන්ද මධ්‍යස්ථානවල COVID-19 ආරක්ෂණ පියවර ක්‍රියාත්මකද?
කලින් ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානවල COVID-19 ආරක්ෂණ පියවර රාශියක් ක්‍රියාත්මක වේ.
සනීපාරක්ෂක නිලධාරීන් විසින් ඡන්ද මධ්‍යස්ථානවල සියලු මතුපිට පෘෂ්ඨ සහ පැන්සල් නිතිපතා විෂබීජහරණය කරනු ලබන බව වාර්තා වේ.
පුද්ගල දුරස්ථභාවය රැකගැනීම සඳහා අදාළ මාර්ගෝපදේශ සපයන සලකුණු සහ අධීක්ෂණය කරන පෝලිම් ක්‍රියාත්මක කෙරේ.
මැතිවරණ කොමිසමේ කාර්ය මණ්ඩලය ද අවශ්‍ය පරිදි මුව ආවරණ සහ වෙනත් පුද්ගලික ආරක්ෂක උපකරණ පැළඳ සිටිනු ඇත.
ඡන්ද මධ්‍යස්ථානයකට යාමට ඔබ කොවිඩ් එන්නත ලබා තිබීම අවශ්‍ය නොවේ.
කලින් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා 13 23 26 අංකයෙන් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම අමතන්න නැතිනම් ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

