සෙනට් සභාවට තේරී පත්වන සෙනට් සභිකයින් පිළිබඳ තේරීම් අවසන් වෙමින් පවතින අතර, සෙනෙට් සභාව හරහා සිය නීති සම්පාදනය කිරීම සඳහා කම්කරු පක්ෂයට දුෂ්කර තත්ත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පසුගිය මැයි 21 පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය පාර්ලිමේන්තුවේ ආසන 77 ක් ලබා පහළ මන්ත්‍රණ සභාවේ බහුතර බලය අත්කරගනිමින් නව රජයක් පිහිටුවීය.
නමුත් මේ වන විට සෙනට් සභාවේ බහුතරය ලබා ගැනීමට කම්කරු පක්ෂය අර්බුදයක සිටී.
Highlights
- ආසන 76 ක සෙනට් සභාවෙන් කම්කරු පක්ෂයට මෙවර සෙනට් ආසන 26ක් හිමිව තිබේ.
- ලිබරල් සන්ධානයට සෙනට් ආසන 32 ක් හිමිව ඇති අතර සෙනට් සභාවේ වැඩිම ආසන ඇති පක්ෂය හෝ සන්ධානය බවට ඔවුන් පත්වනු ඇත.
- සෙනට් සභාවේදී පනතක් සම්මත කරගැනීමට ඡන්ද 39 ක් ලබාගත යුතුය.
නව සෙනට් මණ්ඩලයේ සංයුතිය
ඔස්ට්‍රේලියාවේ ආසන 76 ක සෙනට් සභාවෙන් කම්කරු පක්ෂයට ආසන 26ක් හිමිව තිබේ.
ලිබරල් සන්ධානයට සෙනට් ආසන 32 ක් හිමිව ඇති අතර සෙනට් සභාවේ වැඩිම ආසන ඇති පක්ෂය හෝ සන්ධානය බවට ඔවුන් පත්වනු ඇත.
ඊට අමතරව පහත අයුරින් සෙනට් ආසන මේ වන විට බෙදී ගොස් තිබේ.
- ග්‍රීන්ස් පක්ෂය - සෙනට් ආසන 12
- One Nation - සෙනට් ආසන 02
- Jacqui Lambie Network - සෙනට් ආසන 02
- United Australia පක්ෂය (UAP) - සෙනට් ආසන 01
- David Pocock - සෙනට් ආසන 01

සෙනට් සභාවේ වැඩි බලය විපක්ෂයට
සෙනට් සභාවේදී පනතක් සම්මත කරගැනීමට ඡන්ද 39 ක් ලබාගත යුතුය.
ඒ අනුව දැනට ඇති තත්ත්වය අනුව කම්කරු පක්ෂයට වැඩි ඡන්ද ලබා ගැනීම සඳහා ග්‍රීන්ස් පක්ෂයේ සහ අවම වශයෙන් තවත් එක් ස්වාධීන සෙනට් සභිකයෙකු ගේ සහය අවශ්‍ය වේ.
කම්කරු පක්ෂයට තවමත් ග්‍රීන්ස් පක්ෂය සමඟ දුෂ්කර මට්ටමේ සාකච්ඡා පවතිනු ඇති නමුත් ඔවුන්ට අවම වශයෙන් ටස්මේනියාවේ Jacqui Lambie ගේ සෙනෙට් සභිකයින් දෙදෙනෙකු සිටින අතර ඔවුන් සැමවිටම සාකච්ඡාවට සූදානම් බව ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය John Warhurst පැවසීය.
වික්ටෝරියා ප්‍රාන්තයේ අවසන් සෙනට් ආසනය United Australia පක්ෂයේ සාමාජික Ralph Babet වෙත හිමි වූ අතර ඔහු ලිබරල් පක්ෂයේ Greg Mirabella අභිබවා ඔහු හයවන ස්ථානයට පත්විය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
පාර්ලිමේන්තුවට බොහෝ විට අනපේක්ෂිත ප්‍රතිඵල ඇතිවිය හැකියි
සෙනෙට් සභාවේදී United Australia පක්ෂය කම්කරු පක්ෂයේ නීති සම්පාදනයට සහාය දෙන්නේ දැයි නොදන්නා නමුත් පාර්ලිමේන්තුවට බොහෝ විට අනපේක්ෂිත ප්‍රතිඵල ඇති විය හැකි බව අගමැති Anthony Albanese පැවසීය.
"පාර්ලිමේන්තුව ඇතැම් විට හාස්‍යජනක ස්ථානයක් විය හැකි අතර ඇතැම් විට කවුරුත් නොසිතන ආකාරයට ඔවුන් ඡන්දය දෙනු ඇති" යනුවෙන් අගමැති Albanese, ABC ගුවන් විදුලියට පැවසීය.
කලින් කලට, දේශපාලන පක්ෂ අනපේක්ෂිත ආකාරයෙන් ඡන්දය ලබා දෙනු ඇති බවද ඔහු පැවසීය.
මැතිවරන ජයග්‍රහණය තිබියදීත්, කම්කරු පක්ෂය මෙවර අමතර සෙනෙට් ආසන කිසිවක් ලබා ගත්තේ නැත.
කම්කරු පක්ෂය සෙනට් සභාවේ ස්ථාවරය වැඩි නොකිරීම ගැන තමන් පුදුමයට පත් වූ බවත් සෙනට් සභාව වඩාත් ප්‍රගතිශීලී දිශාවකට මාරු වී ඇති බවත් ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය John Warhurst පැවසීය.
ලිබරල් සන්ධානයට වැඩිම සෙනට් ආසන හිමි වූ අතර එය දුෂ්කර තත්ත්වයකට ගෙනයන බව මහාචාර්ය Warhurst පැවසුවේය.

