2022 ජනවාරි 26 දිනට යෙදී තිබුණු ඔස්ට්‍රේලියා දිනය නිමිතිකොටගෙන වසරේ ඔස්ට්‍රේලියානුවා ඇතුළු ඔස්ට්‍රේලියානු දින සම්මාන මෙවරත් පිරිනැමිණි.
මෙය ඔස්ට්‍රේලියානු පුරවැසියන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඉහළම සම්මාන පිරිනැමීම වේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
වසරේ ඔස්ට්‍රේලියානුවා - Dylan Alcott
2022 වසරේ ඔස්ට්‍රේලියානුවා සම්මානය ඔස්ට්‍රේලියානු පැරාලිම්පික් ක්‍රීඩක Dylan Alcott හට හිමි විය.
62 වසරක ඔස්ට්‍රේලියානු දින සම්මාන ඉතිහාසය තුළ දෘශ්‍යමානව ආබාධ සහිත පුද්ගලයෙකු පළමු වරට මෙම සම්මානය හිමිකරගැනීම සුවිශේෂී සිදුවීමකි.
ප්‍රධාන ටෙනිස් කේවල ශූරතා හතරම සහ පැරා ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමෙන් පසු ඕනෑම ආකාරයක ටෙනිස් ක්‍රීඩා ඉසව්වකින් 'golden slam' ජයග්‍රහණය කළ පළමු මිනිසා බවට පත්වෙමින් ඔහු පසුගිය වසරේ ද ඉතිහාසගත විය.
"මම මගේ ආබාධිතභාවයට ආදරෙයි. එය මට මෙතෙක් සිදු වූ හොඳම දෙයයි. ඒ වගේම මට ජීවත් වෙන්න ලැබෙන ජීවිතය ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා." යනුවෙන් සම්මානය ලබා 31 හැවිරිදි Dylan Alcott මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.
2022 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ඔහුගේ අවසන් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය වන අතර ඉන් අනතුරුව ඔහු ඔස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් කැපවන බව ද පැවසීය.
2015 පටන් 2021 දක්වා ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ Quad singles තරග අංශයේ ශූරයා වන්නට නොකඩවා 7 වරක් Dylan Alcott සමත් විය.

වසරේ ජ්‍යෙෂ්ඨ ඔස්ට්‍රේලියානුවා - Valmai Dempsey
කැන්බරා නුවර පදිංචි 71 හැවිරිදි Valmai Dempsey මෙම වසරේ ජ්‍යෙෂ්ඨ ඔස්ට්‍රේලියානුවා ලෙස සම්මාන හිමි කරගත්තාය.
ඇය අඩ සියවසකට වැඩි කාලයක් ශාන්ත ජෝන් ගිලන් රථ සේවය සඳහා ස්වේච්ඡාවෙන් සේවය කර ඇත.
බොහෝ පිරිසක් ඇයව ආදරයට හඳුන්වන්නේ “Aunty Val” යනුවෙනි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
COVID-19 වසංගතය අතරතුර අනෙකුත් ස්වේච්ඡා සේවකයන් මානසිකව හා ශාරීරිකව හොද මට්ටමක සිටීදැයි ඇය සැමවිටම විමසා බැලූ අතර ලැව්ගින්නෙන් විපතට පත් පවුල්වලට අවශ්‍ය සහයද ලබා දෙමින් සිටියාය.
දශක තුනකට පෙර Valmai Dempsey, Project Survival ආරම්භ කල අතර එයින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමේ ගැටළු ඇති පුද්ගලයින්ට ඉගැන්වීම සිදු කළේය.
Valmai Dempsey ස්වේච්ඡා සේවයේ ඔස්ට්‍රේලියානු ආත්මය මූර්තිමත් කරන බව ජාතික ඔස්ට්‍රේලියානු දින කවුන්සිලයේ සභාපති Danielle Roche පැවසුවාය.

වසරේ තරුණ ඔස්ට්‍රේලියානුවා - Daniel Nour
නිව් සවුත් වේල්ස් හි අවදානමට ලක්විය හැකි පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා පද්ධතියේ හිඩැසක් ඇති බව වටහා ගන්නා විට වෛද්‍ය Daniel Nour ගේ වයස අවුරුදු 24 කි.
2020 අගෝස්තු මාසයේදී නිවාස නොමැතිකමින් පෙළෙන (homelessness) පුද්ගලයින් සඳහා ඔහු Street Side Medics නැමති ලාභ නොලබන පවුලේ ජංගම වෛද්‍ය සේවාවක් ආරම්භ කළේය.
වසර දෙකකට අඩු කාලයකින් එම සේවාව ස්වේච්ඡා සේවකයන් 145 දෙනෙකුගෙන් සමන්විත වූ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා සායන හතරක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණි.
වයස 26 හි පසුවන වෛද්‍ය Daniel Nour සිඩ්නි හි Royal North Shore රෝහලේ පූර්ණ කාලීනව රාජකාරී කරමින් සවස් වරුවේ අදාළ සායන හතරට ගොස් ඒවා නියමිත අන්දමින් ක්‍රියාත්මක කරයි.

Australia’s Local Hero - Shanna Whan
2015 දී මත්පැන් වලට ඇබ්බැහි වීමෙන් ඇගේ ජීවිතය පාහේ අහිමි වීමට තිබියදී Shanna Whan මත්පැන් පානය කිරීම අත්හැරියාය.
මත්පැන් සමඟ පොරබදමින් සිටින අන් අයට උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගත් Shanna Whan, Sober in the Country නමැති පුණ්‍ය ව්‍යාපාරය දියත් කළාය.
එය මත්පැන් ව්‍යාපාරයට “OK to say no” හරහා සම වයසේ මිතුරන්ගේ සහයෝගය, අධ්‍යාපනය සහ උපදේශනය පිරිනමන බිම් මට්ටමේ පුණ්‍යායතනයකි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Narrabri හි වෙසෙන 47 හැවිරිදි ඇය තනිව රැඩිකල් සමාජ බලපෑමක් ඇති කර ඇති අතර ප්‍රාදේශීය ඕස්ට්‍රේලියාවේ මත්පැන් පිළිබඳ අප සාකච්ඡා කරන සහ භාවිතා කරන ආකාරය වෙනස් කර ඇත.


