Breaking

මෙල්බර්න් lockdown කාලය ජුනි 10 දක්වා දීර්ග කෙරේ, නවතම කොරෝනා නීති මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙල්බර්න් lockdown කාලය තවත් දින 7 කින් දීර්ග කළද මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් වන සුළු වෙනසක් සිදු කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසුවේය.

Near empty streets in Melbourne after six new community COVID-19 cases were recorded in the state.

Near empty streets in Melbourne after six new community COVID-19 cases were recorded in the state. Source: AAP

මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති lockdown කාලය තවත් දින 7 කින් දීර්ග කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

ඒ අනුව හෙට (03/06) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති lockdown කාලය එළඹෙන ජුනි 10 වන දින මධ්‍යම රාත්‍රිය තෙක් දීර්ග කර ඇත.


Highlights

  • මෙල්බර්න් lockdown කාලය තවත් දින 7 කින් දීර්ග කළද ජුනි 03 මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් කෙරේ.
  • ජුනි 10 වන දින මධ්‍යම රාත්‍රිය තෙක් මෙල්බර්න් වැසියන්ට අත්‍යවශ්‍ය හේතු 5 කට පමණක් නිවසින් බැහැර විය හැකිය.
  • ජුනි 03 මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට "stay-at-home" නීතිය ඉවත් කෙරේ.

මෙල්බර්න් කොරෝනා නීති වල වෙනසක්

මෙල්බර්න් lockdown කාලය තවත් දින 7 කින් දීර්ග කළද මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති හා සීමාවන් වන සුළු වෙනසක් සිදු කෙරෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසුවේය.

ඒ අනුව එම සංශෝධන ජුනි 03 මධ්‍යම රාත්‍රියෙන් පසුව බලාත්මක වනු ඇති අතර සෙසු කොරෝනා නීති එලෙසම පවතිනු ඇත.

අත්‍යවශ්‍ය හේතු 5 කට පමණක් නිවසින් බැහැර විය හැකිය

ජුනි 10 වන දින මධ්‍යම රාත්‍රිය තෙක් මෙල්බර්න් වැසියන්ට අත්‍යවශ්‍ය හේතු 5 කට පමණක් නිවසින් බැහැර විය හැකි බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

එම හේතු 5 පහත පරිදි වේ.

  1. ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා
  2. අවසරලත් රැකියා සහ රාජකාරි කටයුතු සඳහා
  3. යම් පුද්ගලයෙකුව රැක බලාගැනීම සඳහා
  4. උපරිම පැය 2 ක කාල සීමාවකට තවත් එක් පුද්ගලයෙකු සමග පමණක් ව්‍යායාම් කිරීම සඳහා
  5. කොරෝනා එන්නත ලබාගැනීම සඳහා

 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


නමුත් ජුනි 03 මධ්‍යම රාත්‍රියෙන් පසුව පහත සංශෝධන ක්‍රියාත්මක වේ:

  • ව්‍යායාම් කිරීම සඳහා නිවසේ සිට යා හැකි උපරිම දුර කිලෝ මීටර් 10 ක් දක්වා දීර්ග කෙරේ
  • ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා නිවසේ සිට යා හැකි උපරිම දුර කිලෝ මීටර් 10 ක් දක්වා දීර්ග කෙරේ
  • 11 සහ 12 වසර වල පාසල් සිසුන් සඳහා පාසල් විවෘත කෙරෙන අතර මුහුණට මුහුණ අධ්‍යාපන කටයුතු ඇරඹේ
  • painting, landscaping සහ letterboxing ඇතුළු එළිමහන් රැකියා ගණනාවක් lockdown කාලය තුළ කිරීමට බලයලත් රැකියා ලැයිස්තුවට එකතු කෙරේ.

වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල කොරෝනා නීති ලිහිල් කෙරේ

ජුනි 03 මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට පහත සඳහන් නව කොරෝනා නීති හා සීමාවන් අදාළ වේ:

  • "stay-at-home" නීතිය ඉවත් කෙරෙන අතර නිවසේ සිට යා හැකි දුර ප්‍රමාණයේ සීමා ඉවත් කෙරේ.
  • මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ගමන් කළ හැක්කේ අවසර ලත් හේතුවක් ඇතොත් පමණි
  • එලෙස ගියහොත් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා ඇති කොරෝනා නීති හා සීමාවන්ට යටත් වේ
  • එළිමහනේ රැස්විය හැකි පිරිස 10 ක් දක්වා ඉහළ දැමේ (මෙම පිරිසට මාස 12 ට අඩු ළදරුවන් ඇතුළත් නොවේ)
  • අසුන්ගෙන ආහාර පාන ගන්නා අමුත්තන් සඳහා පමණක් hospitality ස්ථාන විවෘත කළ හැකි නමුත් වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය බලාත්මක වේ
  • සිල්ලර වෙළෙඳ සැල් සහ රූපලාවන්‍ය සහ පච්චා කෙටීම් වැනි පුද්ගලික සේවා සපයන ස්ථාන විවෘත කළ හැකි නමුත් ඒවායේ සේවකයින් මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ
  • ආගමික උත්සව සඳහා සහභගී විය හැකි උපරිම පිරිස 50 ක් වන අතර එය ගෘහස්ථව හෝ එළිමහනේ සිදුකළ හැකිය
  • විවාහ උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 10 ක් වන අතර අවමංගල උත්සව සඳහා 50 කි
  • එළිමහන් පිහිණුම් තටාක උපරිම පුද්ගලයින් 50 කට සීමා කෙරෙන නමුත් වර්ග මීටර් 4 කට එක් පුද්ගලයෙකු සිටිය යුතු යන නීතිය බලාත්මක වේ
  • පුස්තකාලද  උපරිම පුද්ගලයින් 50 ක සීමාවකට විවෘත කළ හැකිය
  • වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපවල විවෘතව ඇති නමුත් රූපලාවණ්‍ය හා අවන්හල් වැනි මෙල්බර්න් හි වසා ඇති ව්‍යාපාර සේවය සැලසීමේදී සෑම පාරිභෝගිකයෙකු ගේම අනන්‍යතාවය පරීක්ෂා කළ යුතුය

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service