Explainer

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් සඳහා වන කොරෝනා ආධාර සහ ඒවා ලබාගත හැකි අයුරු මෙන්න (SBS සිංහල/වාර්තා)

කොරෝනා වෛරස ව්‍යාප්තිය මත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown කිරීමෙන් සෘජු බලපෑම් එල්ල වූ පුද්ගලයින් හට සහ ව්‍යාපාර සඳහා වන මුල්‍යාධාර මෙම සතියේ සිට ලබාගත හැක.

A general view of the central business district in Sydney, Saturday, July 17, 2021.

A general view of the central business district in Sydney, Saturday, July 17, 2021. Source: AAP

මේ වනවිට ග්‍රේටර් සිඩ්නි කලාපය lockdown කිරීමේ සිව් වන සතියේ පසුවේ. මේ හේතුවෙන් මෙහි බලපෑම එල්ලවූ පුද්ගලයින් සහ ව්‍යාපාර හට මුල්‍යාධාර සඳහා ඉල්ලුම් කරන ලෙස බලධාරීන් පවසයි.

මෙමගින් COVID-19 Disaster Payment යනු ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජය එක්ව සපයන අරමුදලකි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් අදාළ සෞඛ්‍ය සීමාවන්ට අනුකුලව කටයුතු කිරීමට දිරිමත් කිරීමේ අරමුණින් ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය lockdown කිරීමෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ වෙළඳ ප්‍රජාව සඳහා ප්‍රදානයන් හඳුන්වා දී තිබේ.

මෙම සතියේ සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පුරා ව්‍යාපාර සඳහා මෙම ආධාර ලබාගැනීමට හැකියාව පවතින අතර JobSaver ගෙවීම් සහ ක්ෂුද්‍ර ව්‍යාපාර ප්‍රදාන (micro-business grants) මෙම මස අග සිට සිදු කෙරේ.

මෙලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල ලබාදෙන ආධාර සහ ඒවා ලබාගත හැකි අයුරු පහතින් දැක්වේ :

COVID-19 ආපදා ගෙවීම් (COVID-19 Disaster Payment)

COVID-19 අපදා ගෙවීම යනු ඕස්ට්‍රේලියානු රජය මගින් අවදානම් සහිත බවට නම් කල ප්‍රදේශයන්හි වෙසෙන පුද්ගලයින් සඳහා සතිපතා සිදු කරන ගෙවීමකි.

එම ප්‍රදේශ වල දින 7කට වඩා වැඩි කාලයක් දැඩි කොරෝනා නීති ක්‍රියාත්මක වීම සහ එම නීති මත ඔවුන්ගේ රැකියා පැය ගණන අඩුවීම මත මෙම ගෙවීම ලබාගැනීම සඳහා සුදුසුකම් වේ.

ඕස්ට්‍රේලියානු පදිංචිකරුවන් හට සහ තාවකාලික වීසා බලපත්‍රලාභීන් සහ වැඩ කිරීමේ අයිතිය ඇති ජාත්‍යන්තර සිසුන් ද ඇතුළුව රැකියා වීසා ලාභීන් හට මේ සඳහා ප්‍රවේශ විය හැක.

ග්‍රේටර් සිඩ්නි ප්‍රදේශයේ වෙසෙන තම රැකියාවේ පැය ගණන සතියකට පැය 20 සීමාවට වඩා අඩු වී ඇති පිරිස සඳහා සතියකට $375ක මුදලක් සහ සතියකට පැය 20ක් හෝ ඊට වඩා වැඩි පැය ගණනක් සිය සේවයෙන් අහිමි වූ පිරිස සඳහා සතියකට $600 මුදලක් සඳහා ඉල්ලුම් කල හැක.

lockdown පවතින සෑම සතියකදේම මෙම මුදල් ආධාර එම පිරිසට ලබාගත හැකි වේ.

සිය සාමාන්‍ය ආදායම අහිමිව ගිය ග්‍රේටර් සිඩ්නි කලාපයෙන් පිටත සිටින සුදුසුකම් ලබන පිරිස හටද මේ සඳහා අයදුම් කල හැක.

සපුරාලිය යුතු සුදුසුකම් පිළිබඳව වන ලැයිස්තුවට පිවිසෙන්න.

වෙනත් ගෙවීම් ලබාගැනීමට නොහැකි පිරිස පමණක් මේ සඳහා සුදුසුකම් ලබන අතර මෙම අදායම අදායම් බදු වාර්තාව සඳහා ඇතුලත් කල යුතු වේ.

මෙමගින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල පවුල් විශාල සංක්‍යාවකට ආධාර සැපයෙන බව රාජ්‍ය සේවා අමාත්‍ය Linda Reynolds පවසයි.

මේ සම්බන්ධයෙන් භාෂා 60කට වඩා වැඩි ගණනකින් තොරතුරු ලබාගැනීමට Services Australia වෙබ් අඩවියට පිවිසෙන්න

නොමැතිනම් විවධ භාෂා ඔස්සේ සහාය ලබාගැනීමට 131 202 යන අංකය අමතන්න

සුදුසුකම් ලත් වීසා බලපත්‍රලාභීන් හට 180 22 66 යන අංකය ඔස්සේ ද අයදුම් කල හැක

අයදුම් කිරීම සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

වසංගත නිවාඩු ආපදා ගෙවීම් (Pandemic Leave Disaster Payment)

ස්වයං නිරෝධායනය වීම , ස්වයං හුදකලා වීම හේතුවෙන් සහ COVID-19 වැළඳුනු පුද්ගලයෙකු රැක බලාගැනීම හේතුවෙන් හෝ ආදායම අහිමිවූ සේවකයින් හට මෙම Pandemic Leave Disaster Payment සඳහා අයදුම් කළ හැක.

මේ සඳහා සුදුසුකම් ලැබීමට එම පුද්ගලයින් නිරෝධායනය හෝ ස්වයං හුදකලා වීම සඳහා යොමු කොට තිබිය යුතුය.

නිරෝධායනය හෝ ස්වයං හුදකලා වන සහ COVID-19 වැළඳුනු පුද්ගලයෙකු රැක බලා ගන්නා සෑම දින 14කටම වරක් $1,500ක් සඳහා අයදුම් කල හැක. මේ සඳහා සෑම අවස්ථාවකදීම නැවත නැවතත් අයදුම් කලයුතු වේ.

මෙම අදායම අදායම් බදු වාර්තාව සඳහා ඇතුලත් කල යුතු වේ.

අයදුම් කිරීම සඳහා 180 22 66 අමතන්න

Claim for Pandemic Leave Disaster Payment – New South Wales form යන පෝරමය පුරවා 1300 727 760 අංකයට fax කිරීම මගින්ද අයදුම් කල හැක.

NSW COVID-19 ව්‍යාපාර ආධාර (NSW COVID-19 Business Grants)

COVID-19 Business Grants යනු ප්‍රාන්තයේ lockdown තත්වය මත අදායම අඩු වූ ව්‍යාපාර සඳහා එක වරක් පමණක් සිදුකරන ගෙවීමකි.

වාර්ෂික පිරිවැටුම $75,000 ක් වන ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි.

මෙම වාර්ෂික පිරිවැටුම අඩු වන ප්‍රමාණයට අනුව ගෙවීම වෙනස් වේ. 30% ක අඩුවක් සිදු වූ ව්‍යාපාර සඳහා $ 5,000ක්ද 50% අඩුවීමක් සිදු වූ ව්‍යාපාර සඳහා $7,500ක ගෙවීමක්ද සිදු කෙරේ. එමෙන්ම 70% පහතවටීමක් පෙන්වන ව්‍යාපාර සඳහා $15,000ක් දක්වා අයදුම් කල හැක.

මේ සඳහා මෙම ව්‍යාපාර වල පිරිවැටුම සති දෙකක කාලයක්වත් සංසන්දනය කල යුතු වේ.

අයදුම් පත් භාරගැනීම ආරම්භ කොට ඇති අතර ඒ සඳහා මෙහි ලියාපදිංචි වීම සිදු කල යුතු වේ.

JobSaver ගෙවීම් (JobSaver payments)

ප්‍රාන්තය තුල කුඩා සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සේවකයින් පවත්වාගැනීම සඳහා JobSaver support program ක්‍රියාත්මක කොට තිබේ.

මෙය සති දෙකකට වතාවක් සිදු කරන ගෙවීමකි.

ඩොලර් 75,000 ට වඩා පිරිවැටුමක් ඇති ව්‍යාපාරවලට ඔවුන්ගේ සතිපතා වැටුප් ලේඛනයෙන් 40% ක් දක්වා ගෙවීම් ලබාගැනීමට හැකි වේ.

මෙම ගෙවීම් $1,500 සිට $10,000 දක්වා සතිපතා සිදු කරන ගෙවීම් (weekly payroll) ඇතුලත් වේ.

Sole traders සඳහා සතිපත $1,000ක උපරිමයක් දක්වා ඉල්ලුම් කල හැක.

2019 වසරේ ජුනි හෝ ජූලි මාස වලට සාපේක්ෂව මෙම වසරේ එම මාස වල වාර්ෂික පිරිවැටුම 30%කින් අඩුවී ඇති ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි.

ගෙවීම් අඛණ්ඩව ලබාගැනීම සඳහා 2021 ජූලි 13 වන දින දක්වා සිය කාර්යමණ්ඩල මට්ටම පවත්වාගත් බවට පෙන්විය යුතු වේ.

ඉදිරි මාස දෙකක කාලය සඳහා සියලුම වැටුප් බදු වගකීම් කල් දැමීමටද ව්‍යාපාරිකයින් හට හැකි වේ.

JobSaver ගෙවීම් සඳහා අයදුම්පත් ජූලි 26 වන දින විවෘත වන අතර ගෙවීම් ජූලි 30 සිට ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපාරිකයින් හට Service NSW හරහා ලියාපදිංචි විය හැක.

COVID-19 ක්ෂුද්‍ර ව්‍යාපාර ආධාර (COVID-19 Micro Business Grants)

$30,000ත් $75,000ත් අතර වාර්ෂික පිරිවැටුමක් හිමි ව්‍යාපාර සහ sole traders හට සති දෙකකට $1,500 ක  Micro Business Grants සඳහා ඉල්ලුම් කල හැක.

2019 වසරේ ජුනි හෝ ජූලි මාස වලට සාපේක්ෂව මෙම වසරේ එම මාස වල වාර්ෂික පිරිවැටුම 30%කින් අඩුවී ඇති ව්‍යාපාර මේ සඳහා සුදුසුකම් ලබයි.

අයදුම්පත් ජූලි මස අගදී විවෘත වන අතර මේ සඳහා Service NSW හරහා ලියාපදිංචි විය හැක.

MusicKeeper සහ CrewKeeper

මෙය එක් වරක් පමණක් ලබාදෙන ගෙවීමකි.

මෙම ගෙවීම මගින් $2,000ක් ලබාදෙන අතර දරුවන් සිටින පවුල් සඳහා $2,700ක ගෙවීමක් සිදු කෙරේ.

පවතින lockdown තත්වය හමුවේ අදායමක් ලැබීමට නොහැකිව සිටින කලාකරුවන්, සංගීතඥයින් සහ කාර්ය මණ්ඩලය සාමාජිකයින් හට මෙය ලබාදේ.

වැඩි විස්තර සහ සුදුසුකම් සඳහා පිවිසෙන්න.

ඉවත් කිරීමේ තහනම (Eviction moratoriums)

COVID-19 බලපෑමට ලක්වූ සුදුසුකම් ලත් කුලී නිවැසියන් සිය නිවාස වලින් ඉවත් කිරීමෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම ඉවත් කිරීමේ තහනම හඳුන්වා දී තිබේ.

ජූලි මස 14 වනදා සිට සැප්තැම්බර් මස 11 වනදා දක්වා මෙම තහනම ක්‍රියාත්මක වන අතර කුලී නිවැසියන් සුදුසුකම් ලැබීමට ඔවුන්ගේ ආදායමෙන් 25% ක අඩුවීමක් සනාථ කල යුතුය.

කෙසේ නමුත් නිවැසියන් හට ගෙවීම් සිදු කිරීමට අපහසු අවස්ථා වලදී කුලී නිවැසියන් සහ නිවාස හිමියන් කුලී අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම වැදගත් වේ.

මහජන සෞඛ්‍ය නියෝග මගින් බලපෑම් සිදු වූ සිය කුලී නිවැසියන් ඉවත් කිරීමට පෙර එම නිවාස හිමියන් කුලිය අඩු කිරීමට උත්සාහ කල යුතු වේ.

එවැනි නිවාස හිමියන් සඳහා $1,500ක ගෙවීමක් හෝ ඉඩම් බදු අඩු කිරීමක් සිදු කෙරේ.

වානිජ්‍ය හෝ වානිජ්‍ය නොවන කුලී නිවැසියන් හටද මෙය බලපායි.

කුලී නිවාස අහිමි වූ හෝ අහිමි වීමේ අවදානමක් සහිත පිරිසට තාවකාලික නවාතැන් ලබාදීම සඳහා ඩොලර් මිලියන 12ක අමතර මුදලක් ලබාදීමට නියමිතව තිබේ.

වික්ටෝරියානුවන් හට වන ගෙවීම්

ජුලි මස 23 වනදා සිට වික්ටෝරියානු වැසියන් හටද COVID-19 Disaster Payments ලබාගැනීමට හැකිවේ.

ප්‍රාන්තය තුල lockdown කිරීමෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ඩොලර් මිලියන 200ක් දක්වා මුදල් ආධාර ලබාගත හැක.

සුදුසුකම් ලත් ව්‍යාපාර සඳහා සහ sole traders හට ස්වයංක්‍රීයව ආධාර ලැබීම සිදු වේ.

මැයි සහ ජුනි යන මාස වල lockdown කාලසීමාවේදී ආරම්භ කල Licensed Hospitality Venue Fund සහ Business Costs Assistance Program යන වැඩසටහන් හරහා ආධාර ලැබි හෝ ලැබීමට නියමිත ව්‍යාපාර 90,000ක් මේ සඳහා ඇතුලත් කොට තිබේ.

ගෙවීම් පිළිවෙලින් $3,000 සහ $2,000 බැගින් සිදු කිරීමට නියමිතව තිබේ.


Share

Published

Updated

By Caroline Riches, Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service