ලබන සතියේ ගෙනෙන කම්කරු රජයේ මංගල අය-වැය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සහ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers ඔවුන්ගේ පළමු ෆෙඩරල් අයවැය ලබන සතියේ 25 වනදා ඉදිරිපත් කිරීමට සූදානම් වන අතර, එහි මෙතෙක් හෙළිවූ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Prime Minister Anthony Albanese and Treasurer Jim Chalmers standing and shaking hands.

Prime Minister Anthony Albanese (left) and Treasurer Jim Chalmers will soon hand down their first federal budget. Source: AAP / Mick Tsikas

කම්කරු පක්ෂ රජයේ මංගල ෆෙඩරල් අය වැය ඔක්තෝබර් 25 වනදින ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

මෙම අය වැයෙන් මෙතෙක් ප්‍රකාශිත ප්‍රධාන කරුණු වෙත අවධානය යොමු කරමු.

ගෙවීම් සහිත වැඩිපුර මාපිය නිවාඩු

ඔස්ට්‍රේලියාවේ වැටුප් සහිත මාපිය නිවාඩු වැඩසටහන සති 18 සිට 26 දක්වා දීර්ඝ කරන බව අගමැති Albanese මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

වසර 2026 ජූලි සිට සම්පූර්ණ සති 26 ක නිවාඩු ලබා ගත හැකි වන තෙක් සෑම වසරකම අමතර දෙසතියක් මෙම වැඩසටහනට එක් කෙරේ.

මෙම සංශෝධනය නූතන පවුල් සඳහා නවීන ප්‍රතිපත්තියක් ලෙස අගමැතිවරයා විස්තර කළේය.

මෙම පියවර විශාල දියුණුවක් වන නමුත් අනෙක් දේවල් වඩාත් තීරණාත්මක බව ඔස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලයේ සභාපති Michelle O'Neil පැවසුවාය.

ජාතික මට්ටමේ අවම වැටුප් අනුපාතයට වඩා superannuation සහිත ආදේශක වැටුපකට මෙම නිවාඩු සඳහා ගෙවීම් කළ ගෙවිය යුතු බව ග්‍රීන්ස් පක්ෂයේ සෙනෙට් සභික Larissa Waters පැවසුවාය.

මතභේදාත්මක බදු අඩු කිරීම්

කම්කරු පක්සැහැ රජයේ මංගල අය වැයේදී පසුගිය ලිබරල් සන්ධාන රජය යෝජනා කළ තුන්වන අදියරේ බදු කප්පාදුව ඉවත් කරන්නේද, සංශෝධනය කරන්නේද, නැතහොත් එලෙසම ඉදිරියට ගෙන යන්නේද පිළිබඳව මේ වන විට ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට යොමු වී ඇත.

මෙම බදු අඩු කිරීම් 2019 වසරේදී ආරම්භ වූ මොරිසන් රජයේ නීතිගත බදු සැලැස්මේ අවසන් අදියර වේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

ඒ පිළිබඳ ගැටළු තිබියදීත් කම්කරු පක්ෂය ගෙනා සංශෝධන ස්ථාපිත කිරීමට නොහැකි වූ පසු අදාළ පනත සම්මත කිරීමට ඔවුන් සහයෝගය ලබා දුන්නේය.

මෙම තුන්වන අදියර 2024 දී බලාත්මක කිරීමට නියමිත අතර, 37% ක ආන්තික බදු අනුපාතය අහෝසි කරන අතර 32.5% අනුපාතය 30% දක්වා අඩු කරනු ඇත.

මෙම නව සීමාවන් යටතේ, 30% බදු අනුපාතය ඩොලර් 45,000 සහ ඩොලර් 200,000 අතර ආදායමක් සඳහා අදාළ වන අතර, ඊට වැඩි ඕනෑම ආදායමක් සඳහා 45% ක බදු අනුපාතයක් පැනවෙනු ඇත.

මෙම සැලැස්ම මූලික වශයෙන් ඉහළ ආදායම් ලබන්නන්ට ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි යන චෝදනාව යටතේ විවේචනයට ලක්ව ඇත.

COVID-19 වසංගතයට පෙර මෙය යෝජනා කර සම්මත කරගත් බැවින් මෙය වර්තමාන ආර්ථික වාතාවරණයට තවදුරටත් නොගැලපෙන බව ඇතැම් ආර්ථික විද්‍යාඥයින් ද පවසා ඇත.

මෙය සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers යම් යම් ඉඟි පළ කර ඇති නමුත් මැතිවරණයට පෙර ලබා දුන් පොරොන්දුව අනුව මෙහි කිසිදු සංශෝධනයක් නොකිරීමට තම රජය කටයුතු කරන බව අගමැති Albanese පසුගියදා පැවසුවේය.

A stack of books. The spines read: "Budget Paper No. 2: Budget Measures 2022-23".
The Albanese government's first federal budget will be unveiled on 25 October. Source: AAP / Mick Tsikas

මහා මාර්ග සහ දුම්රිය

ඔස්ට්‍රේලියාව පුරා මාර්ග සහ දුම්රිය ව්‍යාපෘති ඉදිකිරීම සඳහා මෙවර අයවැයට ඩොලර් බිලියන 9.6ක් ඇතුළත් වන බව කම්කරු රජය පවසයි.

මෙය උද්ධමනයට බලපෑමක් ඇති නොකරන බවද රජය පෙන්වා දෙයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ East West Link සහ පර්ත් Freight Link වැනි මාර්ග ව්‍යාපෘති සඳහා ද ඉහත අරමුදලින් කොටසක් වෙන් කෙරේ.

අය වැය හිඟය

පසුගිය මස අගදී මධ්‍යම රජය 2021/22 වසර සඳහා අවසාන අයවැය ප්‍රතිඵලය එළිදක්වන ලද අතර එය ඩොලර් බිලියන 32 ක හිඟයක් සටහන් කළේය.

එය බලාපොරොත්තු වූවාට වඩා ඩොලර් බිලියන 50 ක පමණ යහපත් අගයක් ගෙනදුන් බවද රජය පැවසීය.

එහි ප්‍රතිඵලය වූයේ අඩු විරැකියාව හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ යාම සහ ආදායම් බදු වැඩි වීමය.

එහෙත් මෙය නොතකා, ෆෙඩරල් අයවැය අවම වශයෙන් වසර හතරක් හෝ හිඟයක් පවතිනු ඇති බවට මේ වන විට පුරෝකතනය කර තිබේ.

මෙවර අයවැයේ අනෙක් ප්‍රධාන ක්‍රියාමාර්ග

  • මිල අඩු childcare පැකේජයක් ලබාදීමට මධ්‍යම රජය සූදානම් වේ. මෙය මැතිවරණයට පෙර ප්‍රකාශයට පත් කරන ලද අතර 2023 ජූලි 1 දින සිට බලාත්මක කිරීමට නියමිතය. ඩොලර් 53,000 ට වඩා අඩු ආදායම් ලබන පවුල් සඳහා ළමා ආරක්ෂණ සහනාධාර අනුපාත වැඩි කරනු ලබන අතර, ඉදිරි ඇස්තමේන්තු වලට අනුව මේ සඳහා ඩොලර් බිලියන 5.1 ක් වැය වේ.
  • කම්කරු පක්ෂය මැතිවරණයට පෙර සිටම පැවසූ Aged care අංශය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඩොලර් බිලියන 2.5 ක් වෙන් කෙරෙනු ඇත. වැටුප් වැඩිකිරීම්, වැඩිපුර රැකබලා ගන්නන් බඳවා ගැනීම, සියලුම Aged care නිවාස සඳහා පැය 24 පුරාවටම අදාළ ස්ථානයේ හෙදියක් තැබීම එම සැලසුමට ඇතුළත් වේ.
  • පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය විසඳීම පිණිස ගාස්තු රහිත TAFE පාඨ මාලා හැදෑරීමට 180,000 කට අවස්ථාව. මෙය ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් අතර ඒකාබද්ධව අරමුදල් සපයන ඩොලර් බිලියන 1.1 පැකේජයක කොටසකි.
  • විදුලි වාහන සඳහා බදු සහන. මෙයට 2022/23 වසරේදී ඩොලර් මිලියන 54.3 ක් වැය වේ.
  • Pharmaceutical Benefits වැඩසටහන යටතේ පවතින ඖෂධ ඩොලර් 42.50 සිට ඩොලර් 30 දක්වා අඩු කෙරේ. මෙම සැලැස්ම සඳහා වසර හතරක් තුළ ඩොලර් මිලියන 770 කට ආසන්න මුදලක් වැය වනු ඇත.

Share

Published

By David Aidone, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ලබන සතියේ ගෙනෙන කම්කරු රජයේ මංගල අය-වැය ඔස්ට්‍රේලියාවට බලපාන්නේ කොහොමද? (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala