ඡන්ද පොරොන්දුව අනුව කම්කරු රජය මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමයි (SBS සිංහල/ වාර්තා)

මෙම පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලබා දීම සඳහා ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සිය අමාත්‍යධුරයේ විශේෂ අමාත්‍ය බලතල භාවිතා කළේය.

Family sit together smiling

The Nadesalingam family returned home to Biloela in June after four years in immigration detention. Source: Twitter / Home To Bilo

Key Points
  • ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles ගේ මැදිහත්වීම මත මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරි නැමුණි.
  • මෙම පවුලේ මව සහ පියා යන දෙදෙනාම දමිළ ජාතිකයින් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ සිට 2012 සහ 2013 වසරවල නීති විරෝධීව යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට වෙන වෙනම පැමිණ තිබේ.
  • පසුගිය මහ මැතිවරණයට පෙර මෙම පවුලට ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අවස්ථාව ලබා දෙන බවට කම්කරු පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්නේය.
ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අපේක්ෂා කරමින් දැඩි සටනක නිරත වූ ශ්‍රී ලාංකික මුරුගප්පන් පවුලට අද පස්වරුවේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරි නැමුණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles ගේ මැදිහත්වීම මත මෙම තීරණය ගෙන ඇත.

සරණාගතභාවය අපේක්ෂා කරමින් අරගලයක නිරත වෙමින් සිටි මුරුගප්පන් පවුලට ඔස්ට්‍රේලියානු අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙමින් තිබුණි.


කෙසේවෙතත්, මෙම පවුලට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා ලබා දීම සඳහා ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සිය අමාත්‍යධුරයේ විශේෂ අමාත්‍ය බලතල භාවිතා කළේය.

ඇතැම්විට එකී නඩු විභාගයේ තීන්දුවෙන් පසුව ඔවුන්ව ඔස්ට්‍රේලියාවෙන් නෙරපා හැරීමටද බොහෝ ඉඩ කඩ තිබුණි.

"පසුගිය මහ මැතිවරණයට පෙර මෙම පවුලට ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට අවස්ථාව ලබා දෙන බවට කම්කරු පක්ෂය මැතිවරණ පොරොන්දුවක් ලබා දුන්නා. අද කම්කරු රජය ඒ පොරොන්දුව ඉෂ්ඨ කළා." යනුවෙන් අමාත්‍ය Andrew Giles අද පස්වරුවේ නිකුත් කළ විශේෂ ප්‍රකාශයේ සඳහන් කර ඇත.

මුරුගප්පන් පවුලේ සංකීර්ණ සහ විශේෂිත තත්ත්වයන් හොඳින් සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බවත් එම පවුලට සුබ පතන බවත් ඔහු පැවසීය.

Immigration Minister Andrew Giles
Immigration Minister Andrew Giles Credit: MICK TSIKAS/AAPIMAGE

මුරුගප්පන් පවුල

මෙම පවුලේ පියා වන නඩේසලිංගම් සහ මව වන ප්‍රියා යන දෙදෙනාම දමිළ ජාතිකයින්ය.

ඔවුන් ශ්‍රී ලංකාවේ සිට 2012 සහ 2013 වසරවල නීති විරෝධීව යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට වෙන වෙනම පැමිණ තිබේ.

ඉන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ සරණාගත රැඳවුම් මධ්‍යස්ථානයේ ඔවුන් දෙදෙනා මුණ ගැසුණු අතර විවාහ වී මේ වන විට Kopika සහ Tharnicaa නමින් දරුවන් දෙදෙනෙකු සිටී.


ඔවුන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Biloela කුඩා නගරයේ 2014 වසරේදී ජීවත්වූ නමුත් ප්‍රියාගේ Bridging වීසා කල් ඉකුත්වීම නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය ඔවුන් එම නගරයෙන් ඉවත් කළේය.

පසුව ඔවුන් යළි සරණාගත රැඳවුම් භාරයට පත්වුණු අතර නීති පොත ආශ්‍රයෙන් යොදන්නට හැකි සෑම උත්සාහයක්ම යොදා ඔවුන් මෙහි සරණාගතභාවය ලබා ගැනීමට උත්සහ දැරීය.

ඒ අතරේ පසුගිය ජුනි මාසයේදී කම්කරු රජය මගින් ඔවුන්ට යළිත් තාවකාලික වීසාවක් ලබා දී Biloela වෙත පිටත් කර හැරියේය.


මුරුගප්පන් පවුලට ස්ථිර පදිංචිය දුන්නත් නීති විරෝධී යාත්‍රා හරවා යවනවා

මුරුගප්පන් පවුලට ස්ථිර වීසා ලබා දුන් නමුත් මිනිසුන් රැගෙන ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණෙන යාත්‍රා කම්කරු පක්ෂ රජය ආපසු හරවා යවන බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

එමෙන්ම වසර 2013 දී Abbott රජය විසින් පිහිටුවන ලද මිලිටරි නායකත්වයෙන් යුත් දේශසීමා ආරක්ෂක වැඩසටහන වන ස්වෛරී දේශසීමා මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවද ඔහු අවධාරණය කළේය.

“ඔස්ට්‍රේලියාවේ පදිංචි වීමට කිසිදු අවස්ථාවක් නොමැති විට මිනිසුන් බෝට්ටුවක මිය යනවාට මම කැමති නැහැ. පසුගිය රජය සමයේ සිට මෙය වෙනස් වී නැහැ. අපි මෙම ප්‍රතිපත්තිය වෙනස් කිරීම ගැන සලකා බලන්නේත් නැහැ." යනුවෙන් ද ඔහු පැවසීය.

———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

විපක්ෂයෙන් දැඩි චෝදනාවක්

මේ අතර ඔස්ට්‍රේලියානු දේශසීමා ආරක්‍ෂාව පිළිබඳ කම්කරු රජයේ ක්‍රියාකාරකම් සහ Temporary Protection වීසා බලපත්‍ර අහෝසි කිරීමට කම්කරු රජයේ කැපවීම ස්වදේශ කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිතවරිය වන Karen Andrews විවේචනය කළාය.

අවසන් වරට කම්කරු රජයක් පැවති සමයේදී යාත්‍රා 820 කට අධික සංඛ්‍යාවකින් පුද්ගලයින් 50,000 කට වැඩි පිරිසක් නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණි බව ඇය පැවසුවාය.

අවම වශයෙන් මිනිසුන් 1,200 ක් පමණ මුහුදේදී මිය ගිය බවද ඇය සිහිපත් කළාය.

Temporary Protection වීසා බලපත්‍ර අහෝසි කිරීමට කම්කරු රජය ගත් තීරණය නිසා මිනිස් ජාවාරම් කරුවන්ට නැවතත් තම කටයුතු කරගෙන යාමට මාර්ගයක් සැකසී ඇති බවද ඇය ප්‍රකාශ කළාය.


Share

Published

By Rayane Tamer, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service