ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් අතරින් පුහුණු ශ්‍රමිකයින්ට ප්‍රමුඛතාව (SBS සිංහල/ වාර්තා)

සෞඛ්‍ය, අධ්‍යාපනය සහ aged care යන ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් විදෙස් රටවල සිට වීසා අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන්ට පළමු පියවරේදී ප්‍රමුඛත්වය ලබා දෙන බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil පැවසුවාය.

COVID19 NSW VIC FLIGHTS RESUME

The federal government is looking to prioritise 60,000 permanent visa applications lodged by skilled workers based overseas as it works through a large visa backlog. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

Key Points
  • ඔස්ට්‍රේලියානු නව රජයේ සංඛ්‍යාලේඛන හෙළි කරන පරිදි දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් සියලුම වීසා ඛාණ්ඩ අනුව 961,016 ක් වේ.
  • එයින් 560,187 ක් පමණ ඔස්ට්‍රේලියාවෙන් පිටත පුද්ගලයින් විසින් යොමු කර ඇති බවද සඳහන්.
  • විදේශයන්හි සිටින පුහුණු ශ්‍රමිකයන් විසින් ඉදිරිපත් කරන ලද ස්ථිර වීසා සඳහා වූ අයදුම්පත් 60,000කට ප්‍රමුඛත්වය දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත්වලින් අයදුම්පත් 60,000 ක් ඉතා ඉක්මණින් සලකා බැලීමට මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අයදුම් කළ පුහුණු ශ්‍රමිකයින්ගේ අයදුම්පත් මෙලෙස ඉක්මණින් සලකා බැලීමට තීරණය කොට ඇත.

———————————————————————-————————————————-
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.

———————————————————————-————————————————-

පුහුණු ශ්‍රමිකයින්ගේ ස්ථිර වීසා අයදුම්පත් 60,000 කට ප්‍රමුඛතාව

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සලකා බැලීම සඳහා ගොඩ ගැසී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ස්ථිර වීසා මෙන්ම තාවකාලික වීසා අයදුම්පත් ද ඒ අතර වන බව සඳහන්.

මේ අතරේ විදේශයන්හි සිටින පුහුණු ශ්‍රමිකයන් විසින් ඉදිරිපත් කරන ලද ස්ථිර වීසා සඳහා වූ අයදුම්පත් 60,000කට ප්‍රමුඛත්වය දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.

ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ඉතා ඉක්මණින් සලකා බැලීමේ සැලැස්ම ඒ අයුරින් රජය ආරම්භ කර ඇත.


ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් තම මානව සම්පත් වෙනත් අංශ සඳහා යොමු කර ඇති අතර ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ගැටලුවට විසඳුම් සඳහා තවත් කාර්ය මණ්ඩලයක් ගෙන්වා තිබේ.

නමුත් එමඟින් තම වීසා අයදුම්පතේ ප්‍රතිඵලය ලැබෙන තෙක් අයදුම්කරුවන්ට බලා සිටීමට සිදුවන කාලය වඩාත් අයහපත් අතට හැරී ඇත.

නමුත් සෞඛ්‍ය, අධ්‍යාපනය සහ aged care යන ක්ෂේත්‍ර පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් විදෙස් රටවල සිට වීසා අයදුම්පත් යොමු කර ඇති අයදුම්කරුවන්ට පළමු පියවරේදී ප්‍රමුඛත්වය ලබා දෙන බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil පැවසුවාය.

ගොඩගැසී ඇති වීසා අයදුම්පත්

ඔස්ට්‍රේලියානු නව රජයේ සංඛ්‍යාලේඛන හෙළි කරන පරිදි දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් සියලුම වීසා ඛාණ්ඩ අනුව 961,016 ක් වේ.

එයින් 560,187 ක් පමණ ඔස්ට්‍රේලියාවෙන් පිටත පුද්ගලයින් විසින් යොමු කර ඇති බවද සඳහන්.

එයට ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා අපේක්ෂා කරන පුහුණු ශ්‍රමිකයින් 57,906 ක්ද තාවකාලික වීසා අපේක්ෂා කරන අයදුම්කරුවන් 13,806 ද ඇතුළත්ය.


සිඩ්නි විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය Anna Boucher මෙම වීසා අයදුම්පත් ගොඩ ගැසීම "දැවැන්ත" එකක් ලෙස විස්තර කළ අතර මෙම මූලික ප්‍රතිචාරය පළමු පියවරක් පමණක් වනු ඇතැයි පැවසුවාය.

එය සාගරයෙන් දිය දෝතක් වැනි ප්‍රමාණයක් බවත් ඔස්ට්‍රේලියාවේ විරැකියාව අඩුවී යන නිසා කම්කරුවන් මිලියන භාගයකට ආසන්න සංඛ්‍යාවක් අවශ්‍ය වන බවත් ඇය සඳහන් කළාය.

"ඔවුන් පෝලිමේ සිටින ස්ථිර වීසා අයදුම්කරුවන්ගේ සහ සියලුම තාවකාලික වීසා අයදුම්කරුවන්ගේ අයදුම්පත් සලකා බැලුවද ඔස්ට්‍රේලියාවට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟයේ ප්‍රමාණය ආවරණය කිරීමට එය අපොහොසත් වන බවද ඇය පෙන්වා දුන්නාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese


SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

නීති විරෝධී සංක්‍රමණිකයින්ට විශේෂ පණිවිඩයක්

එළඹෙන සැප්තැම්බර් 1-2 දිනවල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් රැකියා සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඉහත පියවර කෙටි කාලීන පියවර බවත් පැවැත්වීමට නියමිත රැකියා සමුළුවේදී දීර්ග කාලීන අභියෝගවලට මුහුණ දීම සඳහා සංක්‍රමණ වැඩසටහන සකස් කළ හැකි ආකාරය සාකච්ඡා කිරීමට රජය අදහස් කරන බවත් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil පැවසුවාය.

මේ අතර නීති විරෝධී ලෙස යාත්‍රාවලින් ඔස්ට්‍රේලියාවට නොපැමිණෙන ලෙස ද ඇය පවසා සිටියාය.

මෑතකදී ශ්‍රී ලංකාවේ සිට නීති විරෝධී ලෙස මිනිසුන් රැගෙන යාත්‍රා කිහිපයක්ම ඔස්ට්‍රේලියාවට පැමිණි අතර ඒ සියල්ල ආපසු හරවා යැවීමට මධ්‍යම රජය කටයුතු කළේය.

ඔස්ට්‍රේලියාවේ ස්වෛරී දේශ සීමා සුරැකීමට තමා ඇතුළු තම රජය සැමවිටම උත්සහ ගන්නා බවද ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O’Neil පැවසුවාය.

එනිසා නීති විරෝධී ආකාරයට යාත්‍රාවල නැගී ඔස්ට්‍රේලියාවට නොඑන ලෙසත් එසේ පැමිණෙන අයට ඔස්ට්‍රේලියාවේ ජීවිතයක් ගත කිරීමට අවසර නැති බවත් ඔවුන් සියල්ලෝම ආපසු හරවා යවන බවත් ඇය අවධාරණය කළාය.

———————————————————————————


Share

Published

By Tom Stayner, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service