ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන ගන්නා අයට දැන් ලැබෙන වට්ටම් හා සහන මෙන්න (SBS සිංහල/ වාර්තා)

නව විදුලි වාහන මිලදී ගැනීම් සඳහා මුද්දර ගාස්තු ඉවත් කිරීම, නොමිලේ ලියාපදිංචි කිරීම සහ සුදුසුකම් ලත් මෝටර් රථ සඳහා ඩොලර් දහස් ගණනක වට්ටම් දීම වැනි දිරිගැන්වීම් සමඟින් විදුලි වාහන ලබා ගැනීම දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි පෙරමුණ ගෙන තිබේ.

Electric car

Australians to get a small discount for Electric Vehicles Source: Getty

Key Points

  • ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන fringe benefits tax හෙවත් ආන්තික ප්‍රතිලාභ බද්දෙන් නිදහස් කෙරේ.
  • තම කාර්ය මණ්ඩලය සඳහා සුදුසුකම් ලත් විදුලි වාහන සපයන සේවා යෝජකයන් සහ විදුලි වාහනයක් කල් බදු ක්‍රමයට මිලට ගන්නා සේවකයින් මෙම වට්ටමේ ප්‍රධාන ප්‍රතිලාභීන් වේ.
  • නව විදුලි වාහන මිලදී ගැනීම් සඳහා මුද්දර ගාස්තු ඉවත් කිරීම සහ නොමිලේ ලියාපදිංචි කිරීමද සිදු කෙරේ.

පසුගිය සතියේ හඳුන්වා දුන් නව නීති යටතේ ඔස්ට්‍රේලියාවේ විදුලි වාහන fringe benefits tax හෙවත් ආන්තික ප්‍රතිලාභ බද්දෙන් නිදහස් කෙරේ.

මේ නිසා ඇතැම් ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සහ සේවා යෝජකයන්ට කාබන් විමෝචනය අඩු මෝටර් රථවල මුළු මිලට වට්ටමක් ලබා දෙයි.

ඔස්ට්‍රේලියාවේ විදුලි වාහනවලට බදු නිදහසක්

බැටරි, hydrogen fuel cell සහ කාබන් විමෝචනය අඩු සුඛෝපභෝගී මෝටර් රථ බදු සීමාවට වඩා අඩු අගයක් ඇති plug-in hybrid විදුලි මෝටර් රථ (2022-23 මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් 84,916 දක්වා) සඳහා මෙම බදු නිදහස් කිරීම අදාළ වේ.

තම කාර්ය මණ්ඩලය සඳහා සුදුසුකම් ලත් විදුලි වාහන සපයන සේවා යෝජකයන් සහ වැටුප් කැපකිරීමේ වැඩසටහන් හරහා විදුලි වාහනයක් කල් බදු ක්‍රමයට මිලට ගන්නා සේවකයින් මෙම වට්ටමේ ප්‍රධාන ප්‍රතිලාභීන් වේ.

ආන්තික ප්‍රතිලාභ බද්ද වෙනස් කිරීමෙන් සේවා යෝජකයන්ට ඩොලර් 50,000 ක් වටිනා මෝටර් රථයක් සඳහා ඩොලර් 9,000 ක් ඉතිරි කර ගත හැකි බව භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers පැවසීය.

"ඔස්ට්‍රේලියාවට දැන් ඇත්තේ පිරිසිදු හා ලාභදායී සහ විශ්වාසදායක බලශක්තියේ ආර්ථිකය පිළිබඳ අවබෝධයක් ඇති රජයක් වන අතර, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් පරම්පරාගතව අප ක්‍රියා කළ යුතු අවශ්‍යතාවය හඳුනා ගෙන තිබෙනවා." යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.

 ——————————————————————-

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

————————————————————————

මුද්දර ගාස්තු ඉවත් කිරීම ඇතුළු තවත් සහන රැසක්

විදුලි වාහන සඳහා නව කම්කරු රජයේ ප්‍රවේශය, ආන්තික ප්‍රතිලාභ බදු ඉලක්ක කර ගැනීමේදී තරමක් වැදගත් වන අතර, පෙර පැවති රජයේ ප්‍රතිපත්තියෙන් පසුව නව විදුලි වාහන මිලදී ගැනීම් සඳහා අවම වශයෙන් සෘජු දිරිගැන්වීමක් මේ හරහා ලබා දෙයි.

පෙර පැවති ප්‍රතිපත්තිවල සහනාධාර වශයෙන් එතරම් සැලකිය යුතු ප්‍රමාණයක් නොතිබුණු බවද වාර්තා වේ.

නව විදුලි වාහන මිලදී ගැනීම් සඳහා මුද්දර ගාස්තු ඉවත් කිරීම, නොමිලේ ලියාපදිංචි කිරීම සහ සුදුසුකම් ලත් මෝටර් රථ සඳහා ඩොලර් දහස් ගණනක වට්ටම් දීම වැනි දිරිගැන්වීම් සමඟින් විදුලි වාහන ලබා ගැනීම දිරිමත් කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි පෙරමුණ ගෙන තිබේ.

වසර 2035 වන විට කාබන් විමෝචනය ශුන්‍ය නොවන නව වාහන ලියාපදිංචි කිරීම නවත්වන බව ACT ප්‍රකාශ කර තිබේ.

——————————————————————————-


2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now