ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සහ වැටුප් පැකේජ (SBS සිංහල/ විමර්ශන)

ඔස්ට්‍රේලියාවේ මේ වන විට Cloud ඉංජිනේරුවන්ට සහ Data Analyst ලාට විශාල ඉල්ලුමක් තිබෙන බව මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා SBS ගුවන් විදුලියට හෙළි කළේය.

Here are some of the most demanding jobs in the software industry in Australia with salary packages

Source: Getty Images/Alistair Berg

Highlights
  • ඔස්ට්‍රේලියාවේ මේ වන විට Cloud ඉංජිනේරුවන්ට සහ Data Analyst ලාට විශාල ඉල්ලුමක් තිබෙන බව හෙළිවී ඇත.
  • කොවිඩ්වලින් පසුව ඇතිවූ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවල වැටුප් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.
  • මේ දිනවල ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසා වසරකට $70,000 සිට $200,000 දක්වා වැටුප් පැකේජයන් ලබාදීමට සමාගම් කටයුතු කරයි.
ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ නිරන්තරයෙන්ම වෙනස්වන සුළුය.

ඇතැම් රැකියා ක්ෂේත්‍ර සඳහා ඔස්ට්‍රේලියාවේ මේ වන විට ඉතා ඉහළ ඉල්ලුමක් පවතී.

එවැනි රැකියා ක්ෂේත්‍ර අතරින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අයත් මෘදුකාංග (Software) ක්ෂේත්‍රය ප්‍රධාන තැනක් ගනී.

එනිසාම ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැනට වඩාත්ම ඉල්ලුමක් ඇති රැකියා මොනවාද සහ මෙම ක්ෂේත්‍රයේ සාමාන්‍ය වැටුප් පැකේජයන් මොනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සොයා බැලුවේය.

එහිදී අනාවරණය වූ කරුණු ආශ්‍රිතව මෙම ලිපිය සැකසේ.
මේ දවස්වල ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ බොහෝ රැකියාවලට විශාල ඉල්ලුමක් තිබෙන බව පෙනී ගොස් ඇත.

එයට ප්‍රධාන හේතු කිහිපයක් ගැන මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා SBS ගුවන් විදුලියට පැහැදිලි කළේය.

"කොවිඩ් වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ රැකියා වීසාවල සිටි බොහෝ දෙනෙකු තම රටවලට පිටව ගොස් නැවත පැමිණියේ නැහැ, ඒ සමගම කොවිඩ් වසංගතයෙන් පසුව යළි විවෘත කළ ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර බොහොමයක් තමන්ගේ ව්‍යාපාරික ජාල පද්ධති වැඩි දියුණු කිරීම සඳහා මෘදුකාංග ක්ෂේත්‍රයට විශාල වශයෙන් මුදල් වෙන් කරමින් ආයෝජනය කරන්නට පටන් ගත්තා. මේ හේතු නිසා ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ බොහෝ රැකියාවලට විශාල ඉල්ලුමක් දැන් තිබෙනවා." යනුවෙන් ජයසේකර මහතා පැවසුවේය.
Here are some of the most demanding jobs in the software industry in Australia with salary packages ‘Capacity halved’: one of Australia’s largest resettlement agencies reporting major job loses with the refugee intake still paused
Source: SBS News/Omar Dehen

ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් තිබෙන රැකියා

ඔස්ට්‍රේලියාවේ මේ වන විට Cloud ඉංජිනේරුවන්ට සහ Data Analyst ලාට විශාල ඉල්ලුමක් තිබෙන බව මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා SBS ගුවන් විදුලියට හෙළි කළේය.

ඊට අමතරව පහත සඳහන් රැකියාවලටද ඔස්ට්‍රේලියාවේ මේ වන විට විශාල ඉල්ලුමක් ඇති බව ඔහු පැවසීය.

  • Full-stack Developer
  • Security Architect
  • Security Designer
  • Cloud Architect
  • Software Developer
  • Technical Solution Architect
  • Technical Business Analyst
  • Cyber Security Specialist

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


සාමාන්‍ය වැටුප් පැකේජයන්

ඔස්ට්‍රේලියාවේ වැටුප් පැකේජය ප්‍රකාශ කරනුයේ වසරකට කොපමණද වැටුපක් ගෙවනු ලබනවාද යන්න සඳහන් කරමින්ය.

එහිදී සේවක අර්ථ සාධක අරමුදලක් වන Super අරමුදල එකතුකර හෝ එය වෙනමම ගෙවන ආකාරයෙන් වැටුප් පැකේජ ප්‍රකාශ කරයි.

කොවිඩ්වලින් පසුව ඇතිවූ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය නිසා ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවල වැටුප් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව මෙල්බර්න් නුවර තොරතුරු තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වන ජමිත් ජයසේකර මහතා SBS ගුවන් විදුලියට සඳහන් කළේය.
මේ දිනවල ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඇති ඉහළ ඉල්ලුම නිසා වසරකට $70,000 සිට $200,000 දක්වා වැටුප් පැකේජයන් ලබාදීමට සමාගම් කටයුතු කරන බව ඔහු පැවසීය.

නමුත් මෙම වැටුප් පැකේජය තීරණය වන්නේ අදාළ පුද්ගලයාගේ දැනුම සහ පළපුරුද්ද මත බවත් ඔහු අවධාරණය කළේය.

එම වැටුප් පැකේජ ද රජයේ ආයතන, විශ්ව විද්‍යාල ක්ෂේත්‍රය සහ පුද්ගලික ක්ෂේත්‍රය යන අංශ තුන අනුව වෙනස්වන බවද ජයසේකර මහතා පැවසුවේය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ මෘදුකාංග ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුමක් ඇති රැකියා සහ වැටුප් පැකේජ (SBS සිංහල/ විමර්ශන) | SBS Sinhala