SKIP TO MAIN CONTENT

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේ සිට පළමු රොකට්ටුව දියත් කෙරේ (SBS සිංහල/ වාර්තා)

නාසා ආයතනය Northern Territory සිට යැවීමට සැලසුම් කර ඇති රොකට් තුනෙන් පළමු රොකට්ටුව මෙය වේ.

NASA makes history with first rocket launch from Australia in 27 years
NASA makes history with first rocket launch from Australia in 27 years Source: AAP

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවේ Northern Territory හි ඈත කාන්තාර ප්‍රදේශයේ සිට නාසා ආයතනය රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශගත කර තිබේ.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වානිජ අභ්‍යවකාශගත කිරීම එය ලෙසට ඉතිහාසගත වේ.


Highlights

  • ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වානිජ අභ්‍යවකාශගත කිරීම එය ලෙසට ඉතිහාසගත වේ.
  • නාසා ආයතනය අවසන් වරට අභ්‍යවකාශ යානයක් ඔස්ට්‍රේලියාවෙන් දියත් කරන ඇත්තේ වසර 1995 දීය.
  • නාසා ආයතනය Northern Territory සිට යැවීමට සැලසුම් කර ඇති රොකට් තුනෙන් පළමු රොකට්ටුව මෙය වේ.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පළමු වානිජ අභ්‍යවකාශගත කිරීම

කරදරකාරී සුළං හේතුවෙන් කිහිප වරක්ම දියත් කිරීම ප්‍රමාද වූ මෙම රොකට්ටුව ජුනි 27 වනදා සඳුදා අලුයම 12:30 ට පමණ අවසානයේ දී අභ්‍යවකාශගත කිරීමට හැකිවිය.

නාසා ආයතනය Northern Territory සිට යැවීමට සැලසුම් කර ඇති රොකට් තුනෙන් පළමු රොකට්ටුව මෙය වේ.

Northern Territory හි Nhulunbuy නගරය අසල Dhupuma සානුවේ Arnhem අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙය දියත් කරන ලදී.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත වානිජ අභ්‍යවකාශ තොටුපළකින් නාසා ආයතනය දියත් කළ පළමු දියත් කිරීමද මෙයවේ.

තාරකාවක ආලෝකය ග්‍රහලෝකයක ජීවයට බලපාන්නේ කෙසේද යන්න ගවේෂණය කිරීම සඳහා මෙය විද්‍යාඥයින්ට උපකාර වනු ඇත.

මෙම රොකට්ටුව X-ray Quantum Calorimeter රැගෙන යන අතර, Michigan විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්ට විශ්වයේ ව්‍යුහය සහ පරිණාමය පිළිබඳ නව දත්ත සැපයීම සඳහා අන්තර් තාරකා X-කිරණ නිරවද්‍යතාවයෙන් මැනීමට ඉඩ සලසයි.

Arnhem අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ නාසා ආයතනය

මෙම අභ්‍යවකාශගත කිරීම සඳහා නාසා නිලධාරීන් 75 ක් පමණ Arnhem අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටි බව වාර්තා වේ.

වසර 27කට පසු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම නාසා නියෝජිතායතනය මෙය වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටත වානිජ අභ්‍යවකාශ තොටුපළකින් අභ්‍යවකාශගත කළ පළමු අවස්ථාව මෙය වේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

නාසා ආයතනය අවසන් වරට අභ්‍යවකාශ යානයක් ඔස්ට්‍රේලියාවෙන් දියත් කරන ඇත්තේ වසර 1995 දීය.

එහි රොකට් දකුණු ඔස්ට්‍රේලියාවේ රාජකීය ඔස්ට්‍රේලියානු ගුවන් හමුදාවට අයත් Woomera Range පරිශ්‍රයේ සිට අභ්‍යවකාශ ගත කෙරුණි.

ඔස්ට්‍රේලියාවේ Equatorial Launch සමාගමට අයත් Arnhem අභ්‍යවකාශ මධ්‍යස්ථානය තම භූමියේ ගොඩනැගීමට Yolngu ජන කණ්ඩායම උපකාර විය.

නැවත පෘථිවියට පැමිණෙන විට අදාළ රොකට් මොඩියුල ලබා ගැනීම ඇතුළුව ඉදිරි දියත් කිරීමට ද ඔවුන් සහභාගී වේ.

නාසා ආයතනය ජූලි 4 සහ ජූලි 12 යන දිනවල ELA සංකීර්ණයෙන් තවත් රොකට් දෙකක් දියත් කරනු ඇත.

ඒවාට පාරජම්බුල කිරණ සහ තරු වල ව්‍යුහය මැනීම යන වගකීම් පැවරී තිබේ.



Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now