Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට Pfizer එන්නත් ලබාදෙන ලෙස සෙසු ප්‍රාන්ත නායකයින්ගෙන් Gladys Berejiklian කල ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණය කඩිනම් කිරීමට අගමැති මොරිසන්ගෙන් උපදෙස්
- වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත සිය Pfizer එන්නත් දීම ප්‍රතික්ෂේප කරයි
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට Pfizer එන්නත් ලබාදෙන ලෙස Gladys Berejiklian කල ඉල්ලීම ප්‍රතික්ෂේප වේ
නිව් සවුත් වෙල්ස් ප්‍රාන්තය තුල උද්ගතව ඇති තත්වය හමුවේ අමතර Pfizer එන්නත් තම ප්‍රාන්තයට ලබාදෙන ලෙස ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Gladys Berejiklian සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින්ගෙන් ඉල්ලා සිටින බව අද(23) උදෑසන සඳහන් කළාය.
කෙසේ නමුත් අද සවස සිදු කල කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙලෙස Pfizer එන්නත් ලබාදෙන ලෙසට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය කල ඉල්ලීම සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් ප්‍රතික්ෂේප කොට තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණය කඩිනම් කිරීමට අගමැති මොරිසන්ගෙන් උපදෙස්
මීට විකල්පයක් වශයෙන්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුල පුද්ගලයින් හට Pfizer එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම කඩිනම් කරන ලෙස ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි. එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ එහි දෙවන මාත්‍රාව ලබාදීමේ කාලය සති 3 සිට සති 6 දක්වා ඉහල දමන ලෙසයි.

එමෙන්ම නිව් සවුත් වේල්ස් හි ඉදිරි පැය 24ක කාලය තුලදී පළමු Pfizer එන්නත් මාත්‍රා ලබාදීමේ කාර්යක්ෂමතාවය සම්බන්ධයන් තහවුරු කරන අතර ප්‍රාන්තය තුල AstraZeneca එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීම කඩිනම් කරන බවද ඕස්ට්‍රේලියානු අගමැතිවරයා පවසයි.
කෙසේ නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙම එන්නත් ලබාදීමේ ක්‍රියාදාමය කඩිනම් කිරීම නිසි පරිදි සිදු කළහොත් ඉදිරියේදී ප්‍රාන්තයට වැඩි එන්නත් මාත්‍රා ලබාදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැතිවරයා මාධ්‍යයට ඉඟි පලකොට ඇතැයිද වාර්තා වේ.
ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ මේ වනවිට සෙසු ප්‍රාන්ත සහ ටෙරිටරි සඳහා ලබාදීමට නියමිතව තිබෙන Pfizer එන්නත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදීමට කටයුතු කිරීම මගින් සමස්ත ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන පසුගාමී කිරීමට පියවර නොගන්න බවයි.
වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්ත සිය Pfizer එන්නත් දීම ප්‍රතික්ෂේප කරයි
වික්ටෝරියා සහ දකුණු ඕස්ට්‍රේලියා යන ප්‍රාන්ත වල අගමැතිවරුන් මේ වනවිටත් සිය ප්‍රාන්ත සඳහා වන Pfizer එන්නත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදීම ප්‍රතික්ෂේප කොට තිබේ.

එමන්ම වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය සඳහන් කොට සිටියේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි ප්‍රදේශයෙන් පිටතට වෛරසය සම්ප්‍රේෂණය නොවීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කල යුතු බවයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට ,
93.1fm, 97.7fm, 105.5fm
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
කෙසේ නමුත් වික්ටෝරියානු අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයට ඕස්ට්‍රේලියානු අගමැතිවරයා සඳහන් කොට ඇත්තේ මේ වනවිටත් සිඩ්නි වැසියන් දැඩි නීති යටතේ සිටින බවයි.
එමෙන්ම මෙම කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රාන්ත අතර සැපයුම් සිදු කරන ට්‍රක් රථ රියදුරන් සඳහා වන භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ කෙටුම්පතට සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ටෙරිටරි අගමැතිවරුන් විවිධ එකඟතාවයන්ට පැමිණ තිබේ.
මෙම කෙටුම්පතට සඳහා ට්‍රක් රථ රියදුරන්ගේ සහයෝගය පවතින නමුත් දේශසීමා නීති පවතිද්දී කටයුතු කිරීමේ පහසුව තකා සුළු වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන් ඉල්ලීම් කොට තිබේ.

