Key Points
- දෙවන එළිසබෙත් රැජිනගේ පින්තූරය ඔස්ට්‍රේලියාවේ ඩොලර් 5 නෝට්ටුවෙන් ඉවත් කරන බව සංචිත බැංකුව නිවේදනය කර තිබේ.
- ඒ වෙනුවට පළමු ඔස්ට්‍රේලියානුවන්ගේ සංස්කෘතිය සහ ඉතිහාසයට ගෞරව කිරීම උදෙසා දේශීය මෝස්තරයක් යොදා ගනු ලැබේ.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පැවසුවේ රජය සමඟ සාකච්ඡා කර මෙම තීරණය ගෙන ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ $5 නෝට්ටුව යාවත්කාලීන කිරීමට නියමිත අතර, දෙවන එළිසබෙත්් රැජිනගේ ප්‍රතිමූර්තිය "පළමු ඔස්ට්‍රේලියානුවන්ගේ සංස්කෘතියට සහ ඉතිහාසයට ගෞරව කරන" මෝස්තරයකින් ප්‍රතිස්ථාපනය කිරීමට නියමිතයි.
ඔස්ට්‍රේලියාවේ ඩොලර් පහේ නෝට්ටුවෙන් රැජින ඉවතට
අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් රැජිනගේ ප්‍රතිමූර්තිය ඩොලර් 5 නෝට්ටුවෙන් ඉවත් කර දේශීය මෝස්තරයකින් එය ප්‍රතිස්ථාපනය කරනු ඇති.
5$ මුදල් නෝට්ටුවේ අනෙක් පැත්තේ දිගටම ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ රූපය මුද්‍රණය කරනු ඇත.
මෙම වෙනසට සහාය දක්වන ඔස්ට්‍රේලියානු රජය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ඔවුන් මෙම තීරණය ගත් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව (RBA) පවසයි.
පළමු ඔස්ට්‍රේලියානු ජාතීන් සමඟ සාකච්ඡා කර නව මුදල් නෝට්ටුව නිර්මාණය කරන බව සංචිත බැංකුව පවසයි.
එය නිර්මාණය කර මුද්‍රණය කිරීමට වසර කිහිපයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට පවතින $5 නෝට්ටුව මෙම නව සැලසුම් ක්‍රියාවලිය පුරාවටම මුද්‍රණය කර නිකුත් කරනු ලබන අතර, නව නෝට්ටුව හඳුන්වා දීමෙන් පසුවද එය භාවිත කිරීමට හැකි වනු ඇත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ වෙබ් අඩවියෙහි සඳහන් වන පරිදි "ජාතිය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ" ඔස්ට්‍රේලියානුවන්ගේ ඡායාරූප ඔස්ට්‍රේලියාවේ මුදල් නෝට්ටු වල අඩංගු වනු ඇති.
ඔස්ට්‍රේලියාවේ නව ඩොලර් පහේ නෝට්ටුවේ රැජිනගේ තැන කවුරුන් ගනීවිද?
මුදල් නෝට්ටුවල සිටින පුද්ගලයින් විවිධ ක්ෂේත්‍රවලින් ඔස්ට්‍රේලියානු සමාජය නිර්වචනයට දායකත්වයක් ලබා දී ඇති අතර, අපගේ ජාතියේ ඉතිහාසයේ ඔවුන් විසින් තැබූ සලකුණ , මුදල් නෝට්ටුවල ඔවුන්ගේ මෙම නියෝජනය තුළින් ගෞරවයට පාත්‍ර කෙරේ.
මේ සඳහා විකල්ප රාශියක් ඇති අතර දැනටමත් නිල වශයෙන් පාර්ලිමේන්තුවට පෙත්සම් ඉදිරිපත් කර තිබේ.නමුත් අවසාන තීරණය ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සතු වේ.
රාජාණ්ඩුවාදීන් විසින් චාල්ස් රජුගේ රූපය ඔහුගේ මව වෙනුවට ඩොලර් පහේ නෝට්ටුව මත මුද්‍රණය කරන ලෙස ඉල්ලා සිටින නමුත් මුදල් නෝට්ටුවක් මත ස්වදේශික ජාතික වීරයෙකුගේ රූපය තැබීමේ අවස්ථාව මග හැරිය යුතු නොවේ.
ඩොලර් පහ මත පිළිගැනීමට ස්වදේශික ජාතික වීරයන් ලැයිස්තුවක්
එලිසබෙත් රැජිනගේ මරණයෙන් දින කිහිපයකට පසුව මියගිය ආදරණීය වැඩිහිටි, ස්වදේශික නළුවෙකු සහ සමාජ ක්‍රියාකාරිකාරිකයෙකු වන ජැක් චාල්ස්ගේ මරණය එලිසබෙත් රැජිණ වෙනුවට ඔහුව ඩොලර් පහේ නෝට්ටුවට එක කර පිළිගැනීමට බොහෝ ඉල්ලීම් ලැබී තිබිණ.
එලෙසම ලොව පුරා වේදිකාව සහ තිරය පුරා නර්තනයේ යෙදුණු ඩේවිඩ් ගුල්පිලිල් විසින් ඉතිරි කරන ලද සංස්කෘතික උරුමයන් බොහෝ දෙනා ගෞරවයට පාත්‍ර විය යුතු බව දකිති.
ජීවිතයේ සෑම තරාතිරමකම පළමු ජාතීන්ගේ ජයග්‍රහණ වල පොහොසත් ඉතිහාසය සැලකිල්ලට ගත් කළ, ගෞරවයට සුදුසු ස්වදේශික වීරයන්ගේ ලැයිස්තුව ගැණිය නොහැකි තරම් වූ විකල්ප සපයයි.

Cathy Freeman, Aunty Pearl Gibbs, Uncle Archie Roach, Sir Doug Nicholls සහ Eddie Mabo යන සියල්ලෝම ඩොලර් පහේ නෝට්ටුවට එක කර පිළිගැනීමට ලැබුණු ජනප්‍රිය යෝජනා වේ.
යෝජනා වී ඇති අනෙකුත් නම් අතර June Oscar, Ruby Hunter, Charles Perkins, Mum Shirl, Marcia Langton සහ Faith Bandler ඇතුළත් වේ.

