ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් මිලියන ගණනක් ඉතිරිකර දෙමින් PBS යටතට නව ඖෂධ වර්ග කිහිපයක් (SBS සිංහල/ වාර්තා)

මෙම නව තීරණය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට දැන් පියයුරු පිළිකා, කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීම සහ වේදනාකාරී inflammatory condition EoE උදෙසා වන ප්‍රතිකාර ලාබදායී ලෙස Pharmaceutical Benefits වැඩසටහන යටතේ ලබාගත හැකිය.

New Pharmaceutical Benefits Scheme listings to save patients millions

New Pharmaceutical Benefits Scheme listings to save patients millions Source: Getty Images

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt විසින් Pharmaceutical Benefits Scheme යටතට නව ඖෂධ වර්ග කිහිපයක් ලැයිස්තුගත කර තිබේ.

මේ හරහා ඔස්ට්‍රේලියානුවන් හට ඖෂධ සඳහා යන වියදම් ඩොලර් මිලියන ගණනක් ඉතිරි කර ගත හැකිය.


Highlights

  • Pharmaceutical Benefits වැඩසටහන යටතට නව ඖෂධ වර්ග කිහිපයක් ලැයිස්තුගත කර ඇත.
  • එහි ප්‍රතිඵලයක් ලෙස පියයුරු පිළිකා, කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීම සහ වේදනාකාරී inflammatory condition EoE උදෙසා වන ප්‍රතිකාර ලාබදායී ලෙස ලබාගත හැකිවේ.
  • මෙම නව තීරණය නිසා ඔස්ට්‍රේලියානු පවුල්වලට වාර්ෂිකව ඩොලර් මිලියන ගණනක් ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි සඳහන්.

Pharmaceutical Benefits වැඩසටහන යටතට නව ඖෂධ වර්ග කිහිපයක්

මෙම නව තීරණය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට දැන් පියයුරු පිළිකා, කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීම සහ වේදනාකාරී inflammatory condition EoE උදෙසා වන ප්‍රතිකාර ලාබදායී ලෙස Pharmaceutical Benefits වැඩසටහන යටතේ ලබාගත හැකිය.

ගිලීමේ අපහසුතාවයක් සහ පපුවේ අපහසුතාවයක් ඇති කරන Eosinophilic esophagitis රෝගී තත්ත්වය ජාතික වශයෙන් පුද්ගලයන් 2,000 කට පමණ බලපාන බව ඇස්තමේන්තුගත කර තිබේ.

මෙම EoE සඳහා ඖෂධය වන budesonide උදෙසා වසරකට ඩොලර් 5,000ක් ගෙවනවා වෙනුවට Pharmaceutical Benefits වැඩසටහන යටතේ එම රෝගීන්ගේ එක් ඖෂධ වට්ටෝරුවකට (script) ඩොලර් 42.50 ක් හෝ concession කාඩ්පතක් ඇතිනම් ඩොලර් 6.80 ක් පමණක් වැය වනු ඇත.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

අන්නස්‍රෝතයට ස්ථිර හානිවීම වැලැක්වීම සඳහා මෙම ප්‍රතිකාර ඉතා වැදගත් බව මෙල්බර්න් Eastern Health හි ආමාශ ආන්ත්‍ර විද්‍යාඥ Sanjay Nandurkar පැවසීය.

EoE හි සංකීර්ණත්වය හේතුවෙන්, වැඩිහිටියන් තුළ රෝගය හඳුනා ගැනීමට රෝග ලක්ෂණ ආරම්භයේ සිට වසර හයක් දක්වා ගත විය හැකි බවත් ඇතැම් රෝගීන් තුළ කාංසාව හෝ මානසික අවපීඩනය ඇති විය හැකි බවත් ඔහු පැවසීය.

"ප්‍රතිකාර නොකළහොත්, EoE සමඟ ජීවත් වන පුද්ගලයින්ගෙන් සියයට 30 සිට 50 දක්වා ආහාර හදිසියේ අන්නස්‍රෝතය තුළ සිරවීමේ අවදානමක් තිබෙනවා, එය ඉවත් කිරීමට හදිසි ප්‍රතිකාර අංශය කරා පැමිණිම අවශ්‍ය විය හැකියි." යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

Federal Health Minister Greg Hunt
Federal Health Minister Greg Hunt Source: AAP

කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීමටත් අඩු මිලට ඖෂධ

කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීම වළක්වාලීමට ලබාදෙන ඖෂධ ද නව තීරණය නිසා Pharmaceutical Benefits වැඩසටහන යටතේ අඩු මිලට ලබා ගැනීමට හැකිය.

කුඩා දරුවන්ටත් මෙම රෝගය වැළදෙන බව වාර්තා වේ.

කෙසේවෙතත්, මෙම නව තීරණය නිසා එම ඔස්ට්‍රේලියානු පවුල්වලට වාර්ෂිකව ඩොලර් මිලියන 2.5 කට වඩා ඉතිරි කරගැනීමට හැකිවනු ඇතැයි සඳහන්.

ඊට අමතරව triple negative පියයුරු පිළිකා රෝගීන්ට ප්‍රතිකාරයක් වන ප්‍රතිදේහ ඖෂධ sacituzumab govitecan ඖෂධය ලබාගන්නා රෝගීන්ටත් එය Pharmaceutical Benefits වැඩසටහන යටතේ ලබාදීමට තීරණය කිරීම නිසා ඩොලර් 80,000ක් පමණ ඉතිරි කර දෙනු ඇත.

2013 වසරේ සිට ලිබරල් සන්ධාන රජය විසින් Pharmaceutical Benefits වැඩසටහන යටතේ අනුමත කරන ලද ඖෂධ 2900 ක පමණ ඇති බවත් ඔස්ට්‍රේලියානුවන්ට තම පුද්ගලික ජීවිතයෙන් විශාල පිරිවැයක් ඉතිරි කරගනිමින් මෙම ප්‍රතිකාර සඳහා ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමට ඇති කැපවීම දිගටම කරගෙන යන බවත් සෞඛ්‍ය අමාත්‍ය Hunt පැවසීය.

opioid dependence සඳහා Buvida ලෙස අලෙවි කරන Buprenorphine, Pharmaceutical Benefits වැඩසටහන යටතේ  දැන් ලබා ගත හැකි අතර තවත් බොහෝ රෝගීන්ට එම අවස්ථාව දැන් ලබා ගත හැකිය.

මෙම තීරණය පිළිබඳ SMART Recovery Australia ආයතනය ඊයේ (01/05) දිනයේදී සිය ප්‍රශංසා කළේය.



Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now