ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 මැයි 02 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉදිරි මහ මැතිවරණයෙන් තම රජය යළි තේරී පත් වුවහොත් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය කාඩ්පතට ඇති ප්‍රවේශය පුළුල් කරන බව ලිබරල් සන්ධානය පවසයි.
- තම පක්ෂය බලයට පැමිණියහොත් ලාභදායී childcare සේවාවක්, ශක්තිමත් Medicare සේවාවක් ලබා දීමට කම්කරු පක්ෂය පොරොන්දුවෙයි.
- වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා සිඩ්නි නුවර ශ්‍රමිකයෝ ඊයේ මැයි දින පෙළපාලි යති.
- යුක්රේනයේ මරියාපෝල් නගරයේ වානේ කම්හලක සිරව සිටින සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම ඇරඹේ.
- ශ්‍රී ලංකා සංචාරය සඳහා සහභාගීවන ඔස්ට්‍රේලියානු සංචිතයට ක්‍රීඩකයින් 34 ක්.
Share






