වික්ටෝරියා ප්‍රාන්තයේ postcodes 100 ක තාවකාලික කොවිඩ් එන්නත් සායන. ඔබේ postcode එකත් තිබේදැයි බලන්න (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම අරමුණු කරගනිමින් මෙලෙස තාවකාලික කොවිඩ් එන්නත් සායන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

SBS Sinhala Radio News on 01 Oct 2021: Victoria will halve the time between Pfizer shots to fast track its vaccine rollout

Victoria will halve the time between Pfizer shots to fast track its vaccine rollout Source: AAP

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් ආසාදිතයින් 473 ක් හමුවී තිබේ.

එයින් 202 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති කොවිඩ් පොකුරුවලට සම්බන්ධ බවට හඳුනාගෙන ඇත.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්තය පුරා විහිදුණු postcodes 100 ක pop-up vaccine clinics හෙවත් තාවකාලික කොවිඩ් එන්නත් සායන ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කරයි.


Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ postcodes 100 ක තාවකාලික කොවිඩ් එන්නත් සායන ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
  • ඇතැම් තාවකාලික එන්නත්කරණ සායන විවිධ ආගමික ස්ථානයන්හි මෙන්ම පාසල්වල පිහිටුවීමට ප්‍රාන්ත රජය අදහස් කර ඇත.
  • ඉදිරි සති දෙක තුළ විවිධ ප්‍රජාවන් පදනම් කරගනිමින් තාවකාලික එන්නත්කරණ සායන 5 ක්ද ස්ථාපනය කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ pop-up vaccine clinics

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීම අරමුණු කරගනිමින් මෙලෙස තාවකාලික කොවිඩ් එන්නත් සායන ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

මෙම තාවකාලික කොවිඩ් එන්නත් සායන postcodes 100 ක ක්‍රියාත්මක කෙරෙන නිසා වික්ටෝරියා ප්‍රාන්තය පුරා කොවිඩ් එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට හැකිවනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

මෙහිදී මෙල්බර්න්හි උතුරු සහ බටහිර තදාසන්න ප්‍රදේශ කෙරෙහි වහාම අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්තයේ විවිධ ප්‍රජාවන් සඳහා ඇති බාධක බිඳ දැමීම සඳහා ද මෙම එන්නත්කරණ ස්ථාන ඉලක්ක කර ඇති බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

ඒ අනුව ඇතැම් තාවකාලික එන්නත්කරණ සායන විවිධවූ ආගමික ස්ථානයන්හි පිහිටුවීමට ප්‍රාන්ත රජය අදහස් කර ඇති බවත් Thornbury හි Greek Orthodox දේවස්ථානයේ, Mill Park හි හින්දු කෝවිලේ සහ Newport හි මුස්ලිම් දේවස්ථානයේ දැනටමත් එන්නත්කරණ සායන පිහිටුවා ඇති බවත් ප්‍රාන්ත අගමැති Daniel Andrews සඳහන් කළේය.

People line up for COVID vaccines at the Sandown Racecourse Vaccination Centre in Melbourne, Tuesday, August 31, 2021. Victoria will remain in lockdown after recording the highest number of new daily local COVID-19 cases in the state in almost a year.
Çalışma izni olanlar 15 Ekim'e kadar aşı olmak zorunda. Source: AAP Image/Daniel Pockett

පාසල් සහ ප්‍රජාව පදනම් කරගත් තාවකාලික එන්නත් සායන

මෙම තාවකාලික එන්නත්කරණ සායන සඳහා පාසල් 70 ක් ද ස්ථාන සපයන බවත් ඒවායේදී පාසල් සිසුන්, ගුරුවරුන් සහ එහි ප්‍රජාවේ සාමාජිකයින් හට කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කර ඇති බව ද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

ඉදිරි සති දෙක තුළ විවිධ ප්‍රජාවන් පදනම් කරගනිමින් තාවකාලික එන්නත්කරණ සායන 5 ක්ද පාසල් පදනම් කරගත් තාවකාලික එන්නත්කරණ සායන 8 ක්ද විවෘත කරන බව ඔහු පැවසීය.

ඉදිරි සති දෙක තුළ Hume, Dandenong සහ Casey යන කලාප වල විවිධත්වයෙන් යුතු ප්‍රජාවන් පදනම් කරගත් තාවකාලික එන්නත්කරණ සායන පිහිටුවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය සඳහන් කරයි.

ඊට අමතරව ඉදිරි සති දෙක තුළ පහත සඳහන් පාසල් තුළ තාවකාලික එන්නත්කරණ සායන ක්‍රියාත්මක කරන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

  • Dandenong High School
  • Point Cook Secondary College
  • Gladstone Park Secondary College
  • Roxburgh College
  • Brunswick Secondary College
  • Tarneit Senior College
  • Werribee Secondary College
  • Lakeview Senior College

ඉහත තාවකාලික එන්නත්කරණ සායනවලදී සිසුන්ට කොවිඩ් එන්නත ලබාදීම මූලික ඉලක්කය වී තිබේ.

ඉන් අනතුරුව ඊළඟ වටයේදී ගුරුවරුන් සහ අදාළ පාසල්වල සිසුන්ගේ දෙමාපියන් හට කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු කෙරේ.

එහි පළමු වටයේදී පහත සඳහන් පාසල්වල මුලින්ම තාවකාලික එන්නත්කරණ සායන ක්‍රියාත්මක කෙරේ.

  • Narre Warren South P-12 College
  • Mount Ridley P-12 College
  • Hazel Glen College

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


තාවකාලික එන්නත්කරණ සායන ක්‍රියාත්මක කිරීමට යන postcodes 100

පහත සඳහන් postcodes 100 තුළ තාවකාලික කොවිඩ් එන්නත්කරණ සායන ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

3000304330743138317433563658377738183939
3006304730753139317534513660378138243940
3010304830763140317734963752379638253941
3020305130823151318034983754379938403950
3021305330833153320035003756380238423975
3023305930863155320135053757380338443976
3025306031163156321436203764380438513977
3028306131253168333536293765380539113980
3037306431283169333736303770380739153981
3038307331373173335536443775381039363984

Share

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now