ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙරළබඩ කලාප වලට ඇදහැලෙන අධික වර්ෂාපතනයේ අඩු වීමක් දක්නට ඇති බව වාර්තා වේ.
නමුත් තවත් දින කිහිපයක් යනතුරු ගංවතුර තර්ජන අඩු නොවන බව කාලගුණ බලධාරීහු අනතුරු අඟවති.
Highlights
- මෙම ගංවතුර තත්ත්වය පාස්කු නිවාඩුවට පෙර අවසන් නොවනු ඇතැයි ප්‍රාන්ත බලධාරීහු අපේක්ෂා කරති.
- ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට ආපදා ප්‍රතිසාධන ගෙවීමකට අයදුම් කළ හැකිය.
- ආදායම් අහිමි වී ඇති සේවකයින්ට, ප්‍රාථමික නිෂ්පාදකයින්ට හා ව්‍යාපාර හිමිකරුවන්ට ආපදා ප්‍රතිසාධන දීමනාවකට ඉල්ලුම් කළ හැකිය.

මාර්තු 24 පෙරවරුව වන විට තත්ත්වය
පසුගිය සති අන්තයේදී ගංවතුර තර්ජන එල්ලවූ ප්‍රදේශ වල පදිංචිකරුවන් 18,000 ක් පමණ ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් කෙරුණු අතර තවත් 15,000 ක පමණ පිරිසක් ඉවත් කිරීමට සූදානමින් සිටින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීහු පවසති.
සිඩ්නි නුවර වයඹ දෙසින් ඇද හැලෙන වර්ෂාව මධ්‍යයේ ඇතිවී ඇති ජල ගැලීම් නිසා එම කලාපයේ ඇති නිවෙස්වලින් ඉවත් වන ලෙසට අදාළ පුද්ගලයින්ට නියෝග කර ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
Colo ගංගාව ආශ්‍රිතව විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවෙමින් පවතී.
එනිසාම එම කලාපයේ නිවාස 200 ක 500 කට ආසන්න පිරිසකට අඟහරුවාදා (23/03) ඉවත් වන ලෙසට ප්‍රාන්ත හදිසි සේවය නියෝග කළේය.
ඔවුන්ව ඉවත් කිරීම සඳහා SES හෙවත් ප්‍රාන්ත හදිසි සේවය මගින් බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදවා තිබුණි.
Windsor සිට Wiseman's Ferry දක්වා Hawkesbury ගංගාව ආශ්‍රිතව caravan රථ තුළ සිටින පුද්ගලයින්ට ද එම ස්ථාන වලින් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වා තිබේ.
එමෙන්ම Stonequarry කලපුවේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා Picton CBD ප්‍රදේශයේ සිටින පුද්ගලයින්ට ද එම ස්ථාන වලින් ඉවත් වීමට සූදානම් වන ලෙස දන්වා ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
Hunter, Central Tablelands සහ south coast යන කලාප ජලයෙන් යට වෙමින් පවතින අතරේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු වෙරළ තීරයේ Kempsey කලාපයේ වැසියන්ට එම කලාපයෙන් ඉවත් වෙන ලෙසට නොකඩවා නියෝග නිකුත් කරමින් සිටී.
Orara ගංගාව ආශ්‍රිතව Glenreagh සහ Coutts Crossing යන ප්‍රදේශ වලද විශාල ගංවතුර තත්ත්ව හටගෙන තිබේ.
Nepean ගංගාව ආශ්‍රිතව Penrith ප්‍රදේශයේ මධ්‍යස්ථ මට්ටමක ගංවතුරක් ඇති බවට අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක වන අතර ගංවතුර ජලය Nepean
ගංගාවේ ඉහළ කොටසට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේවෙතත් මෙම ගංවතුර තත්ත්වය පාස්කු නිවාඩුවට පෙර අවසන් නොවනු ඇතැයිද ප්‍රාන්ත බලධාරීහු අපේක්ෂා කරති.

ගංවතුරෙන් පීඩාවට පත් පිරිසට ආර්ථික සහන
ගංවතුර ක්‍රියාත්මක නගර සභා කලාප වල වැසියන්ට Disaster Recovery Payment හෙවත් ආපදා ප්‍රතිසාධන ගෙවීමක් කිරීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවට පසුගිය ඉරිදා (21/03) ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කළේය.
ගංවතුර තත්ත්වයෙන් දරුණු අනතුරු වලට මුහුණ දුන් පුද්ගලයින්ට සහ තමන්ගේ නිවාස වලට හානි වූවන්ට මෙම ආපදා ප්‍රතිසාධන ගෙවීමට වහාම අයදුම් කිරීමට හැකිය.
මෙම සහන දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ වැඩිහිටියෙකුට එකවරක් ගෙවනු ලබන $1000 කටද ළමයෙකුට එකවරක් ගෙවනු ලබන $400 කටද හිමිකම් කිව හැකිය.
New Zealand non-protected වීසා හිමියන්ට ද මෙම අපදා ගෙවීමට අයදුම් කළ හැකි බව සඳහන්.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
තමන්ට ආදායම් අහිමි වී ඇති බව පෙන්නුම් කළ හැකි සේවකයින්ට, ප්‍රාථමික නිෂ්පාදකයින්ට හෝ ව්‍යාපාර හිමිකරුවන්ට Disaster Recovery Allowance හෙවත් ආපදා ප්‍රතිසාධන දීමනාව සඳහා ඉල්ලුම් කළ හැකිය.
මෙම සහන පිළිබඳ වැඩි විස්තර Services Australia වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

ගංවතුරෙන් පීඩාවට පත් පිරිසට අනෙකුත් සහන
තමාට රක්ෂණයක් ඇති පුද්ගලයින්ට ගංවතුරෙන් පීඩාවට පත්වූ අවස්ථාවේ යම් ප්‍රතිලාභ ලබාගැනීමේ දී පැනනගින ගැටළු සඳහා විසඳුම් දීමට 1800 734 621 දුරකතන අංකයෙන් Insurance Council of Australia ඇමතිය හැකිය.
ගංවතුර නිසා එම කලාප වල ඉඩම් හිමියන්ට හදිසි ආහාර, පශු වෛද්‍ය ආධාර සහ ඉවත් කිරීමේ මධ්‍යස්ථානවල සතුන් රැකබලා ගැනීම සඳහා සහාය වීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ඉඩම් සේවා සහ ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව ද සහාය වේ.
එලෙස බලපෑමට ලක්වූවන් 1800 814 647 දුරකථන අංකයෙන් Agriculture and Animal Services හි සේවා ඇමතුම් අංකයට අමතන්න.
එමෙන්ම මෙම තත්ත්වය නිසා විවිධ මානසික ගැටලු වලට මුහුණ දී ඇති පුද්ගලයින්ට Beyond Blue, Embrace Multicultural Mental Health, Lifeline, Mensline සහ Kids Helpline ද ඇමතිය හැකිය.
ඊට අමතරව 1800 801 529 දුරකතන අංකයෙන් Disaster Response Legal Service ද ඔබට ඇමතිය හැකිය.

