ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයෝ විවිධ වූ ජයග්‍රහණ ඔස්ට්‍රේලියාවේදී වාර්තා කරති.
එවන්වූ තවත් විශේෂ ජයග්‍රහණයක් පිළිබඳ ටස්මේනියා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.
2021 වසරේ ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්වී තිබේ.
උදානි අමරසේකර නම්වූ ඇය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස්වෙයි.
Highlights
- 1924 දී ඇරඹි ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලිය සෑම වසරකම මාර්තු මාසයේ මුල සතියේදී පැවැත්වේ.
- ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලියේ අවසන් වරට කාන්තා නියෝජනයක් සිදුව ඇත්තේ 2019 වසරේදීය.
- කාන්තාවක් මෙම ශූරතාවය දිනාගත්තේ ද වසර ගණනාවකට පසු වීම ද විශේෂත්වයක්.
උදානි ටස්මේනියා චෙස් ශූරිය වූ හැටි
2017 වසරේදී උදානි ඔස්ට්‍රේලියාවට පැමිණි අතර එතැන් පටන් 2021 තෙක් චෙස් ක්‍රීඩාවේ යෙදීමට තමන්ට නොහැකිවූ බව ඇය පැවසුවාය.
තමන්ගේ අධ්‍යාපන කටයුතු ඊට ප්‍රධානතම හේතුව වූ බව උදානි SBS සිංහල ගුවන් විදුලියට ප්‍රකාශ කළාය.
ඒ අතරේ මිත්‍රයෙකු හරහා Launceston චෙස් සංගමය පිළිබඳ උදානි ට දැනගැනීමට හැකියාව ලැබී තිබේ.
ඉන් අනතුරුව Launceston චෙස් සංගමයේ පුහුණුවීම් සඳහා ඇයට අවස්ථාව හිමිවුණි.
"Launceston චෙස් සංගමයෙන් තමයි මම දැනගත්තේ 2021 ටස්මේනියා ප්‍රාන්ත චෙස් ශූරතාවලිය මාර්තු මාසයේදී තියෙනවා කියලා දැනගත්තේ. ඒ හරහා තමයි මම එයට සහභාගී වෙලා මෙම ජයග්‍රහණය ලැබුවේ." යනුවෙන් උදානි 2021 වසරේ ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලියේ ශුරතාවය දිනාගත් අයුරු SBS සිංහල ගුවන් විදුලියට පැහැදිලි කළාය.
එමෙන්ම ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ චෙස් ක්‍රීඩකයින් ගේ අත්දැකීම් තමන්ගේ චෙස් සංගමයේදී ලබාගැනීමට හැකිවූ බවත් එය ඉතා වටිනා අවස්ථාවක් බවත් උදානි අප සමග පැවසුවාය.

ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලිය
1924 දී ඇරඹි ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලිය සෑම වසරකම මාර්තු මාසයේ මුල සතියේදී පැවැත්වේ.
ටස්මේනියා චෙස් සංගමය මෙහි ප්‍රධාන සංවිධායකයින් ලෙස කටයුතු කරයි.
මෙවර තරගාවලිය වට 7 කින් සමන්විත වූ අතර ක්‍රීඩකයින් 31 දෙනෙකු සහභාගී වූ බව වාර්තා විය.
එහිදී ශූරතාවය දිනාගැනීමට උදානි අමරසේකර හට හැකියාව ලැබිණි.
ටස්මේනියා ප්‍රාන්ත චෙස් තරගාවලියේ අවසන් වරට කාන්තා නියෝජනයක් සිදුව ඇත්තේ 2019 වසරේදී බවත් කාන්තාවක් මෙම ශූරතාවය දිනාගත්තේ ද වසර ගණනාවකට පසු වීම ද විශේෂත්වයක් බවත් උදානි SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.

චෙස් ක්‍රීඩාවට අත්පොත් තැබීම
උදානි ගේ පාසල වූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේදී උදානි චෙස් ක්‍රීඩාවට අත්පොත් තැබීම සිදු කර ඇත.
ජාතික පාසල් චෙස් ශූරතාවන් දිනාගැනීමට පාසල් සමයේදී ඇයට අවස්ථාව ලැබුණි.
ඉන් අනතුරුව ඇය කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත්වන අතර එහිදී විශ්ව විද්‍යාලයේ චෙස් කණ්ඩායමේ කණ්ඩායම් නායිකාව ලෙසද උදානි ට කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි.
ඒ කාලයේදීම අන්තර් විශ්ව විද්‍යාල චෙස් තරගාවලි සඳහා සහභාගී වී ජයග්‍රහණ අත්කරගත් බවද උදානි පැවසුවාය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ චෙස් ක්‍රීඩාව
ඔස්ට්‍රේලියාව යනු ලොව ක්‍රීඩා සඳහා පවතින ඉහළම මට්ටමේ රටකි.
එහිදී චෙස් ක්‍රීඩාවටද ඔස්ට්‍රේලියාව තුළ විශේෂ ස්ථානයක් හිමිවේ.
ශ්‍රී ලංකාවත් සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 70 ට වඩා වැඩි වියපත් පුද්ගලයින් පවා චෙස් ක්‍රීඩාවේ යෙදෙන බව උදානි අමරසේකර SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
ඔවුන් සැමවිටම කනිෂ්ඨ ක්‍රීඩකයින් ට තම අත්දැකීම් ලබාදෙන බවත් එය ඉතා සුවිශේෂී දෙයක් ලෙසත් ඇය පැවසුවාය.
මීට අමතරව ඔස්ට්‍රේලියාවේ චෙස් ක්‍රීඩාවට අවශ්‍ය සෑම පහසුකමක්ම සපයා ඇති බවද උදානි සඳහන් කළාය.

