අතීතයේ Anaphylaxis තත්ත්වයන් තිබෙන පුද්ගලයින්ට AstraZeneca එන්නත ලබාගැනීමෙන් වළකින ලෙසට ඉල්ලීමක් (SBS සිංහල/ වාර්තා)

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Bundaberg, Toowoomba යන ප්‍රදේශ වල පුද්ගලයින් දෙදෙනෙකු හට ද Ipswich හි තවත් පුද්ගලයින් දෙදෙනකු හට ද AstraZeneca කොරෝනා එන්නත ලබාගත් පසු ආසාත්මිකතා ඇතිවී තිබේ.

A file photo of a COVID-19 Vaccination Clinic sign in Melbourne.

A file photo of a COVID-19 Vaccination Clinic sign in Melbourne. Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ AstraZeneca කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින් සිව් දෙනෙකුට ආසාත්මිකතාවන් ඇතිවී තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් anaphylaxis තත්ත්වයන් තම ඉතිහාසයේ ඇතිනම් ඔවුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ඉල්ලා සිටියි.


Highlights

  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් සිව් දෙනෙකුට AstraZeneca එන්නත ලබාගැනීමෙන් පසුව ආසාත්මිකතා ඇතිවී තිබේ.
  • යම් පුද්ගලයෙකු හට anaphylaxis තත්ත්වයන් තම ඉතිහාසයේ ඇතිනම් ඔවුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය දන්වයි.
  • Pfizer සහ AstraZeneca එන්නත්, බහුතරයකට ආරක්ෂිත බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනීය පවසයි.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාසීන් සිව් දෙනෙකුට ආසාත්මිකතා

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Bundaberg, Toowoomba යන ප්‍රදේශ වල පුද්ගලයින් දෙදෙනෙකු හට ද Ipswich හි තවත් පුද්ගලයින් දෙදෙනකු හට ද AstraZeneca කොරෝනා එන්නත ලබාගත් පසු මෙලෙස ආසාත්මිකතා ඇතිවී තිබේ.

මොවුන් සියලු දෙනා හටම පසුගිය පැය 48 තුළ මෙම ආසාත්මිකතා පෙන්වා ඇති බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ඔස්ට්‍රේලියාවේ එන්නත් නියාමන අධිකාරිය වන චිකිත්සක භාණ්ඩ පරිපාලනය වෙත දැනුම් දී තිබේ.

මේ නිසාම යම් පුද්ගලයෙකු හට anaphylaxis තත්ත්වයන් තම ඉතිහාසයේ ඇතිනම් ඔවුන්ට කොරෝනා එන්නත ලබා ගැනීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය ඉල්ලා සිටී.

කොරෝනා එන්නතට අසාත්මිකතා ප්‍රතික්‍රියා දුර්ලභ නමුත් පුදුමයක් නොවන බවත් මේ මාසයේ මුලදී Pfizer එන්නත ලබාගත් හෙදියකට ද එවැනි අත්දැකීමක් ලැබීමට සිදුවූ බවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් John Wakefield පැවසීය.

කෙසේවෙතත්, මේ සම්බන්ධව සමීපව නිරීක්ෂණය කරන බව ද ඔහු පැවසීය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Pfizer සහ AstraZeneca එන්නත් බහුතරයකට ආරක්ෂිතයි

Pfizer සහ AstraZeneca එන්නත්, බහුතරයකට ආරක්ෂිත බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමතිනී Yvette D'Ath පැවසුවාය.

නමුත් එම එන්නත් මාත්‍රා වල ඇති ඕනෑම සංගටකයකට ආසාත්මිකතා ඇතිවිය හැකි බව පැහැදිලිවම අනතුරු අඟවා ඇති බවත් ඇය පැවසුවාය.

මේ අතර ගර්භනී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන් මෙම එන්නත ලබාගැනීමෙන් වළකින ලෙස ද ඇය දන්වා සිටියාය.

AstraZeneca එන්නතේ ආරක්ෂිතභාවය පිළිබඳ ඔස්ට්‍රේලියාව විශ්වාසයෙන්

AstraZeneca එන්නතේ ආරක්ෂිතභාවය පිළිබඳ විදෙස් රටවල ගැටලු පැවතියද ඔස්ට්‍රේලියාවේ එය නොකඩවා ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

AstraZeneca කොරෝනා එන්නතෙන් රුධිරය කැටි ගැසීම ඇතුළු බරපතල අතුරු ආබාධ ඇතිවිය හැකි බවට රටවල් කිහිපයක් පසුගිය සති කිහිපයේම වාර්තා කර ඇත.

මේ හේතුවෙන් තම රට වැසියන්ට AstraZeneca කොරෝනා එන්නත ලබාදීම නතර කරන බවට ජර්මනිය, ප්‍රංශය සහ ඉතාලිය පසුගිය සඳුදා (15/03) නිවේදනය කළේය.

යුරෝපා රටවල් AstraZeneca එන්නත ආරක්ෂිත නොවන බව වාර්තා කළ නමුත් AstraZeneca එන්නත ආරක්ෂිත යැයි තමන් විශ්වාස කරන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහචාර්ය Paul Kelly පැවසීය.

එමෙන්ම AstraZeneca එන්නතේ අතුරු ආබාධයක් ලෙස රුධිරය කැටි ගැසීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවද ඔහු පැවසීය.


Share

3 min read

Published

By Madhura Seneviratne

Source: AAP, SBS




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now