වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළව නිකුත් කරන 190 වීසා සහ 491 වීසා කෝටාවේ නවතම තත්ත්වය පිළිබඳ වික්ටෝරියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දන්වා තිබේ.
2020/21 මුල්‍ය වර්ෂය සඳහා 190 වීසා සහ 491 වීසා සඳහා මෙතෙක් ලැබුණු ROI (Registration of Interest) ප්‍රමාණය සහ ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය පිළිබඳ දත්ත මෙහිදී ඉදිරිපත් කොට ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
2021 පෙබරවාරි 28 වන දිනට වික්ටෝරියානු visa nomination වැඩසටහන
Skilled nominated visa (subclass 190)
2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 190 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 2,500 ක කෝටාවක් වෙන්කොට තිබේ.
2021 පෙබරවාරි 28 වන දිනට මේ සඳහා ROI 5,121 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 1,140 කි.
190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා උප ඛාණ්ඩයකි.
Skilled Work Regional (Provisional) visa (subclass 491)
2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 491 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 1,043 ක කෝටාවක් වෙන්කොට තිබේ.
2021 පෙබරවාරි 28 වන දිනට මේ සඳහා ROI 701 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 270 කි.
491 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරගත හැකි අතර වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.

තෝරාගත් වෘත්තීන්/ රැකියා වර්ග
2020/21 මුල්‍ය වර්ෂය සඳහා මෙතෙක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන්/ රැකියා සඳහා වික්ටෝරියානු visa nomination වැඩි වශයෙන් ලබාදී ඇත.
190 වීසා සහ 491 වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලයන් වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය පහත පරිදි දක්වා තිබේ.
Processing times - subclass 190
75% අයදුම්පත් සඳහා: දින 18
90% අයදුම්පත් සඳහා: දින 22
Processing times - subclass 491
75% අයදුම්පත් සඳහා: දින 7
90% අයදුම්පත් සඳහා: දින 15

