නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලියේ වෙනස්කම් රැසක්, සියලු තොරතුරු මෙන්න (SBS සිංහල/ වාර්තා)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින්ට දැන් සියලුම නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් AstraZeneca එන්නත ලබාගැනීමට හැකියාව පවතී.

A COVID-19 vaccine dose.

NSW Health has expanded its vaccine rollout to encompass new priority groups. Source: Getty Images North America

ඊයේ (11/07) රාත්‍රී 8 න් අවසන් වූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් 112 ක් හමු වී ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එයින් ආසාදිතයින් 34 දෙනෙකු වයිරසය ශරීරගත වී තිබෙන විට සමාජයේ ගැවසී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.


Highlights

  • ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන්ට සහ aged care සේවකයින්ට කොරෝනා එන්නත දීමේදී ප්‍රමුඛතාව ලබා දීම.
  • අවුරුදු 40 ට වැඩි පදිංචිකරුවන්ට AstraZeneca එන්නත ලබාගැනීමට පුළුල් ප්‍රවේශයක් ලබාදේ.
  • එන්නත් කිරීමේ ධාරිතාව වැඩි කිරීම සඳහා මහා පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථාන ත්‍රිත්වයක් ඉදිරි සති කිහිපය තුළ විවෘත කිරීමට අපේක්ෂිතය.

මේ හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මේ වන විට බරපතල කොරෝනා අවදානමකට ලක්ව තිබේ.

එනිසාම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ එන්නත්කරණ වැඩසටහනේ යම් සංශෝධන කිරීමට ප්‍රාන්ත රජය පියවර ගත් බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

ඇතැම් ප්‍රදේශවල ගුරුවරුන්ට සහ aged care සේවකයින්ට ප්‍රමුඛතාව ලබා දීම

කොරෝනා එන්නත් ලබාදීමේදී Fairfield, Canterbury Bankstown සහ Liverpool යන ප්‍රදේශ වල සිටින ගුරුවරුන්ට සහ aged care සේවකයින්ට ප්‍රමුඛතාව ලබාදෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ප්‍රකාශ කළාය.

එම ප්‍රදේශ වල කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි අවදානමක් මතුව තිබීම ඊට හේතුව වේ.
ඒ අනුව එම ප්‍රදේශ වල ගුරුවරුන්ට සහ aged care සේවකයින්ට කොරෝනා එන්නත ලබාදීම සඳහා එළඹෙන සිකුරාදා Fairfield Showground හි නව එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවනු ඇත.

එම ප්‍රදේශ වල සිටින අත්‍යවශ්‍ය සේවකයින් හරහා ද වයිරසය පැතිර ගිය අවස්ථා ඇති බවද ප්‍රාන්ත අගමැතිනිය සඳහන් කළාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අවුරුදු 40 ට වැඩි පදිංචිකරුවන්ට AstraZeneca එන්නත ලබාගැනීමට පුළුල් ප්‍රවේශයක්

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයින්ට දැන් සියලුම නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය මධ්‍යස්ථාන වලින් AstraZeneca එන්නත ලබාගැනීමට හැකියාව පවතී.

ඊට අමතරව නුදුරේදීම ෆාමසි හෙවත් ඖෂධාගර වලින්ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියනට කොරෝනා එන්නත ලබාගැනීමට අවස්ථාව සලසන බව ප්‍රාන්ත අගමැතිනිය පැවසුවාය.
මීට පෙර ප්‍රාන්ත වැසියනට කොරෝනා එන්නත ලබාගත හැකිව තිබුණේ තමන්ගේ පවුලේ වෛද්‍යවරයා හරහා පමණි.

"ඔබ වයස අවුරුදු 40 ට වැඩි නම් දැන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහා පරිමාණ මහා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන හරහා AstraZeneca එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවා ගැනීම ආරම්භ කළ හැකියි." යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

නමුත් AstraZeneca එන්නත ලබාගන්නා පුද්ගලයින්ට දුර්ලභ රුධිර කැටි ගැසීමේ අතුරු ආබාධයකට කලාතුරකින් මුහුණ දීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ තමන්ට අත්විය හැකි අවදානම ගැන සලකා බලන ලෙසද ඇය ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටියාය.

එන්නත් කිරීමේ ධාරිතාව වැඩි කිරීම සඳහා නව එන්නත්කරණ මධ්‍යස්ථාන

ඉදිරි සති කිහිපය තුළ මහා පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථාන ත්‍රිත්වයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ විවෘත කිරීමට අපේක්ෂිතය.

එම මධ්‍යස්ථාන ත්‍රිත්වය පහත ස්ථාන වල පිහිටා තිබේ.

  • Lake Macquarie කලාපයේ Belmont
  • නිරිත දිග සිඩ්නි කලාපයේ Macquarie Fields
  • Wollongong
Belmont හි එන්නත්කරණ මධ්‍යස්ථානය ජූලි 19 වන දින විවෘත කෙරෙන අතර සතියකට එන්නත් මාත්‍රා 20,000 ක් එයින් ලබාදීමට අපේක්ෂිතය.

Macquarie Fields හි එන්නත්කරණ මධ්‍යස්ථානය ජූලි මස අග වන විට විවෘත කෙරෙන අතර සතියකට එන්නත් මාත්‍රා 20,000 ක් එයින්ද ලබාදීමට අපේක්ෂිතය.

එමෙන්ම අගෝස්තු මාසයේ විවෘත කිරීමට නියමිත Wollongong හි එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් සතියකට එන්නත් මාත්‍රා 15,000 ක් ලබාදීමට අපේක්ෂිතය.

ඊට අමතරව Sydney CBD හි ජූලි 19 වන දින විවෘත කිරීමට නියමිත එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් සතියකට එන්නත් මාත්‍රා 7,000 ක් දක්වා ලබාදීමට අපේක්ෂිතය.

Share

Published

Updated

By Caroline Riches, Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service