ඔස්ට්‍රේලියානුවාසීන්ට වසර 2025 සිට පැරසිටමෝල් පමණට වඩා මිලදී ගැනීමට ඖෂධවේදියෙකුගේ අනුමැතිය අවශ්‍ය අනු ඇත.
ඔස්ට්‍රේලියානුවාසීන් ලබාගන්නා වේදනා නාශක අධිමාත්‍රාව අඩු කිරීමේ උත්සාහයක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ පැරසිටමෝල් මිලදී ගැනීමට වෙනස්කම්
2025 පෙබරවාරි මාසයේ සිට සුපිරි වෙළඳසැල්වල අලෙවියට තබා ඇති පැරසිටමෝල් ඇසුරුමක ඇති උපරිම පෙති සංඛ්‍යාව 20 සිට 16 දක්වා අඩු කෙරේ.
එමෙන්ම ඔසුසැල්වල අලෙවියට තබා ඇති පැරසිටමෝල් ඇසුරුමක ඇති උපරිම පෙති සංඛ්‍යාව 100 සිට 50 දක්වා අඩු කෙරෙනු ඇත.
පෙති 100කට වඩා වැඩි ඇසුරුම්වල ඇති පැරසිටමෝල් මිලදී ගැනීමට පෙර ඖෂධවේදියාගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය වේ.

මෙම සංශෝධනය සිදු කළේ ඇයි?
පැරසිටමෝල් අධික මාත්‍රාවන් ගැනීමෙන් ඔස්ට්‍රේලියානුවන් 50 දෙනෙකු වසරකට මිය යන බව ස්වාධීන වාර්තාවකින් හෙළිදරව් වීමෙන් පසු මැයි 03 වඳින ඖෂධ නියාමකවරයා මේ පිළිබඳ අවසන් තීරණයකට එළඹුණි.
නිරතුරු පැරසිටමෝල් සහන අවශ්‍ය අය සඳහා අඛණ්ඩ ප්‍රවේශය සහතික කරන අතරම යම් සීමාවන් වල අවශ්‍යතාවයද සැලකිල්ලට ගත් බව ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක භාණ්ඩ අධිකාරිය (TGA) පැවසීය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ප්‍රජා උපදේශන වට දෙකක ඉදිරිපත් කළ කරුණුද මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.
ආරක්ෂාව සමතුලිත කිරීමට සහ වේදනා නාශක ප්‍රතිකාර සඳහා ප්‍රවේශ වීමට බහුවිධ ප්‍රවේශයක් අවශ්‍ය බව කර්ටින් වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ඔස්ට්‍රේලියාවේ ඖෂධ සංගමයේ ජාතික සභාපති Tin Fei Sim පැවසුවේය.
ඔස්ට්‍රේලියාවේ සෑම වසරකම වැරදි ඖෂධ නිසා රෝහල් ගතවීම් 250,000ක් පමණ සිදුවන බවත් පැරසිටමෝල් අධික මාත්‍රාව නිසා ඉන් පුද්ගලයන් 225ක් රෝහල් ගත වන අතර 50 දෙනෙකු මියයන බවත් වෛද්‍ය Tin Fei Sim පැවසීය.
පැරසිටමෝල් පෙති සහ කරල් ද blister මාදිලියේ ඇසුරුම්වල තිබිය යුතු අතර තනි තනිව ඔතා ඇති කුඩු හෝ පැරසිටමෝල් අඩංගු කැටිති ඇසුරුම් නීතිරීතිවලට අනුකූලව අඩු කරනු ලැබේ.
දියර මාදිලියේ, modified-release සහ prescription-only පැරසිටමෝල් සඳහා මෙම තීරණය බලපාන්නේ නැත.
පැරසිටමෝල් අධි මාත්‍රාවන් ගැනීම නව යොවුන් වියේ සහ තරුණ වැඩිහිටියන් අතර ඉහළම අගයක් ගනී.
මේ අතර පැරසිටමෝල් අලෙවිය වරකට එක් පැකට්ටුවකට සීමා කරන ලෙස ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක භාණ්ඩ අධිකාරිය (TGA) සුපිරි වෙළඳසැල්දිවලින් ඉල්ලා ඇති අතර වෙනස්කම් බලාත්මක කිරීමට පෙර ඖෂධ තොග ගබඩා නොකරන ලෙස පාරිභෝගිකයින්ගෙන් ද ඉල්ලා සිටියේය.

