ඕස්ට්‍රේලියාව ගැන ඔත්තු බලන්න චීනයෙන් නැව් දෙකක් ඇවිත් (SBS සිංහල වාර්තා)

ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර සිදුකරන යුධ අභ්‍යාස පිළිබඳව ඔත්තු බැලීමට චීනය දෙවන නෞකාවත් යෙදවීම පුදුම සහගත බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Peter Dutton පවසයි.

Defence Minister Peter Dutton

Source: AAP

 Highlights

  • චීනයේ ක්‍රියාව පුදුම සහගත බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසයි
  • කලාපයේ සාමකාමීත්වය රැකීමට ඕනෑම අයකු අදාළ නීති පිළිපැදිය යුතු බව ඕස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍යවරයා පවසයි

චීනයේ ක්‍රියාව පුදුම සහගත බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර මෙමෙ යුධ අභ්‍යාස සිදු වේ. මෙම යුධ අභ්‍යාස පිළිබඳව ඔත්තු බැලීමට මීට දින කිහිපයකට පෙර චීනය නෞකාවක් යෙදවූ අතර මේ වනවිට එම ඔත්තු බැලීම් සඳහා තවත් නෞකාවක් එක්ව තිබේ.

මෙය තමන් හට පුදුමය දනවන්නක් නමුත් චීනය මීට පෙරද 2017 සහ 2019 යන වසර වලදී මෙවැනි කටයුතු කල බව ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍ය Peter Dutton සඳහන් කොට සිටි.

 


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙරවරු 11 සිට , 93.1fm, 97.7fm, 105.5fm

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

එමන්ම මෙය, චීනය ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව අතර සිදු කරන යුධ අභ්‍යාස පිළිබඳව අවධානයෙන් සිටින බවට ඇඟවීමට සිදු කරන කටයුත්තක් වන බවද අමාත්‍යවරයා පවසයි.

කෙසේ නමුත් චීනය ජාත්‍යන්තර නීතීන්ට අනුව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවද Peter Dutton වැඩිදුරටත් සඳහන් කොට සිටී.

කලාපයේ සාමකාමීත්වය රැකීමට ඕනෑම අයකු අදාළ නීති පිළිපැදිය යුතු බව ඕස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍යවරයා පවසයි

යුධ අභ්‍යාස නිරීක්ෂණය කිරීම සඳහා නැව් භාවිත කිරීමට සෑම රටකටම අයිතිය පවතින බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු වෙළඳ අමාත්‍ය Dan Tehan පවසයි.

ඔහු Sky News වෙත සඳහන් කොට සිටියේ යාත්‍රා කිරීමේ නිදහස සෑම අයකුටම පවතින නමුත් ඔවුන් අදාළ නීති රීති පිළිපැදීම සිදු කලයුතු බවයි.

ඕස්ට්‍රේලියානු වෙළඳ නීති සඳහා ද එය අදාළ වන අතර මෙම කලාපය සාමකාමීව සහ සමෘද්ධිමත්ව තබාගැනීමට සෑම අයකුම එම නීති අනුගමනය කල යුතු බවද ඔහු පවසයි.

චීනය සමග උද්ගතව ඇති වෙළඳ ගැටුම් හි ප්‍රතිපලයක් වශයෙන් සිංගප්පූරුව, වියට්නාමය සහ ජපානය යන රටවල කලාපීය සංචාරයක නිරත වෙමින් සිටින අතරතුර වෙළඳ අමාත්‍යවරයා Sky News වෙත මේ බව සඳහන් කොට තිබේ.
Australia's Trade Minister Dan Tehan.
Australia's Trade and Tourism Minister Dan Tehan Source: AAP
ඔහු පවසන්නේ ඔස්ට්‍රේලියාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන ඕස්ට්‍රේලියානු අපනයනකරුවන් සඳහා විකල්ප මාර්ග පවත්වාගැනීම රජය සහතික කලයුතු අතර කලාපය විවෘතව සහ නිදහස්ව තබාගැනීම සඳහාද ඔස්ට්‍රේලියාව සෑම පියවරක්ම ගන්නා බවයි.

එමෙන්ම ආර්ථිකය සහ වෙළඳාම සම්බන්ධයෙන් නීති රීති පදනම් කරගත් ඕස්ට්‍රේලියානු පද්ධතිය අඛණ්ඩව පවත්වාගතයුතු අතර අමාත්‍ය Dan Tehan අවසන් වශයෙන් සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියාව වෙනත් කලාප වලට සාපේක්ෂව වර්ධනය වීම සහ මෙම කලාපයේ සෙසු රටවල් සඳහා ප්‍රතිලාභ ලබාදීම සිදු කරන බවයි.

Share

Published

Updated

By Nipuna Dodangoda
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service