ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව මර්දනයේදී 600 කට වැඩි පිරිසකට NSW පොලිසියෙන් චෝදනා

මෙම පරම්පරාවේ වඩාත්ම අභියෝගාත්මක ප්‍රජා ගැටලුව විසඳීමට ගන්නා උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස නිව් සවුත් වේල්ස් (NSW) පොලිසිය විසින් ඉහළ අවදානම් සහිත ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වැරදිකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන තිබේ.

A police officer speaks to media.

NSW Police Deputy Commissioner Mal Lanyon speaks to the media during a press conference in Sydney. Source: AAP / Bianca de Marchi

Key Notes
  • NSW පොලිසිය විසින් පොලිසියය අවශ්‍යම වූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැරදිකරුවන් 164 ක් ඇතුළුව පුද්ගලයින් 648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
  • NSW පොලිසිය විසින් පොලිසියය අවශ්‍යම වූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැරදිකරුවන් 164 ක් ඇතුළුව පුද්ගලයින් 648 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
  • නියෝජ්‍ය පොලිස් කොමසාරිස් පැවසුවේ ගෘහස්ත සහ පවුල් සම්බන්ධ ප්‍රචණ්ඩත්වය අපේ පරම්පරාවේ ඇති අභියෝගාත්මක ප්‍රජා ගැටළුවක් වන බවයි.
මෙම ලිපියේ ගෘහස්ථ හිංසනය පිළිබඳ කරුණු අන්තර්ගත වේ.

NSW පොලිසිය විසින් දින හතරක මෙහෙයුමකින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳව පුද්ගලයින් 600 කට වැඩි පිරිසකට චෝදනා එල්ල කර තිබේ.
පසුගිය සතියේ දී Operation Amarok One ලෙස නම් කරන ලද මෙම පුළුල් මෙහෙයුමේදී ප්‍රාන්තයට වඩාත්ම අවශ්‍ය වී සිටි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වැරදිකරුවන් 164 ක් ඇතුළුව 648 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සමූහ අපරාධ සම්බන්ධයෙන් සලකනු ලබා දෙන බරපතලකමට සමානව අවධානයක් ගෘහස්ථ හිංසනයට ලබා දීමට තමාට අවශ්‍ය බව සහකාර පොලිස් කොමසාරිස් ස්ටුවර්ට් ස්මිත් පවසයි.

මෙම පොලිස් මෙහෙයුම හරහා අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් සමහරක් දුටු විට ඔහු තැති ගත් බවත් ඔවුන් ඔහු පිටුපස සිට වසර ගණනාවක් තිස්සේ සංවිධානාත්මක අපරාධ කරමින් සිට ඇති බවත් පොලිස් කොමසාරිස් ස්ටුවර්ට් ස්මිත් පසු ගිය අඟහරුවාදා වාර්තාකරුවන්ට පැවසීය.

මත්ද්‍රව්‍ය සහ භයානක ආයුධ අත් අඩංගුවට ගැනීමත් සමඟ මුළු චෝදනා 1,153 ක් මෙහිදී ගොනු කර තිබේ.
සිඩ්නි හි බටහිර ප්‍රදේශයේ පොලිසිය විසින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ හානි සඳහා අවශ්‍යව සිටි 17 හැවිරිදි පිරිමි ළමයෙකු ද් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තරුණයා, සතුව මන්නයක් තිබූ අතර පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට පෙර දිව ගොස් ආයුධය පඳුරක සඟවා තිබේ.

NSW දකුණු වෙරළ තීරයේ තවත් සෝදිසි කිරීමකදී, ගෘහස්ථ හිංසනය පිළිබඳ නියෝගයක් උල්ලංඝනය කළ බවට සැක කෙරෙන පුද්ගලයෙකු අල්මාරියක් තුළ රහසිගත උගුලක් යට සැඟවී සිටියදී පොලිසිය විසින් සොයා ගැනිණ.
NSW POLICE DOMESTIC VIOLENCE ARRESTS
NSW Police Assistant Commissioner Stuart Smith speaks to the media during a press conference in Sydney. Source: AAP / Bianca de Marchi
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිළිබඳ අත්අඩංගුවට ගැනීමේ නියෝගය (ADVO) පරීක්‍ෂා කිරීම සඳහා පොලිසිය වැරදිකරුවන් 3,890 කට වැඩි පිරිසකගේ නිවෙස් වලට පැමිණ තිබේ.

නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Mal Lanyon පවසන්නේ ගෘහස්ථ හා පවුල් සම්බන්ධ ප්‍රචණ්ඩත්වය අපගේ පරම්පරාවේ ඇති වඩාත්ම අභියෝගාත්මක ප්‍රජා ගැටලුව වන බවයි.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු පවුලේ ගැටළුවක් වන බැවින් එය 'පුද්ගලික කාරණයක්' ලෙස සැලකිය යුතුය යන මතයට එරෙහිව ඔවුන් දිගටම සටන් කරන බව ඔහු අඟහරුවාදා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පැවසීය.

එය නියත වශයෙන්ම එසේ නොවන බවත් එය ප්‍රජා කාරණයක් වන අතර, මෙම අපරාධය හේතුවෙන් නිරපරාදේ ජීවිත අහිමි වීම නැවැත්වීමට අප සැමට වගකීමක් ඇති බවත් ඔහු පැහැදිලි කළේය.
ප්‍රචණ්ඩත්වය පවත්වා ගෙන යන අය ඉලක්ක කර ගනිමින්, ගෘහස්ථ හිංසනයට පොලිසිය ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඒවා වැළැක්වීම සඳහා පසුගිය වසරේ ගෘහස්ථ හා පවුල් ප්‍රචණ්ඩත්වය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ස්ථාපිත කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ සෑම දින 10 කට වරක් එක් කාන්තාවක් හිටපු හෝ වත්මන් සහකරු අතින් මිය යන බවට ගණන් බලා තිබේ.

පසු ගිය බදාදා සිට ක්‍රියාත්මක වන නව ෆෙඩරල් නීතියට අනුව මිලියන හතක් වන කම්කරුවන්ට වැටුප් සහිත ගෘහ ප්‍රචණ්ඩත්ව නිවාඩු දින 10ක් දක්වා ලබා ගත හැක.

ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී ඇත්නම්, 1800 737 732 ට 1800RESPECT අමතන්න හෝ 1800RESPECT.org.au වෙත පිවිසෙන්න. හදිසි අවස්ථාවකදී, 000 අමතන්න.

Share

Published

By Athini Amarasiri, AAP - SBS News
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service