ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන අයට වැටුප් සහිත නව නිවාඩු ක්‍රමයක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් වූවන් සඳහා දින 10 ක වැටුප් සහිත නිවාඩු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නව කම්කරු රජය මේ සතියේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරනු ඇත.

Domestic violence

Source: Getty Images/Kittisak Jirasittichai/EyeEm

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව වැටුප් සහිත ගෘහස්ථ හිංසන නිවාඩු යෝජනා ක්‍රමය සඳහා අනියම් සේවකයන්ද සුදුසුකම් ලබයි.

ඒ  අනුව මිලියන 11 කට අධික සේවකයින්ට මෙම නිවාඩු සඳහා ප්‍රවේශය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


Highlights

  • ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් වූවන් සඳහා දින 10 ක වැටුප් සහිත නිවාඩු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නව කම්කරු රජය සූදානම් වේ.
  • Casual හෙවත් අනියම් සේවකයින් ද ඇතුළුව ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ මිලියන 11 කට අධික සංඛ්‍යාවක් මෙම නිවාඩු සඳහා සුදුසුකම් ලබයි.
  • මෙම පනත සම්මත වුවහොත් බොහෝ සේවකයින් සඳහා මෙම නිවාඩු ක්‍රමය 2023 වසරේ පෙබරවාරි 01 සිට ආරම්භ කිරීමට නියමිතය.

Listen More

වැටුප් සහිත ගෘහස්ථ හිංසන නිවාඩු

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයෙන් පීඩාවට පත් වූවන් සඳහා දින 10 ක වැටුප් සහිත නිවාඩු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නව කම්කරු රජය මේ සතියේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරනු ඇත.

Casual හෙවත් අනියම් සේවකයින් ද ඇතුළුව ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායේ මිලියන 11 කට අධික සංඛ්‍යාවක් මෙම නිවාඩු සඳහා සුදුසුකම් ලබයි.
මෙම නව නීති මගින් මිනිසුන්ට තම රැකියා අවදානමකින් තොරව ප්‍රචණ්ඩකාරී අවස්ථාවන්ගෙන් බේරීමට මාර්ගයක් ලබා දෙන බව රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය Tony Burke පැවසුවේය.

"යමෙකුට යම් ගෘහස්ථ හිංසනයකින් බේරී මිදී යාමට අවශ්‍ය නම් රැකියාවත් රැකගෙන මුදලුත් අහිමි නොකරගෙන මෙම නිවාඩු ලබා ඒ අරමුණ ඉෂ්ඨ කරගත හැකියි." යනුවෙන් අමාත්‍ය Tony Burke ABC ගුවන් විදුලියට සඳහන් කළේය.

Casual හෙවත් අනියම් සේවකයින්ට ද මෙම අවස්ථාව හිමිවීම සුවිශේෂී සහනයක් බවද ඔහු අවධාරණය කළේය.
මෙම පනත් කෙටුම්පත ජූලි 28 වනදා මධ්‍යම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

එය සම්මත වුවහොත් බොහෝ සේවකයින් සඳහා මෙම නිවාඩු ක්‍රමය 2023 වසරේ පෙබරවාරි 01 සිට ආරම්භ කිරීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ගවලට අනුව සුළු පරිමාන ව්‍යාපාරවලට මෙහි වෙනස්කම් වලට අනුගත වීමට අමතර මාස හයක් ලැබේ.

මෙම නිවාඩු ක්‍රමය 2023 අගෝස්තු වන විට සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වනු ඇත.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ගෘහස්ථ හිංසනයෙන් මිදී පලා යන පුද්ගලයින්ට ඇති බාධක ඉවත් කිරීම

ගෘහස්ථ හිංසනයෙන් පලා යන පුද්ගලයින්ට ඇති බාධක ඉවත් කිරීම වැදගත් බව සමාජ සේවා ඇමතිනි Amanda Rishworth පැවසුවාය.

තමන්ගේ වත්මන් හෝ හිටපු සහකරු අතින් සෑම දින 10කට වරක්ම ඔස්ට්‍රේලියාවේ එක් කාන්තාවක් මිය යන බවත් එය පිළිගත නොහැකි බවත් ඇය පැවසුවාය.

“පවුලේ සහ ගෘහස්ථ හිංසනය සඳහා වැටුප් සහිත නිවාඩු වැඩි කිරීමට අපි මෙම වැදගත් නීති සම්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම් සතිය තුළ එය හඳුන්වා දෙනවා." යනුවෙන් ද සමාජ සේවා ඇමතිනි Amanda Rishworth සඳහන් කළාය.

ඊළඟ පරම්පරාවේ පිරිමින් සහ කාන්තාවන් මෙම පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය සමඟ පොරබදනු දැකීමට අපට අවශ්‍ය නැති බවද ඇය පැවසුවාය.
මෙම පනත සම්මත කරගැනීමට සහය ලබා දෙන බව විපක්ෂයේ රැකියා කටයුතු පිළිබඳ නියෝජිතවරිය වන Michaelia Cash පැවසුවාය.

නමුත් Fair Work කොමිසමේ ආකෘතියක් මත මෙය සිදුවනවානම් පමණක් විපක්ෂයේ සහය ලැබෙන බව ඇය පැවසුවාය.

කෙසේවෙතත්, අදාළ පනතේ අන්තර්ගතය දැනගත යුතු බව ද ඇය ABC ගුවන් විදුලියට පැවසුවාය.



Share

Published

Presented by Madhura Seneviratne
Source: AAP, SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනයට මුහුණ දෙන අයට වැටුප් සහිත නව නිවාඩු ක්‍රමයක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala