ගොඩගැසුණු ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත්වලින් ඉක්මණට සලකා බලන වීසා වර්ග මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සලකා බැලීම සඳහා ගොඩ ගැසී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

Australian Federal Government taking action to process more visas faster

Australian Federal Government taking action to process more visas faster. Source: Getty Images/Lu ShaoJi

ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ඉතා ඉක්මණින් සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ක්‍රියාත්මක වීම ආරම්භ කර තිබේ.

දැනට ගොඩගැසී ඇති වීසා අයදුම්පත් ඉතා ඉක්මණින් සලකා බැලීම සඳහා වැඩි කාර්ය මණ්ඩලයක් යොදවන ලෙස ආගමන, පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සලකා බැලීම සඳහා ගොඩ ගැසී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.
  • ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට temporary skilled, ශිෂ්‍ය සහ සංචාරක වීසා සඳහා යොමු කරන ලද අයදුම්පත් සලකා බැලීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රමුඛත්වය දෙයි.
  • 2022 ජුනි මස මුල සිට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට යොමු කරනු ලැබූ අයදුම්පත් 645,000 ක් ඇතුළුව වීසා අයදුම්පත් 745,000 ක් සලකා බලා අවසන් කර ඇත.

ගොඩගැසී ඇති ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ඉතා ඉක්මණින් සලකා බැලීමට පියවර

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සලකා බැලීම සඳහා ගොඩ ගැසී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා මෙන්ම තාවකාලික වීසා අයදුම්පත් ද මෙම ගොන්න තුළ ඇත.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පුහුණු ශ්‍රමිකයින් ලබාගැනීමට නොහැකිවී ඇති බවට විවිධ පාර්ශවවලින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට චෝදනා එල්ලවෙමින් පවතී.
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට temporary skilled, ශිෂ්‍ය ශා සංචාරක වීසා සඳහා යොමු කරන ලද අයදුම්පත් සලකා බැලීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රමුඛත්වය දෙයි.

එබැවින් වැඩි පිරිසකට ඔස්ට්‍රේලියාවට පැමිණ ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනයට දායක විය හැකි අතර ශ්‍රම හිඟය පිරවීමට සහාය විය හැකි බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

හැකි ඉක්මනින් මෙම ගොඩගැසී ඇති වීසා අයදුම්පත් සලකා බැලීමට අවශ්‍ය කටයුතු කිරීමට ඔහු සිය දෙපාර්තමේන්තුවට පවරා ඇත. 

මෙම පසුබෑම විසඳීමට ඇති සියලු විකල්ප ඔහු මේ වන විට තක්සේරු කරමින් සිටී.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

දැනටමත්, travel exemptions හෙවත් සංචාරක නිදහස් කිරීම් පිළිබඳව කලින් අවධානය යොමු කළ ආගමන නිලධාරීන් වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා යළි යොමු කර ඇති අතර, 2022 මැයි මාසයේ සිට වීසා සැකසීමේ කාර්යයන් සඳහා 40 කට ආසන්න නව කාර්ය මණ්ඩලයක් සිටී.

ඊට අමතරව, ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සහ ඔස්ට්‍රේලියානු දේශසීමා බලකායෙන් ලබාගත් අමතර සේවකයින්ද අතිකාල සේවය මත මේ සඳහා යොදවා තිබේ.
Andrew Giles
Australian Immigration Minister Andrew Giles Source: AAP Image/Mick Tsikas

පැරණි වීසා අයදුම්පත් විශාල සංඛ්‍යාවකට අවධානය

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පැරණි වීසා අයදුම්පත් විශාල සංඛ්‍යාවක් පිළිබඳ ක්‍රියා කරන බවත්, ප්‍රධාන වීසා වැඩසටහන් හරහා යොමු කෙරෙන අයදුම්පත් ප්‍රමාණය වැඩි වන බවත් ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles පැවසීය.

"2022 ජුනි මාසයේදී ලැබුණු අයදුම්පත් සංඛ්‍යාව 2022 මැයි මාසයට වඩා 6.5% කින් වැඩියි, එම කාලසීමාව තුළ, අවසන් කර ඇති අයදුම්පත්‍රවල 10.6% ක වැඩිවීමක්ද සිදු වී තිබෙනවා." යනුවෙන් අමාත්‍ය Giles පැවසීය.
2022 ජුනි මස මුල සිට ඔස්ට්‍රේලියාවෙන් පිටත සිට යොමු කරනු ලැබූ අයදුම්පත් 645,000 ක් ඇතුළුව වීසා අයදුම්පත් 745,000 ක් සලකා බලා අවසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

එයට සංචාරක වීසා 388,000 ක්, ශිෂ්‍ය වීසා 62,000 ක් සහ තාවකාලික පුහුණු වීසා 9,550 ක් ඇතුළත් වේ.

වීසා සැකසීම මෙම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් ලෙස දිගටම පවතිනු ඇති නමුත් ගොඩගැසුණු අයදුම්පත් සලකා බලා සැලකිය යුතු ලෙස අඩු කිරීම එක රැයකින් සිදු කළ නොහැකි බවද අමාත්‍ය Andrew Giles පැවසීය.



Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service