ඔස්ට්‍රේලියාවේ Monkeypox එන්නතක් වහාම ලබා දෙන ලෙස වෛද්‍ය විශේෂඥයෝ රජයට දන්වති (SBS සිංහල/ වාර්තා)

Monkeypox රෝගය මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව වහාම එය පැතිරීම වැළක්වීම සඳහා එන්නත් ලබා දීම ගැන අවධානය යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයෝ දන්වති.

There have been over 16,000 global cases in the current monkeypox outbreak.

There have been over 16,000 global cases in the current monkeypox outbreak. Source: SBS News

ඔස්ට්‍රේලියාවේ monkeypox රෝගය වැළක්වීම සඳහා එන්නතක් ලබා දීම පිළිබඳ හැකි ඉක්මනින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවධානය යොමු කළ යුතු බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ජූලි 24 වන දින මෙම monkeypox වයිරසය ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඔවුන් මේ අදහස් පළ කර තිබේ.


Highlights

  • Monkeypox රෝගය මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
  • ඒ හේතුවෙන් එය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීම සඳහා එන්නත් ලබා දීම ගැන වහාම අවධානය යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයෝ රජයට දන්වති.
  • ඔස්ට්‍රේලියාවේ Monkeypox එන්නතක් තවමත් අනුමත කර නොමැති බවද වාර්තා වේ.

Monkeypox එන්නතක් පිළිබඳ ඔස්ට්‍රේලියාව අවධානය යොමු කළ යුතුයි

Monkeypox රෝගය මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගෝලීය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව වහාම එය පැතිරීම වැළක්වීම සඳහා එන්නත් ලබා දීම ගැන අවධානය යොමු කළ යුතු බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය විශේෂඥයෝ දන්වති.

COVID-19 වසංගතය අතරතුර එන්නත් ඉක්මනින් ලබා ගැනීම සංවිධානය කිරීමේදී සිදු වූ වැරදි වලින් රටවල් පාඩම් ඉගෙන ගත යුතු බවද ඔවුහු පැවසූහ.

මෙම රෝගය අප මීට පෙර නොදුටු ආකාරයෙන් පැතිර යන බව Kirby ආයතනයේ වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය Andrew Grulich පැවසුවේය.

මෙය අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල, විවිධ ක්ෂීරපායීන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ සිට ව්‍යාප්ත වෙමින් පවතින අතර මිනිසාගෙන් මිනිසාට විශාල වශයෙන් මෙම වයිරසය පැතිර යන පළමු ප්‍රධාන අවස්ථාව මෙය බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම නව තත්ත්වය ලොව පුරා සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වී ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් එයට කඩිනමින් ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

යුරෝපයේ පැතිරෙමින් පවතින මෙම වසංගත රෝගය වැළැක්වීම සඳහා ඔස්ට්‍රේලියාව ඉක්මනින් ක්‍රියා කළ යුතු බව මහාචාර්ය Grulich පැවසුවේය.

"අපි මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ඉක්මනින් ක්‍රියා කළහොත්, යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ බොහෝ ප්‍රදේශවල දකින Monkeypox පැතිරී යාමේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට අපට අවස්ථාවක්තිබෙනවා." යනුවෙන් මහාචාර්ය Grulich වැඩි දුරටත් සඳහන් කළේය.

Monkeypox එන්නත ඔස්ට්‍රේලියාවේ අනුමතද?

ඔස්ට්‍රේලියාවේ Monkeypox එන්නතක් තවමත් අනුමත කර නොමැති බව Kirby ආයතනයේ වසංගත රෝග විද්‍යාඥ සහ මහාචාර්ය Andrew Grulich පැවසුවේය.

එය හැකි ඉක්මනින් අනුමත කරන ලෙස ඔහු ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

වසූරිය එන්නත Monkeypox වයිරසය වැළැක්වීම සඳහා භාවිතා කළ හැකි බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy පැවසුවේය.

නමුත් 1980 ගණන්වල වසූරිය තුරන් කළ නිසා ගෝලීය වශයෙන් එම එන්නතෙහි හිඟයක් පවතින බව ඔහු සඳහන් කළේය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

"අතීතයේදී වසූරිය රෝගය මහා මනුෂ්‍ය ඝාතක රෝගයක් වුණා, නමුත් එය තුරන් කළ නිසා, ජීව විද්‍යාත්මක යුද්ධ සහ එවැනි දේ වැලැක්වීම සඳහා අපට එන්නත් ගොඩක් තබා ගැනීමට අවශ්‍යවුණේ නැහැ." යනුවෙන් වෛද්‍ය Chris Moy සඳහන් කළේය.

රෝගීන්ට වයිරසය ආසාදනය වී රෝග ලක්ෂණ මතුවීමට සති කිහිපයක් ගතවිය හැකි බව ඔහු පැවසීය.

“නමුත් මෙම කාල පරිච්ඡේදයෙන් පසු, ආසදිත්යින්ට අධික උණ, දරුණු හිසරදය, ග්‍රන්ථි විශාල වීම ඇති වන අතර ඉන් පසුව ඔවුන්ගේ ශරීරය පුරා විශාල බිබිලි වර්ධනය වේ.
මෑත අවස්ථාවලදී ආසදිත්යින්ගේ අත්ල සහ යටිපතුල් ආශ්‍රිත ප්‍රදේශවල මෙම බිබිලි හටගන්නා ආකාරයක් දක්නට ලැබෙන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශය මගින් ජාත්‍යන්තර සම්බන්ධීකරණය වටා COVID-19 වසංගතය තුළ සිදු වූ වැරදි වලින් පාඩම් ඉගෙන ගැනීමට රජයන් දිරිමත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

මේ අතර monkeypox ආසාදනයෙන් පෙළෙන අයෙකු සමඟ සම්බන්ධකම් පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ ඕනෑම අයෙකුට උපදෙස් විමසීම සඳහා තමන්ගේ  පවුලේ වෛද්‍යවරයා අමතන ලෙස ද ඔහු පැවසීය.

Monkeypox වයිරසයේ පැතිරීම

වර්තමානයෙදී ලොව රටවල් 75 ක Monkeypox රෝගීන් 16,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර අප්‍රිකාවේ Monkeypox මරණ පහක් වාර්තා වී තිබේ.

Monkeypox රෝගයට බොහෝ දෙනෙකුට ප්‍රතිකාර අවශ්‍ය නොවන අතර සාමාන්‍යයෙන් සති කිහිපයකින් සම්පූර්ණ සුවය ලැබෙන බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.

ඔස්ට්‍රේලියාවේ Monkeypox පැතිරීම වැළක්වීම සම්බන්ධ කඩිනම් වැඩපිළිවෙලක් සඳහා ප්‍රාන්ත සහ ටෙරිටරි බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බවද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ජූලි 20 වන දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.



Share

Published

Presented by Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service