Highlights
- ජාතියේ ආර්ථික අර්බුදයෙන් ගැලවී විදේශ ගත වීමට, විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ දැඩි අව් රශ්මිය නොතකා පෝලිම්වල සිටිති.
- කොළඹ බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අවට සෑම දිශාවකටම කිලෝමීටරයක් පමණ විහිදෙන පෝලිම් ඇති අතර පෝලිම් වල සිටින බොහෝ අයගේ ගමනාන්ත කටාර්, සිංගප්පූරුව සහ කුවේට් යන රටවල් වේ.
- ඊයේ දිනයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අතර අද උදෑසන අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දුන්නේය. මෙම පත්වීම් වලට එරෙහිව ගාලුමුවදොර අරගලය තවදුරටත් ක්‍රියාත්මක වේ.
"මට රට යන්න ඕන"
37 හැවිරිදි චතුරංග මුණසිංහ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ කරමින් පෝලිමේ සිටින කෙනෙක් වන අතර ඔහුට තම බිරිඳ සහ දරුවන් කටාර් වෙත ගෙන ගොස් කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ හැකි වේ.
"මම මේ පෝලිමේ සිටගෙන සිටින්නේ මට නව රැකියාවක් සොයා ගැනීමට විදේශ ගත වීමට විදේශ ගමන් බලපත්‍රයක් අවශ්‍ය නිසා," ඔහු SBS ප්රවෘත්ති සේවයට පැවසුවේය.
“මේක ඇත්තටම නරක අත්දැකීමක්. මම ඊයේ රෑ මෙතනට ආවේ, මම තවමත් පෝලිමේ. ඒත් ගොඩක් වෙලාවට අදත් මගේ වැඩේ වෙන එකක් නැහැ. මෙතන කී දෙනෙක් අව්වෙ පෝලිමේ ඉන්නවද කියලා ඔබට පේනවා ඇති."
රටේ ආර්ථික අර්බුදය ආරම්භ වූ දා සිට මේ වන විට ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටිමින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු දැනටමත් මිය ගොස් තිබේ.
ඉතා දැඩි හිරු රශ්මිය මධ්‍යයේ වුවත්, රටින් පිටවීම සඳහා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඇති පෝලිම් තවදුරටත් දිගු වෙමින් පවතී.
එහෙත් මේ මිනිසුන් කෙරෙන් පෙනෙන්නේ තමන් ඕනෙම තත්වයකට මුහුණ දීමට සූදානම් බවකි. කුඩ රැගෙන නොපැමිණි අය සෙවණ සඳහා තම ලේඛන හිස මත තබාගෙන සිටිති.
" වටපිට බලන්න, හැමෝම රටින් යන්න හදන්නෙ" ඉන්දු සෙනරත් පවසයි.
38 හැවිරිදි එච්.ජී.අමිලා කුමාරිහාමිට කුවේට් වෙත ගොස් ගෘහ සේවිකාවක් ලෙස සේවය කිරීමට අවශ්‍ය වී ඇත.
"මට තියෙන්නෙ මුදල් ගැටවක් . මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා ඒත් සිටින රැකියාවක් නෑ. ”ඇය පැවසුවාය.
ක්‍රීඩා චිකිත්සකයෙකු වන 40 හැවිරිදි ඉන්දු සෙනරත් ද එවැනිම තත්වයක සිටින අතර තම පවුල නඩත්තු කිරීම සඳහා සිංගප්පූරුවට යාමට උත්සාහ කරයි.
“මේක ශ්‍රී ලංකාවට සිදු වුණ ව්‍යසනයක්. රට පාලනය කරන අය මේ රට විනාශ කළා. වටපිට බලන්න, හැමෝම රටින් යන්න හදන්නෙ,” ඔහු පැවසුවේය.
“මම පෝලිමට ආවේ ඊයේ උදේ , මගේ විදේශ ගමන් බලපත්‍රය ගන්න තවමත් බලන් ඉන්නවා. මෙතන ඉන්නේ වයසක අය, ගැබිණි කාන්තාවන් සේරම ඉන්නවා. මේ රටට අනාගතයක් නැහැ. ”
තේ අපනයනය සඳහා ප්‍රසිද්ධ ශ්‍රී ලංකාව, 1948 දී එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගැනීමෙන් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටී.COVID-19 වසංගතයෙන් සහ නෙරපා හරින ලද ජනාධිපති, රාජපක්ෂගේ රජය විසින් හඳුන්වා දුන් බදු කප්පාදුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මරු පහරක් වැදී තිබේ.
මිලියන 22 ක ජනතාවක් සිටින රටේ ආනයන සඳහා ඩොලර් හිඟ වී ඇති අතර විදේශ ණය ගෙවීම පැහැර හැර තිබේ.
සියයට 50 ට වැඩි උද්ධමනය සහ ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පසු ගිය මාස කීපය පුරම රාජපක්ෂ නෙරපා හැරීමට දහස් ගණන් ජනතාව වීදි බැසීමට හේතු විය.
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව විදේශ ගමන් බලපත්‍රවල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇති අතර, ජුනි මාසයේ පළමු දින 10 තුළ පමණක් විදේශ ගමන් බලපත්‍ර 31,725 ක් නිකුත් කර ඇති අතර එය සාමන්‍ය ගණන මෙන් තුන් ගුණයක වැඩිවීමකි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර EconomyNext වෙත කියා සිටියේ ජුනි 1 වැනිදාට පෙර දින 10ක කාලය තුළ නව විදේශ ගමන් බලපත්‍ර 10,000ක් පමණක් නිකුත් කර ඇති බවයි.
“විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට අපි කටයුතු කරනවා. සාමාන්‍යයෙන් එක්දින සේවාව යටතේ අපි නිකුත් කරන්නේ විදේශ ගමන් බලපත්‍ර 2500ක් පමණයි. නමුත් දැන් එය නව නිකුතු 3500 දක්වා වැඩිකර තිබෙනවා."
නමුත් ශ්‍රී ලංකාවේ ජනතාව තම රට මුහුණ සිටින භයානක තත්ත්වය හොඳින් දනිති.
ගෝඨාභය රාජපක්ෂ නෙරපා දැමීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධූරයට පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් රනිල් වික්‍රමසිංහ තේරී පත් විය. ඊයේ දිනයේදී රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් අතර අද උදෑසන අගමැතිවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දිවුරුම් දුන්නේය. මෙම පත්වීම් වලට එරෙහිව ගාලුමුවදොර අරගලය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ඊයේ රාත්‍රියේ ගාලුමුවදොර පිටියට ආරක්ෂක අංශ විසින් පහරදීමක් සිදු කර තිබේ. එහි සිටි ජනතාව අතරින් කිහිප දෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති අතර බොහෝ දෙනෙක් තුවාල ලබා ඇත.
ගාලුමුවදොර සාමකාමී මහජන විරෝධතා අරගලයට ආරක්ෂක අංශ එල්ල කළ මිලේච්ඡ හා නින්දිත ප්‍රහාරය හෙළා දකින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව පවසයි. ජන අරගලය එල්ල වූ ප්‍රහාරයට විරෝධය පළ කරමින් ජනතාව
'ආණ්ඩුව, දේශපාලන නායකයින් අපි හැමෝටම ප්‍රශ්න ඇති කළා'
කොළඹ පුරා, පාර දෙපස කිලෝමීටර් ගණන් දිගට විහිදෙන ඉන්ධන පෝලිම් දැක ගත හැකි වේ.
ඉන්ධන පෝලිම් වල සහ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ආසන්නයේ යන ස්ථාන දෙකෙහිම රැදී සිටින පිරිස් නොසන්සුන් වන අතර විනය පවත්වා ගැනීමට සන්නද්ධ හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.
32 හැවිරිදි පැතුම් චාමර ජපානයේ හෝ දකුණු කොරියාවේ ජීවත් වන ඔහුගේ සහෝදරයන් වෙත යාමට බලාපොරොත්තු වේ.
“මම දින දෙකක් තිස්සෙ මේ පෝලිමේ හිටගෙන ඉන්නේ. මට සුදුසුකම් තියෙන නිසා මං උත්සාහ කරන්නෙ වෙන රටකට යන්න." ඔහු පැවසුවේය.
“ආණ්ඩුවත්, දේශපාලන නායකයනුත් අපි හැමෝටම ප්‍රශ්න ඇති කළා" යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.







