ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූලි 19 වන දා අඟහරුවාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඉන්ධන සඳහා වන බදු කප්පාදුව වැඩි කාලයක් ක්‍රියාත්මක කළ නොහැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
- නිව් සවුත් වේල්ස් පාසල් සඳහා නව කොවිඩ් සීමාවන් සහ කොවිඩ් ආරක්ෂණ පහසුකම්.
- වසර 2035 සිට නව පෙට්‍රල් සහ ඩීසල් වාහන අලෙවිය තහනම් කරන බව ACT රජය තහවුරු කරයි.
- ශ්‍රී ලංකාවේ ජනපති සටනට නාමයෝජනා බාර දීම අද සිදු කෙරේ.
- ශ්‍රී ලංකාවේ අරගලකරුවන්ගෙන් අලුත් පක්ෂයක්.
- බ්‍රිතාන්‍යයේ අගමැති ධුරය සඳහා දෙවැනි වටයේ ඡන්ද විමසීමේදීත් හිටපු බ්‍රිතාන්‍ය මුදල් ඇමැති Rishi Sunak ඉදිරියෙන්.
- ශ්‍රී ලංකා - පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව ලකුණු 333ක් ඉදිරියෙන්.
Share






