මින් මනත ඔස්ට්‍රේලියාව තුල අහසින් පාත් වෙන්නා සේ අගමැතිවරු මාරුවීම් සිදු නොවීමට අගමැති මොරිසන් නූල් සූත්තරයක් ගසයි

Prime Minister Scott Morrison during Question Time in the House of Representatives at Parliament House

Prime Minister Scott Morrison during Question Time in the House of Representatives at Parliament House in Canberra Source: AAP

පක්ෂ නායකතවයේ සම්පුර්ණ ධුර කාලය අවසන් වනතුරු නායකත්වය වෙනස් නොවන පරිදි නීති සැකසීමට ඕස්ට්‍රේලියානු ලිබරල් පක්ෂය තීරණය කරයි. දැනට පවතින නීති වලට අනුව, මහමැතිවරණයෙන් බලය ලබාගත් දේශපාලන පක්ෂයේ නායකයා රටේ අගමැති බවට පත්වේ. එහෙත් අගමැතිවරයාගේ වසර 3 ක ධුර කාලය තුලදී පක්ෂය අභ්‍යන්තරයේ ජනප්‍රියතාව මැනීමේ චන්ද විමසීමක් තුලින් එම පක්ෂයේම වෙනත් සාමාජිකයෙකු හට පක්ෂ නායකත්වය ලබාගැනීම තුලින් රටේ අගමැති තනතුරට පත්වීමේ අවස්ථාව පවතී.

ඊයේ (දෙසැ 3) සවස්භාගයේදී අගමැති ස්කොට් මොරිසන් විසින් හදිසියේ කැඳවනු ලැබූ පාලක ලිබරල් පක්ෂ රැස්වීමේදී, පවතින පක්ෂ නායකත්වය එහි ධුර කාලය අවසන් වනතුරුම පවත්වා ගැනීම සඳහා වන නීති සම්මත කොට ගෙන තිබේ. සම්මත කරගනු ලැබූ නව නිති වලට අනුකූලව මින් ඉදිරියට පක්ෂ නායකත්වය වෙනස් කරලීමට හැකිවනුයේ පක්ෂය තුල 2/3 ක වැඩි චන්ද ප්‍රමාණයක් ලබාගැනීමෙන් පමණි. ලිබරල් පක්ෂ සාමාජිකයින් බහුතරයකගේ කැමැත්ත මෙයට හිමිව තිබේ. මෙය පක්ෂය ගත් ඓතිහාසික තීන්දුවක් බව අගමැති ස්කොට් මොරිසන් පවසා සිටී.

පසුගිය වසර කිහිපය තුලදී ලිබරල් සහ කම්කරු යන පක්ෂ දෙකම ආණ්ඩු කරන අවස්ථාවලදී මෙලෙස පක්ෂ අභ්‍යන්තර අර්බුද හමුවේ ඕස්ට්‍රේලියාවේ අගමැති වරු හදිසියේම වෙනස් වීම ප්‍රවනතාවක් වන අයුරක් දක්නට ලැබිණ.

ලිබරල් පක්ෂය තුල පසුගිය වර පක්ෂ නායකත්වය සඳහා පැවති චන්දයේදී වත්මන් ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩටන් චන්ද 40ක් ලබාගත් අතර ස්කොට් මොරිසන් චන්ද 45ක් ලබාගනිමින් පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට තේරී පත්විය.

එහෙත් ඉදිරියේදී මෙලෙස චන්ද කිහිපයක බහුතරයක් නොව පක්ෂය තුල තුනෙන් දෙකක බහුතරය ලබාගතහොත් පමණක් ලිබරල් පක්ෂ නායකත්වය වෙනස් වනු ඇත.


Share

2 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now