ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් හට ලබා දෙන Newstart සුබ සාධන දීමනාව සංශෝධන සහිතව ඔස්ට්‍රේලියානු සෙනට් සභාවේ සම්මත කරගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ලිබරල් සන්ධාන රජයේ මුල්ම සැලැස්ම අනුව මෙම Newstart සුබ සාධන දීමනාව ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් හට වසර 4 ක් යනතුරු ලබා ගත නොහැකිය.
නමුත් කම්කරු පක්ෂය ඊට විරෝධය පළ කරමින් එම කෙටුම්පතට සංශෝධන යෝජනා කර තිබේ.

සෙනට් සභාවේ විරෝධය
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් හට ලබා දෙන Newstart සුබ සාධන දීමනාව ලබා ගැනීමට වසර 4 ක් යනතුරු බලාසිටීමට සිදුවීම බරපතල කරුණක් බව සෙනට් සභාව නියෝජනය කරන ග්‍රීන්ස් පක්ෂය සහ ඇතැම් ස්වාධීන සෙනට් සභිකයින් පවසා ඇත.
ඒ අනුව ලිබරල් සන්ධාන රජය Newstart සුබ සාධන දීමනාව පිළිබඳ කෙටුම්පත සෙනට් සභාවට ඉදිරිපත් කළ විට එයට විරුද්ධව ඡන්දය භාවිත කරන බව ග්‍රීන්ස් පක්ෂය මෙන්ම Centre Alliance පක්ෂයේ සෙනට් සභිකයින් දෙදෙනා සහ ස්වාධීන සෙනට් සභික Tim Storer මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර ස්වාධීන සෙනට් සභික Derryn Hinch කුමන පාර්ශවයට තම ඡන්දය ප්‍රකාශ කරනවාද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වේ.
නමුත් ඔහුද බොහෝ දුරට ඊට විරුද්ධව ඡන්දය භාවිත කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ඡන්ද සටන
ඔස්ට්‍රේලියානු සෙනට් සභාව සෙනට් ආසන 76 කින් සමන්විත වේ.
Newstart සුබ සාධන දීමනාව පිළිබඳ කෙටුම්පතට සෙනට් සභාවේදී කම්කරු පක්ෂය විරුද්ධව ඡන්දය ලබා දුනහොත් එම ඡන්ද ප්‍රමාණය 38 ක් වන බවත් ස්වාධීන සෙනට් සභික Derryn Hinch ද ඊට එකතු වුවහොත් විරුද්ධව ප්‍රකාශ වන ඡන්ද ප්‍රමාණය 39 ක් වනු ඇත.
මේ අතර කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කරන පිරිස අතර ලිබරල් සන්ධානයේ සෙනට් සභිකයින් 31 ක්ද One Nation පක්ෂයේ සෙනට් සභිකයින් දෙදෙනෙක්ද David Leyonhjelm, Cory Bernardi, Brian Burston සහ Fraser Anning යන ස්වාධීන සෙනට් සභිකයින් ද වෙති.
ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 37 ක් පවතී.
නමුත් Newstart සුබ සාධන දීමනාව පිළිබඳ මුල් කෙටුම්පතට කම්කරු පක්ෂය ඉදිරිපත් කළ සංශෝධන පිළිගැනීමට මේ වන විට ලිබරල් සන්ධාන රජය කැමැත්ත පළ කර ඇති අතර ඒ අනුව මෙය සම්මත කරගැනීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වේ.

සංශෝධිත Newstart සුබ සාධන දීමනාව පිළිබඳ කෙටුම්පත
සංශෝධිත Newstart සුබ සාධන දීමනාව පිළිබඳ කෙටුම්පතට අනුව පහත සඳහන් දීමනා ලබා ගැනීමට නව සංක්‍රමණිකයින් බලා සිටිය යුතු කාලය වසර 2 කි.
- Carers’ payments
- Parental leave pay
- Family Tax Benefit A
නමුත් Youth Allowance, Austudy සහ Newstart ඇතුළු සෙසු සුබ සාධන දීමනා ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් හට වසර 4 ක් බලා සිටිය යුතු වේ.
වර්තමානයේ මෙම සියලු දීමනා ලබා ගැනීමට බලා සිටිය යුතු කාලය වසර 3 කි.
එමෙන්ම මෙම සංශෝධන නවසීලන්ත ජාතිකියින්ට මෙන්ම සරණාගත වීසා සහ remaining relative වීසා වල සිටින උදවියට අදාළ නොවේ.

ඇතැම් කම්කරු පක්ෂ මන්ත්‍රීවරු විරෝධය පාති.
Newstart සුබ සාධන දීමනාව පිළිබඳ මුල් කෙටුම්පත සංශෝධනය නොකළා නම් කම්කරු පක්ෂය කිසිසේත්ම එයට සහය නොදක්වන බව කම්කරු පක්ෂයේ භාණ්ඩාගාර ඡායා අමාත්‍ය Chris Bowen පැවසීය.
අත්‍යවශ්‍ය සුබ සාධන දීමනා ලබා ගැනීමට වසර 4 ක කාලයක් බලා සිටීම යනු ඉතා දිගු කාලයක් බවත් බොහෝ සංක්‍රමණිකයින්ට එය දරාගත නොහැකි බවත් කම්කරු පක්ෂය පෙන්වා දෙයි.
නමුත් මේ වන විට කම්කරු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම සංශෝධන කෙටුම්පතට යම් අකමැත්තක් පෙන්වන බවක් වාර්තා වේ.
කම්කරු පක්ෂයේ මන්ත්‍රී Ross Hart සහ Mike Freelander මේ වන විටත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ තරමක විරෝධයක් ප්‍රකාශ කර තිබේ.
කෙසේවෙතත්, මෙම පනත් කෙටුම්පත නත්තලට පෙර සම්මත කරගැනීමට ලිබරල් සන්ධාන රජය අපේක්ෂා කරන බවද වාර්තා වේ.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

