2023 ආරම්භය ගුවන් යානාවලට අපලද? සිඩ්නි සිට Fiji බලා ගිය Qantas ගුවන් යානයත් දෝෂයක් නිසා යළි හරවා පැමිණි හැටි

යාන්ත්‍රික දෝෂයක් නිසා සිඩ්නි සිට Fiji දක්වා වූ පියාසර කළ Qantas ගුවන් යානයක් ආපසු හරවා ගෙන්වා ගැනීමට Qantas සමාගමට සිදුව තිබේ.

Qantas planes parked at Sydney airport

Qantas planes parked at Sydney airport. A Qantas flight to Fiji returned to Sydney after an onboard "fault indicator" about a possible mechanical issue. Source: AAP / Bianca De Marchi

2023 ජනවාරි මාසය ආරම්භ වීමත් සමග හෙලිකොප්ටර් අනතුරු, ගුවන් යානා කඩා වැටීම් මෙන්ම දෝෂ නිසා ගුවන් යානා ආපසු හරවා යැවීම් වැනි සිද්ධි කිහිපයක්ම ප්‍රධාන පුවත් වෙතින් අසන්නට ලැබුණි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සේවය වන Qantas ගුවන් සේවයට අයත් යානයකටත් එවැනි අන්දමේ ඉරණමකට මුහුණ දීමට සිදුවී තිබේ.

යාන්ත්‍රික දෝෂයක් නිසා සිඩ්නි සිට Fiji දක්වා වූ පියාසර කළ Qantas ගුවන් යානයක් ආපසු හරවා ගෙන්වා ගැනීමට Qantas සමාගමට සිදුව තිබේ.
මෙම යානය Auckland වෙතින් අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව දිනකට පසුව මෙම සිදුවීම සිදුව ඇත.

Nadi බලා පිටත් වූ QF101, බෝයිං 737 යානය යාන්ත්‍රික දෝෂයක් පිළිබඳව “දෝෂ දර්ශකයක්” ලබා දීමෙන් පසු නැවත සිඩ්නි වෙත පැමිණි බව ජනවාරි 19 වනදින Qantas සමාගම ප්‍රකාශ කළේය.

"ගුවන් නියමුවන් සම්මත ක්‍රියා පටිපාටි අනුගමනය කළ අතර ගුවන් යානය සාමාන්‍ය පරිදි සිඩ්නි වෙත ගොඩ බස්වා ඇත. ඉංජිනේරුවන් ගුවන් යානය පරීක්ෂා කරනු ඇති," Qantas ප්‍රකාශකයෙක් AAP පුවත් ඒජන්සියට පැවසීය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

හදිසි හෝ ප්‍රමුඛතා ගොඩබෑමකින් තොරව යානය ආපසු පැමිණි අතර දෝෂ දර්ශකය එන්ජිමේ ගැටලුවකට සම්බන්ධ නොවන බව Qantas පවසයි.

මෙම ගුවන් යානය ආපසු සිඩ්නි වෙත යාමට පෙර නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වටේ පියාසර කරමින් තිබූ බව Online flight tracker Flightradar24 පෙන්නුම් කරයි.
A Qantas plane on the tarmac.
The pilot of QF144 shut down an engine that failed while flying from Auckland to Sydney on Wednesday. The jet landed safely at Sydney's Kingsford Smith Airport. Source: AAP / Jeremy Ng
ජනවාරි 18 වනදා Auckland සිට පියාසර කිරීමේදී එන්ජිමක් ක්‍රියා විරහිත වීමෙන් පසුව QF144 හි නියමු කුටියේ හඬ පටිගත කිරීම සහ පියාසැරි දත්ත විශ්ලේෂණය කරන බව මීට පෙර ප්‍රවාහන ආරක්ෂණ විමර්ශකයින් තහවුරු කළේය.

QF144 - Boeing 737 යානයේ නියමුවා එන්ජිම ක්‍රියා විරහිත කර පැසිෆික් සාගරය හරහා mayday ඇමතුමක් ලබා දී සවස 3.30 ට පමණ යානය Sydney හි Kingsford Smith ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සේය.

සියලුම මගීන් 145 ක් එහිස් සිටි අතර ඔවුන් සියල්ලම යානයෙන් බැස ගිය බවත් ඒවා ආරක්ෂිතව කළමනාකරණය කිරීමට නියමුවන් පුහුණු කර ඇති බවත් Qantas සමාගම පැවසීය.

මගීන් ගුවන් යානයේ කැළඹිලි ඇති බව වාර්තා කළ නමුත් ඔවුන් ගොඩබසින තෙක් mayday අනතුරු ඇඟවීමක් ගැන නොදැන සිටි බවත් පැවසීය.
හදිසි අවස්ථාවෙන් පැය කිහිපයකට පසුව දියත් කරන ලද පරීක්ෂණයක "සාක්ෂි එකතු කිරීමේ අදියර" නිලධාරීන් තිදෙනෙකු විසින් ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය කියා සිටියේය.

අදාළ නිලධාරීන් ගුවන් කාර්ය මණ්ඩලය සමග සම්මුඛ සාකච්ඡා කිරීමට, අදාළ ක්‍රියාකරුගේ ක්‍රියා පටිපාටි සමාලෝචනය කිරීමට සහ කාලගුණ දත්ත විශ්ලේෂණය කිරීමට ද ඉඩ ඇති බව ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යාංශය නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.

මෙම පරීක්‍ෂණය මගින් අදාළ එන්ජිමේ කොටස් පරීක්‍ෂා කරන අතර එන්ජිම පිළිබඳ පූර්ණ පරීක්‍ෂණයක් ඊට ඇතුළත් විය හැකි බව ඔවුන් පවසයි. 
QF144 පිළිබඳ සිය විමර්ශන දිගටම කරගෙන යන බව Qantas පැවසීය.

ජනවාරි 18 වනදින ඔස්ට්‍රේලියානු සහ ජාත්‍යන්තර ගුවන් නියමුවන්ගේ සංගමයේ උප සභාපති Mark Hofmeyer, පීඩනය යටතේ ආරක්ෂිත තීරණ ගැනීම සම්බන්ධයෙන් අදාළ ගුවන් නියමුවන්ට ප්‍රශංසා කළේය.

ලක්ෂයක් පමණ පිරිසක් මෙම ගුවන් යානයේ ගමන් මග බලා සිටි අතර මධ්‍යම රජයේ ප්‍රවාහන අමාත්‍ය Catherine King මෙම සිදුවීමෙන් පසු Qantas හි ආරක්‍ෂිත වාර්තාව අගය කළාය.

ක්වන්ටාස් ඉතිහාසයේ කිසි දිනක ජෙට් ගුවන් යානයක මගියෙකු අනතුරකින් ජීවිතක්ෂයට පත්වී නොමැත.


Share

Published

Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service