SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය තවත් ඉහළට, පීඩනය අඩු කරගන්න මහ බැංකු අධිපතිගෙන් යෝජනා කිහිපයක් (SBS සිංහල/ වාර්තා)

කුලී නිවසක් තවත් පාර්ශවයක් සමග බෙදාගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලී මිල පීඩනය අවම කරගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පවසයි.

A house and a lease agreement.
RBA Governor wants you to get more flatmates to help solve the rental crisis Source: SBS

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS


Skip to article content

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාසවල කුලී මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පවසයි.

එනිසාම ඔහු එම පීඩනයෙන් මිදීමට ගත හැකි කදිම ක්‍රියාමාර්ග කිහිපයක්ද යෝජනා කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලියට විකල්ප

කුලී නිවසක් තවත් පාර්ශවයක් සමග බෙදාගැනීමෙන් ඔස්ට්‍රේලියාවේ ඉහළ යන නිවාස කුලී මිල පීඩනය අවම කරගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe පවසයි.

එමෙන්ම තරුණ දරුවන් වෙනමම ජීවත් වීමට නොයා තම දෙමාපියන් සමඟ එකම නිවසක ජීවත් වීමද තවත් විකල්පයක් බව ඔහු පෙන්වා දී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

තවත් පොලී අනුපාත ඉහල යාමක් පිළිබඳ තහවුරු වීමෙන් පසුව ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නැවතත් ඉහල ගොස් ඇති අතර, නිවාස කුලී මිල ද අර්ධ වශයෙන් ඉහල ගොස් තිබේ.

ඔස්ට්‍රේලියාවේ වැඩිවන පොලී අනුපාතිකය සහ උද්ධමනය පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe ව මැයි 31 වන දින සෙනට් කමිටුවක් හමුවට ගෙන ආවේය.

ඔස්ට්‍රේලියාවේ ශක්තිමත් ජනගහන වර්ධනය හේතුවෙන් ඉහළ යන නිවාස කුලිය සහ නිවාස මිල මධ්‍යම රජයේ පාලනයෙන් තොර විය හැකි බවට ඔහු එහිදී අනතුරු ඇඟවීය.

COVID-19 වසංගතයෙන් පසු කුලී නිවාස අර්බුදය ගැඹුරු වී ඇති අතර, සංක්‍රමණික ශ්‍රමිකයින් සහ ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ජනගහන වර්ධනය තවත් 2% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

නිවාස කුලී මිල 10% කින් පමණ ඉහළට

ඔස්ට්‍රේලියාවේ කුලී නිවාසවල පුරප්පාඩු අනුපාත වාර්තාගත අවම මට්ටමක පවතින බවද සඳහන්.

නමුත් අදාළ පුරප්පාඩු පියවීම සඳහා අදාළ සැපයුමක් ඉල්ලුමට සරිලන වේගයෙන් නොපැමිණෙන බවටත්, නිවාස කුලී මිල 10% කින් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe අනතුරු ඇඟවීය.

"තව වැඩිපුර 2% ක් ගෙවල් තියෙනවද? නෑ... බොහෝ පිරිස් ඔස්ට්‍රේලියාවට එනවා, තනියම ජීවත් වෙන්න හෝ තමන්ගේ උපන් ගෙදරින් පිටවෙලා වෙනමම ගෙදරක ජීවත් වෙන්න කැමති අය ගොඩක් ඉන්නවා" යනුවෙන් ද ඔහු පැවසීය.

මේ ප්‍රශ්නයට අවසානයේ විසඳුම් ලැබෙන්නේ අධික නිවාස මිලක් හෝ නිවාස කුලිය ඉහළ යාමක් මගින් බවද එය අවාසනාවන්ත තත්ත්වයක් බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපතිවරයා පැහැදිලි කළේය.

"එනිසාම එක් එක් වාසස්ථානයක ජීවත් වීමට අපට සාමාන්‍යයෙන් වැඩි පිරිසක් සිටීමෙන් එම වියදම දරාගත හැකි මට්ටමකට ගෙන ඒමට හැකියි." යනුවෙන් ද ඔහු පැවසුවේය.

 

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නැවතත් ඉහළට

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය නැවතත් ඉහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසය දක්වා වූ වසර තුළ 6.8% දක්වා ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වර්ධනය වී ඇත.

නිවාස කුලිය ඉහළ යාමද එයට අර්ධ වශයෙන් හේතුවී තිබේ.

උද්ධමනය මෙලෙස ඉහළ යාම තවත් පොලී අනුපාත ඉහළ යාමක් පිළිබඳ භීතියට හේතු වී ඇත.

නමුත් වසර 2025 වන විට ඔස්ට්‍රේලියාවේ උද්ධමනය 3% දක්වා නැවත පැමිණෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ අධිපති Philip Lowe අපේක්ෂා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now