Key Points
- තනි පුද්ගල ආදායම් ලබන පවුල් වලට නිවසක් කුලියට ගැනීම දුෂ්කර වන අතර විශ‍්‍රාම වැටුපක් හෝ Job seeker ගෙවීම් පමණක් ලබන පුද්ගලයින්ට එය ඉතා දුෂ්කර වේ.
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ යනු නිවාස කුලිය වැඩිම ස්ථානය වන අතර නිවාස කුලිය අඩුම නගර ලැයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ මෙල්බර්න් නගරයයි.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස කුලිය දැරිය හැකි වීම තියුණු ලෙස අඩු වී ඇති අතර, දැන් එය , පවුලක ආදායමෙන් සියයට 29 ක් පමණ වේ.
සෑම ප්‍රාන්තයකම සිටින ඔස්ට්‍රේලියානුවන් සඳහා නිවාස කුලිය වැඩි වීම නගරවල සිට ප්‍රාදේශීය ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වී ඇති අතර ක්‍රමයෙන් දරුණු අතට හැරෙමින් පවතී.
National Shelter සහ SGS Economics & Planning පදනම මගින් සිදුකළ වාර්ෂික නිවාස කුලී දත්ත විශ්ලේෂණය අනුව පසුගිය මාස 12 තුළ Canberra සහ Hobart හැර සෑම නගරයකම නිවාස කුලිය දරා ගැනීමේ හැකියාව පහත වැටී ඇත.
රටපුරා නිවාස කුලිය දරා ගැනීමේ හැකියාව අවම මට්ටමකට පහත වැටීමත් සමඟ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ වල කුලී නිවැසියන් දැඩි ලෙස පීඩාවට පත් වී තිබේ.
Sunshine ප්‍රදේශයේ කුලී නිවැසියන් මේ වන විටත් rental stress හෙවත් නිවාස කුලිය නිසා ඇති වන ආතතිය සඳහා සම්මත සීමාව ලෙස සලකන පවුලේ ආදායමෙන් 30%ක් නිවාස කුලිය සඳහා ගෙවමින් සිටී.
මේ අතර, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස කුලිය දරා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් තියුනුම පහත වැටීම සිදුව ඇති අතර, මේ වන විට ඔවුන් පවුලක ආදායමෙන් 29%ක් නිවාස කුලිය සඳහා ගෙවනු ලබයි. එමෙන්ම ඔස්ට්‍රේලියාවේ නිවාස කුලිය දැරිය නොහැකි ප්‍රදේශ සඳහා තැපැල් කේත දහයෙන් හයක් නිව් සවුත් ප්‍රාන්තයේ පිහිටා තිබේ.
රට පුරා විවිධ පවුල් වලට දැරිය හැකි නිවාස කුලිය පිළිබඳව ද මෙම දත්ත පෙන්වා දී තිබේ.
JobSeeker ගෙවීම් ලබන තනි පුද්ගලයින්ට කිසිදු ප්‍රාන්තයක හෝ ටෙරිටරියක ප්‍රධාන නගර වල නිවාස කුලියට ගැනීමට නොහැකි වේ. ප්‍රධාන නගරයක එක් නිදන කාමරයක් සහිත නිවසක් කුලියට ගැනීම සඳහා ඔවුන්ගේ ආදායමෙන් 75%ක් අවශ්‍ය වන අතර නිවාස කුලිය අඩුම ප්‍රාදේශීය ප්‍රදේශවල දී ඒ සඳහා ආදායමෙන් 53%ක් අවශ්‍ය වේ.
හොබාර්ට් සහ ඇඩිලේඩ් යන නගර හැරුණු විට ප්‍රධාන නගරයක නිවසක් කුලියට ගැනීමට තනි ආදායමක් ඇති විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ ආදායමෙන් අවම වශයෙන් 50% ක් අවශ්‍ය වී තිබේ.
මෙම දත්ත වලට අනුව, ප්‍රධාන නගරයක නිවසක් කුලියය ගැනීමට පවුලේ මුළු ආදායමෙන් අඩුම ප්‍රමණයක් වියදම් කරන්නේ
දරුවන් සිටින ද්විත්ව ආදායම් ලබන යුවලක් විසිනි.

Watch this image to see how housing affordability in your state capital compares to other major cities and the ACT. Source: SBS
ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි වල නිවාස කුලිය
නිව් සවුත් වේල්ස්
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම මිල අධික කුලී නිවාස ඇති ප්‍රදේශ හයක් නැතිනම් තැපැල් කේතයන් හයක් සිඩ්නි නුවර පිහිටා ඇති අතර, 2017 වසරේ සිට නිවාස කුලිය දරා ගැනීමේ හැකියාව අඩුම ප්‍රාන්තය වන්නේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි. සියලු නගර වල මෙන්ම අභ්‍යන්තර ප්‍රදේශ වල ද නිවාස කුලිය දැරිය නොහැකි හෝ අතිශයින් දැරිය නොහැකි ලෙස සලකනු ලැබේ.
නිව් සවුත් වේල්ස්හි දැරිය නොහැකිම නිවාස කුලිය සහිත ප්‍රදේශ වන්නේ Seaforth, Northbridge, Belrose, Frenchs Forest, Warriewood සහ Avalon/Bilgola වේ.
දැරිය හැකි කුලියක් සහිත සාමාන්‍ය නිවසක් සොයා ගැනීමට නම් නගරයේ සිට කිලෝමීටර් 15-20ක් දුරින් ජීවත් විය යුතුය.
කුලිය ගෙවීමට ඔවුන්ගේ ආදායමෙන් 137%ක් අවශ්‍ය වන බැවින් JobSeeker ගෙවීම් හෝ තනි ආදායම් ලබන පවුල්වලට නිව් සවුත් වනිවසක් ලබා ගත නොහැකි වී තිබේ.
වෙරළ තීරයේ ප්‍රදේශ වල මෙන්ම Bathurst, Maitland සහ Waggga Wagga වැනි ප්‍රදේශ වලද නිවාස කුලී පීඩනය වැඩි වශයෙන් දැනෙන අතර, ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශවල නිවාස කුලිය ද දැරිය නොහැකි යැයි සලකනු ලැබේ.
වික්ටෝරියා
පසුගිය මාස 12 තුළ නිවාස කුලිය සියයට 16 කින් ඉහළ ගියද, ඕස්ට්‍රේලියාව පුරා නිවාස කුලිය වඩාත්ම දැරිය හැකි අගනුවර වන්නේ මෙල්බර්න් නුවරයි.
Melbourne CBD සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි නිවාස වල කුලී මිල දැරිය හැකි යැයි සලකනු ලබන අතර, Brighton, Hampton සහ Beaumaris වැනි වෙරළබඩ තදාසන්න ප්‍රදේශ නිවාස කුලිය දැරිය හැකි බව අඩුම ප්‍රදේශ ලෙස පවතී.
වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශ පුරා, නිවාස කුලිය දැරිය හැකි බව පහත වැටී ඇත. කොවිඩ් වසංගතයෙන් පසු Torquay සහ Apollo Bay යන ප්‍රදේශ වල දැඩි ලෙස නිවාස කුලිය දැරිය නොහැකි තත්ත්වයට පත්ව ඇති අතර, Kerang, Nhil සහ Numurka යන ප්‍රදේශ නිවසක් කුලියට ගැනීමට හොඳම ස්ථාන වේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
ග්‍රේටර් බ්‍රිස්බේන් ප්‍රදේශය සහ බොහෝ තදාසන්න ප්‍රදේශ වල දැරිය හැකි මිලකට නිවසක් කුලියට ලබා ගත නොහැකි වේ.
Woodford, Rosewood, Sandstone Point and Caboolture ඇතුළු නගරයෙන් පිටත ප්‍රදේශ වල දැරිය හැකි මිලකට නිවසක් කුලියට ගැනීමට ඇති හැකියාව 20%කින් පහත වැටී තිබේ.
නිවාස කුලිය, පවුලක ආදායමේ අනුපාතයක් ලෙස ගත් නිවසක් කුලියට ගැනීමට වඩාත්ම දැරිය නොහැකිම ස්ථානය වන්නේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයි. මෙයට හේතුව වන්නේ නිවාස කුලිය බ්‍රිස්බේන් නගරයට සමාන වුණත් එම ප්‍රදේශ වල වැටුප් අඩු වීමයි.
Tewantin, Cooroy සහ Noosa Heads යන ප්‍රදේශ සියල්ලේම නිවාස කුලිය දරාගත නොහැකි තරම් ඉහළ ගොස් ඇති අතර Eumundi ප්‍රදේශය රටේ වැඩිම නිවාස කුලිය සහිත ප්‍රදේශ 10 අතර වේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
දකුණු ඔස්ට්‍රේලියාවේ CBD ප්‍රදේශයට යාබද Bellevue Heights සිට Gillman දක්වා ප්‍රදේශයේ මීට පෙර දැරිය හැකි මිලකට නිවසක් කුලියට ගැනීමට හැකි විය. මේ වන විට එම ප්‍රදේශයේ
දැරිය හැකි මිලකට කුලී නිවසක් සොයා ගැනීමට හැකි නොවේ.
බොහෝ කුලී නිවැසියන්ට දැරිය හැකි මිලකට කුලී නිවසක් සොයා ගැනීමට CBD සිට කිලෝමීටර් 30 ක් එපිටට යාමට සිදු වේ.
පසුගිය වසර තුළ මෙම ප්‍රාන්තයේ කලාපවල නිවාස කුලිය 12.9%කින් ඉහළ ගිය නමුත් මෙම ප්‍රදේශ වල තවමත් රටේ ඕනෑම තැනක ඇති ලාභම මධ්‍යන්‍ය නිවාස කුලිය වාර්තා වේ.
බටහිර ඔස්ට්‍රේලියාව
ග්‍රේටර් පර්ත් ප්‍රදේශයේ නිවාස කුලිය 2020 වසරේ මැද භාගයේ සිට 52.4 % කින් ඉහළ ගොස් ඇති අතර, 2016 වසරේ සිට ප්‍රථම වතාවට මෙම ප්‍රදේශයේ නිවාස කුලිය මධ්‍යස්ථ ලෙස දැරිය නොහැකි මට්ටමකට ළඟා වී ඇති බව වාර්තා වේ. ඇතැම් තදාසන්න ප්‍රදේශ තවමත් CBD ප්‍රදේශයේ සහ එහි සිට උතුරට වන්නට පිහිටි Marangaroo ප්‍රදේශයේ පිළිගත හැකි මට්ටමේ කුලියකට නිවසක් සොයා ගත හැකිය.
දකුණු ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාදේශීය ප්‍රදේශ වල ඉතාම අඩු මිලකට කුලී නිවසක් ලබා ගත හැකි නමුත් ප්‍රාදේශීය මධ්‍යස්ථාන සහ දුරස්ථ ප්‍රදේශ අතර නිවාස කුලියේ සැලකිය යුතු වෙනසක් තිබේ.
ටස්මේනියාව
ටස්මේනියානු ප්‍රාන්තයේ Apple Isle හි මධ්‍ය කුලී අනුපාතය 2016 වසරේ සිට මේ දක්වා 60%කින් වර්ධනය වී ඇත. Hobart නගරයේ සාමාන්‍ය කුලී නිවසක ආදායම මෙල්බර්න් වලට වඩා සියයට 21 කින් අඩු වුවද, Hobart හි නිවාස කුලිය මේ වන විට මෙල්බර්න් හා සමාන වේ.
ග්‍රේටර් හොබාර්ට් යනු රට පුරා නිවාස කුලිය දැරිය හැකි වීම වැඩි වී ඇති කලාප දෙකෙන් එකකි.
කෙසේ වෙතත්, ටස්මේනියා ප්‍රාන්තයේ කලාපීය ප්‍රදේශවල නිවාස දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි මට්ටමක පවතී. සහ ඩෙවොන්පෝට් හැර, වඩාත්ම දැරිය හැකි ප්‍රදේශ වන්නේ ප්‍රාන්තයේ වයඹ දෙසිනි.