Key Points
- මේ වසර අවසාන වන විට Bunnings විසින් කෘතිමව සකසන ලද පාෂාණ විකිණීම අවසන් කරන බව පසුගියදා නිවේදනය කරනු ලැබීය.
එය අනුගමනය කරමින් IKEA Australia විසින්ද කෘතිමව සකසන ලද පාෂාණ විකිණීම ක්‍රමානුකූලව ඉවත් කිරීම ආරම්භ කරනු ඇත. - මෙම ජනප්‍රිය මුළුතැන්ගෙයි බෙන්ච්ටොප් සාදන ද්‍රව්‍ය පෙනහළු ආශ්‍රිත රෝගයක් වන සිලිකොසිස් සෑදීමට බලපායි.
- මෙයින් අගතියට පත් වන කම්කරුවන් ලක්ෂ 6ක් ආරක්ෂා කිරීම සඳහා එහි භාවිතය තහනම් කරන ලෙස රට පුරා ඉල්ලීම් ලැබෙමින් තිබේ.
IKEA හි ඕස්ට්‍රේලියානු ශාඛාව විසින් Hardware වෙළදාමේ දැවැන්තයෙකු වන Bunnings අනුගමනය කරමින් එහි ඇති IKEA නිෂ්පාදනවල දී යොදා ගන්නා කෘතිමව සකසන ලද පාෂාණ භාවිතය ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගනු ලබයි.
ඒ පෙනහළු රෝග වලින් කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා මෙම ද්‍රව්‍ය තහනම් කරන ලෙස රට පුරා සිදු කරන ඉල්ලීම් වලට ප්‍රතිචාරයක් වශයෙනි.
ඔස්ට්‍රේලියානු රජය විසින් මේ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමටත් පෙර IKEA විසින් දේශීය නිෂ්පාදන පරාසයෙන් මෙම සිලිකා අඩංගු කෘතිමව සකසන ලද පාෂාණ ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බව IKEA හි ප්‍රධාන විධායක නිලධාරී Mirja Viinanen SBS ප්‍රවෘත්ති වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.
.

Ikea executives in France are under investigation for allegedly spying on staff and customers. (AAP)
සිලිකා අඩංගු මෙම කෘතිමව සකසන ලද පාෂාණ භාවිතය මේ තරම් භයානක ඇයි?
කෘතිමව සකසන ලද පාෂාණ, ගඩොල්, උළු, කොන්ක්‍රීට් සහ සමහර ප්ලාස්ටික් ද්‍රව්‍ය වැනි සිලිකා අධික ද්‍රව්‍ය කැඩීම, තලා දැමීම, ඇඹරීම වැනි කටයුතු වලදී කම්කරුවන් සිලිකා දූවිලි වලට නිරාවරණය විය හැකිය.
මෙම සිලිකා දූවිලි අංශු වාතයට මුදා හැරෙන අතර, ඒවා ආශ්වාස කළහොත්, සිලිකොසිස් ලෙස හඳුන්වන පෙනහළු හානියට හේතු විය හැකි වන අතර ඉන් මාරාන්තික ප්‍රතිවිපාක ඇති විය හැක.
ඔස්ට්‍රේලියාවේ පතල් කැණීම්, ගොඩනැගිලි සහ ඉදිකිරීම්, උමං මාර්ග සහ නිෂ්පාදන වැනි අංශවල වැඩ කරන කම්කරුවන් 600,000 කට වැඩි පිරිසක් ඉහළ සිලිකා අන්තර්ගතයක් සහිත ද්‍රව්‍යවලට නිරාවරණය වේ.
සිලිකා අඩංගු කෘතිමව සකසන ලද පාෂාණ තහනම සඳහා රට පුරා ඉල්ලීම්
ඉහළ සිලිකා ප්‍රමාණයක් ඇති මෙම විශේෂයෙන් සකසන ලද පාෂාණමය අමුද්‍රව්‍ය භාවිතය තහනම් කිරීමේ නීති සම්පාදනය සඳහා රටපුරා ඉල්ලීම් ලැබෙමින් තිබේ.
මෙවැනි නිෂ්පාදන භාවිතා කරන කම්කරුවන් සිලිකා දූවිලි ඉහළ මට්ටමකට නිරාවරණය වීමෙන් ඇති වන අන්තරාය පිළිගත නොහැකි මට්ටමක් වන බව පසු ගිය ඔක්තෝම්බර් මාසයේදී Safework Australia විසින් පෙන්වා දෙනු ලැබීය.
IKEA විසින් මෙම ගැටළුව නිරීක්ෂණය කර ඇති අතර මෙම තීරණය සඳහා මෑතකදී සිදු කළ විශ්ලේෂණයන් සහ Safe Work Australia හි නිර්දේශ සැලකිල්ලට ගත් බව එහි ප්‍රධාන විධායක නිලධාරී Mirja Viinanen පැවසීය.
එම නිර්දේශයන් සැලකිල්ලට ගනිමින් මෙම සිලිකා අඩංගු පාෂාණමය අමුද්‍රව්‍ය තහනම සඳහා ජාතික ප්‍රවේශයක් පිළිබඳව එකඟ වීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන්ට තවමත් නොහැකි වී තිබේ.
මේ පිළිබඳව දෙසැම්බර් මැද භාගයේ පැවැත්වීමට නියමිත රැස්වීමේ දී අනෙකුත් ප්‍රාන්ත එකඟතාවකට පැමිණෙන්නේ නැතිනම් NSW ප්‍රාන්තය විසින් කෘතිමව සකසන ලද පාෂාණ පිළිබඳ සිය තහනම ඉදිරියට ගෙන යන බවට තර්ජනය කොට තිබේ.
මෙම පාෂාණ යොදා ගන්නා බෙන්ච් ටොප් IKEA නිෂ්පාදන පරාසයේ එක් කොටසක් පමණක් වන අතර ඊට බොහෝ විකල්ප ද්‍රව්‍ය ඔවුන් සතුව තිබේ.
තම නිෂ්පාදනවල මෙම ජනප්‍රිය බෙන්ච්ටොප් අමුද්‍රව්‍ය වන කෘතිමව සකසන ලද පාෂාණ එළඹෙන දෙසැම්බර් 31 සිට විකිණීම නවත්වන බව Bunnings විසින් පසුගිය අඟහරුවාදා නිවේදනය කළේය.

Credit: Lalit Mittal
ඉදිකිරීම්, වන විද්‍යා, සමුද්‍ර, පතල් කැණීම් සහ බලශක්ති සංගමය (CFMEU)විසින් Bunnings අනුගමනය කළ ක්‍රියාමාර්ගයම අනුගමනය කරන ලෙස IKEA වෙතින් කළ ඉල්ලීමකට අනුව IKEA විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.
IKEA විසින් සිය සමාජ වගකීම පිළිබඳ විශාල වශයෙන් කතා කරන නමුත් ඔස්ට්‍රේලියානුවන් මරා දමන benchtop වලින් එහි රාක්ක පුරවා ඇති බව CFMEU ජාතික ලේකම් Zach Smith පසුගිය අඟහරුවාදා පැවසීය.