Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තාවකාලික පුහුණු සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ PR ගැනීම පහසු කරන නවතම වීසා වෙනස්කම් මෙන්න

Australian PR System

A simpler and clearer pathway to permanent residency for temporary visa holders in Australia Source: Getty / Getty Images

තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා සරල සහ පැහැදිලි මාර්ගයක් සැපයීමේ අරමුණින් 2023 නොවැම්බර් 25 වෙනිදා සිට ඔස්ට්‍රේලියාවේ වීසා ධාරාවන් දෙකක වෙනස්කම් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ.


Published

Updated

By Athini Amarasiri

Source: SBS




Share this with family and friends


තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා සරල සහ පැහැදිලි මාර්ගයක් සැපයීමේ අරමුණින් 2023 නොවැම්බර් 25 වෙනිදා සිට ඔස්ට්‍රේලියාවේ වීසා ධාරාවන් දෙකක වෙනස්කම් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ.


තාවකාලික වීසා අනුග්‍රාහකත්වය මත සිටිනතාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා සරල සහ පැහැදිලි මාර්ගයක් සැපයීමේ අරමුණින් 2023 නොවැම්බර් 25 වෙනිදා සිට ඔස්ට්‍රේලියාවේ වීසා ධාරාවන් දෙකක වෙනස්කම් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු රජය සූදානම් වේ.

Temporary Skill Shortage (TSS) වීසා හෙවත් 482 වීසා කාණ්ඩයේ සහ employer-nomination 186 වීසා යෝජනා ක්‍රමයේ තාවකාලික වීසා ධාරාවේ (TRT) මෙම වෙනස්කම් සිදු කරනු ඇත.

වීසා නියාමන රෙගුලාසි වලට යටත්ව මෙම වෙන්ස්කම් සිදුවනු ඇත.

මෙම වෙනස්කම් මගින් සේවා යෝජකයන්ට සහ TSS වීසා බලපත්‍රලාභීන්ට වීසා තත්වය පිළිබඳව වඩාත් නිශ්චිතභාවයක් ලබා දෙන අතර ඔස්ට්‍රේලියාවට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයින් ආකර්ෂණය කර ගැනීම සහ රඳවා තබා ගැනීම මෙමගින් සහතික කෙරේ.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store 

හෝ Google Play 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

තාවකාලික නිපුණතා හිඟය හෙවත් 482 වීසා කාණ්ඩය

2023 නොවැම්බර් 25 සිට තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාව තුළ අයදුම් කළ හැකි Short term ප්‍රවාහයේ වීසා ඉල්ලුම්පත්‍ර ගණනේ සීමාව ඉවත් කිරීමට රජය සැලසුම් කරයි.

මෙම වෙනස 2023 නොවැම්බර් 25 දින හෝ ඊට පසුව අයදුම් කරන නව Temporary Skill Shortage (TSS) වීසා අයදුම්පත් සඳහා බල පැවැත් වේ.

ඒ අනුව, 2023 නොවැම්බර් 25 ට පෙර කල් ඉකුත් වන තාවකාලික වීසා බලපත්‍ර සහිත TSS වීසාලාභීන්ට ඔවුන්ගේ තුන්වන Short term ප්‍රවාහයේ TSS වීසා අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රේලියාවෙන් පිටත් ව යාමට සිදු වනු ඇත.

Employer nomination යෝජනා ක්‍රමයේ (subclass 186) Temporary Residence Transition (TRT)වීසා ධාරාව

TRT වීසා ධාරාවේ අවශ්‍යතා සඳහා සැලසුම් කර ඇති වෙනස්කම් පහත පරිදි වේ.

කෙටි කාලීන වීසා සහ කම්කරු ගිවිසුම් ප්‍රවාහය ඇතුළුව සියලුම තාවකාලික වීසා ධාරාවන් වල වීසාලාභීන් නම් කිරීමට සේවා යෝජකයන්ට අවසර දීම.

තාවකාලික වීසා ප්‍රවාහයේ නම් කරන ලද වෘත්තීන් නිපුණතා සංක්‍රමණ රැකියා ලැයිස්තුවට ( skilled migration occupation list) එරෙහිව තක්සේරු කිරීම සඳහා ඇති අවශ්‍යතාවය ඉවත් කිරීම.

නමුත් සේවා යෝජකයා විසින් නම් කරන ලද රැකියාව ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත ප්‍රමිති වර්ගීකරණයේ (ANZSCO) ලැයිස්තුවේ තිබීමට අවශ්‍ය වන අතර නම් කරන ලද සේවකයා විසින් ඔවුන්ගේ තාවකාලික වීසා බලපත්‍රය සඳහා නම් කරන ලද රැකියාවේ දිගටම රැදී සිටීමට අවශ්‍ය වීම.

සේවා යෝජකයෙකු විසින් තාවකාලික වීසා බලපත්‍රලාභියෙකු ඔස්ට්‍රේලියාවේ තාවකාලික පදිංචිය සඳහා නම් කිරීමට සුදුසුකම් ලැබීමට ඔහු හෝ ඇය විසින් අදාළ රැකියාවේ හෝ තනතුරේ වැඩ කළ යුතු කාලය වසර තුනේ සිට දෙක දක්වා අඩු කිරීම.

Employer nomination සහ regional sponsored සංක්‍රමණ වීසා යෝජනා ක්‍රමයේ නව අයදුම්පත් සහ 2023 නොවැම්බර් 25 දිනට අවසන් වශයෙන් තීරණය කිරීමට නියමිත අයදුම්පත් සඳහා Temporary Residence Transition වීසා ධාරාවේ සිදු කෙරෙන මෙම නව වෙනස්කම් අදාළ වේ.

Temporary Residence Transition වීසා ප්‍රවාහය සඳහා සැලසුම් කර ඇති වෙනස්කම් වන්නේ,

ප්‍රාදේශීය වෛද්‍ය වෘත්තික අයදුම්කරුවන් සහ අවුරුදු 45 සහ ඊට වැඩි ඉහළ ආදායම් ලබන අයදුම්කරුවන් සඳහා අවුරුදු දෙකක වීසා මාර්ගයක් සඳහා ඇති වයස් සීමාව ඉවත් කිරීම.

2023 වසරේ රජයේ සංක්‍රමණ උපායමාර්ගය පිළිබඳව සිදු කළ සමාලෝචනයේ සොයාගැනීම් වලට ප්‍රතිචාර වශයෙන් රජය විසින් පුහුණු වීසා වැඩසටහන් ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩව කටයුතු කරන අතර තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා ස්ථිර පදිංචියට වඩාත් සාධාරණ ප්‍රවේශයක් ලබා දීමේ පළමු පියවර මෙම වෙනස්කම් වේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now