කොරෝනා ආසාදිතයින් ඉහළ යාම නිසා මැයි 25 සිට මෙල්බර්න් නුවරට යළිත් කොරෝනා නීති (SBS සිංහල/ වාර්තා)

අද (25/05) පස්වරු 6 සිට වික්ටෝරියානු ප්‍රාන්තයට යළිත් කොරෝනා නීති කිහිපයක් පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

A commuter is seen wearing a face mask while using public transport in Melbourne, Monday, May 24, 2021.

A commuter is seen wearing a face mask while using public transport in Melbourne, Monday, May 24, 2021. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් තවත් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගනියි.

පසුගිය පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ 14,892 ක් සිදුකළ බවත් මෙම ආසාදිතයා එහිදී හඳුනාගත් බවත් වාර්තා වේ.


Highlights

  • ඊයේ සිට මේ දක්වා මෙල්බර්න් නුවර ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇත.
  • අද පස්වරු 6 සිට මෙල්බර්න් නුවර නිවසක රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 5 ක් දක්වා සීමා කර ඇති අතර පොදු රැස්වීම් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 30 දක්වා සීමා කර තිබේ.
  • වයස අවුරුදු 12  සහ ඊට වැඩි පුද්ගලයින් සියලු දෙනා නිවසින් බැහැරව යන විට මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.

මෙල්බර්න් නුවරට යළිත් කොරෝනා නීති

අද (25/05) පස්වරු 6 සිට මෙල්බර්න් නුවරට යළිත් කොරෝනා නීති කිහිපයක් පැනවීමට ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.

ඒ අනුව අද පස්වරු 6 සිට නිවසක රැස්විය හැකි උපරිම පුද්ගල සංඛ්‍යාව 5 ක් දක්වා සීමා කර ඇති අතර පොදු රැස්වීම් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 30 දක්වා සීමා කර තිබේ.

මේ අතර අවසර ලත් හේතුවක් නැතිනම් වයස අවුරුදු 12  සහ ඊට වැඩි පුද්ගලයින් සියලු දෙනා නිවසින් බැහැරව යන විට මුව ආවරණයක් පැළඳීම අනිවාර්ය වේ.

මෙම නව කොරෝනා නීති මහජන සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව පැනවූ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino ප්‍රකාශ කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අලුතින් හමුවූ ආසදිතයා ද ඊයේ උතුරු මෙල්බර්න් නුවරින් වාර්තා වූ ආසාදිතයින් සිව් දෙනාගෙන් එක් අයෙකු හට සම්බන්ධ බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.

නවතම නීති හමුවේ වුවද පාසල් සහ රැකියා ස්ථාන වසා නොදමන බවත් Greater Melbourne වැසියන්ට තවමත් වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වෙත සංචාරය කිරීමට හැකි බවත් සඳහන්.

කෙසේනමුත් lockdown කිරීමක් පිළිබඳව මෙතෙක් අවධානය යොමු කර නැති බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි.

ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව යාවත්කාලීන කෙරේ

මෙල්බර්න් නුවරින් වාර්තා වූ ආසාදිතයින් ආ ගිය ස්ථාන ලැයිස්තුව යාවත්කාලීන කර ඇති බව වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.

එම සම්පූර්ණ ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.

එහි ඇති  "tier one" ස්ථාන වලට අදාළ වේලාවල් වලදී ගොස් ඇති පුද්ගලයින් සිටී නම් ඔවුන් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතුය.

ඉදිරි දින කිහිපය තුළ මෙම ලැයිස්තුවේ ස්ථාන ගණන වැඩි විය හැකි යැයි වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino ප්‍රකාශ කළේය.

අලුත් ආසාදිතයින්ට වයිරසය වැළඳුනු අයුරු සොයාගැනේ

ඊයේ උතුරු මෙල්බර්න් නුවරින් වාර්තා වූ ආසාදිතයින් සිව් දෙනා සහ අද පෙරවරුවේ වාර්තා වූ ආසාදිතයා සමග මේ දක්වා මෙල්බර්න් නුවර ප්‍රජාව අතරින් අලුතින් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වී ඇත.

ඊයේ උතුරු මෙල්බර්න් නුවරින් වාර්තා වූ ආසාදිතයින් සිව් දෙනා අතරට නිවෙස් තුනක පදිංචි වයස අවුරුදු 30 ක පිරිමි පුද්ගලයෙකු, වයස අවුරුදු 70 ක පිරිමි පුද්ගලයෙකු, වයස අවුරුදු 70 ක කාන්තාවක් සහ පෙර පාසල් වියේ ළමයෙකු ඇතුළත් වේ.

ඇඩිලේඩ් නුවර දින 14 ක් නිරෝධායනය වී මෙල්බර්න් නුවර තම නිවසට පැමිණි වික්ටෝරියානු වැසියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිදුවීමක්  මේ මස මුලදී වාර්තා විය.

එම ආසාදිතයා ආ ගිය ස්ථාන වලට ඊයේ වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනා ගොස් ඇති බවට ඔවුන්ගේ ජානමය අනුක්‍රමණය තහවුරු කර ඇති බවද වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසීය.


Share

3 min read

Published

Updated

By Evan Young, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now