තමිල්නාඩුවම කළඹවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ශෂිකලා නටරාජන්ට සිව් වසරක සිර දඬුවම් නියම කරයි.

Sasikala convicted of corruption, jailed for 4 years.

Source: NDTV

තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන් හට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14/02) සිව් වසරක සිර දඩුවමක් නියම කරන ලදී.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් වන චෝදනාවලට ඇයව වරදකාරිය කරමින්,  ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව දී තිබේ.

ශෂිකලාට අමතරව තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරිය වූ ජයලලිතා ජයරාම්, සුදාහරන් හා ඉරවරසි යන තිදෙනා ද ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරුවන් ලෙස නම් කර ඇති අතර ජයලලිතා ජයරාම් ජීවතුන් අතර නොමැති හෙයින් සෙසු තිදෙනාට  සති 4 ක් ඇතුළත අධිකරණයට භාර වන ලෙස නියෝග කර තිබේ. 

මෙම තීන්දුවත් සමඟ ශෂිකලා නටරාජන් හට තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමට අවස්ථාවක් නොමැති අතර, වසර 10ක් ගතවන තෙක් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ද අවස්ථාව හිමි නොවන බවද සඳහන්.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: NDTV

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
තමිල්නාඩුවම කළඹවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ශෂිකලා නටරාජන්ට සිව් වසරක සිර දඬුවම් නියම කරයි. | SBS Sinhala