SKIP TO MAIN CONTENT

තමිල්නාඩුවම කළඹවමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ශෂිකලා නටරාජන්ට සිව් වසරක සිර දඬුවම් නියම කරයි.

Sasikala convicted of corruption, jailed for 4 years.
Source: NDTV

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: NDTV



Skip to article content

තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමති ධුරය අපේක්ෂාවෙන් සිටින ශෂිකලා නටරාජන් හට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (14/02) සිව් වසරක සිර දඩුවමක් නියම කරන ලදී.

අයථා ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් වන චෝදනාවලට ඇයව වරදකාරිය කරමින්,  ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව දී තිබේ.

ශෂිකලාට අමතරව තමිල්නාඩු හිටපු ප්‍රධාන අමාත්‍යවරිය වූ ජයලලිතා ජයරාම්, සුදාහරන් හා ඉරවරසි යන තිදෙනා ද ශ්‍රේෂ්ඨාධිකරණය වැරදිකරුවන් ලෙස නම් කර ඇති අතර ජයලලිතා ජයරාම් ජීවතුන් අතර නොමැති හෙයින් සෙසු තිදෙනාට  සති 4 ක් ඇතුළත අධිකරණයට භාර වන ලෙස නියෝග කර තිබේ. 

මෙම තීන්දුවත් සමඟ ශෂිකලා නටරාජන් හට තමිල්නාඩු මහඇමති ධුරයට පත්වීමට අවස්ථාවක් නොමැති අතර, වසර 10ක් ගතවන තෙක් මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට ද අවස්ථාව හිමි නොවන බවද සඳහන්.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now